මතකනේ පසුගිය කොටයින් කතාවේ හිටපු තවත් පරණ චරිතයක් සමුගත්තා. ඒ වගේම ගිය සතියේ කිව්වා වගේ කාර්ලා වැලරිගේ චරිතය මෙවර කතාසමයේ දක්නට ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට කැතරිනා බොල්ඩියු නම් බුද්ධි අංශ නිළධාරිනියක් ෆ්රෑන්ක් මාටින්ගේ උදව්වට ඉන්නවා.(කැතරිනා ඇරෝ කතාමාලාවේ තීයා ක්වීන් වගේ නේද ලාවට වගේ) කොහොම හරි අද කතාව පටන් ගද්දි ෆැරැන්ගේ අතිත කතාවක් පෙන්වනවා.ඒ හමුදාවේ හිටියදි සිදුවුන සිදුවිමක්. ඒ සිදුවිම කතාවට අදාල වෙන්නේ කොහොමද කියලා කතාව බලද්දි තේරෙව්. කොහොම හරි ෆැරැන්ගේ රොබ් කියලා යාළුවෙක් ලිබියාවට ගිහින් තියනවා පරික්ෂනයකට නමුත් ඔහු එකපාරටම අතුරුදහන් වෙලා. ෆැරැන්ක් මේ පාර තමන්ගේ යාළුවා හොයාගන්න හදන්නේ. එහෙනම් ක්‍රියාදාම අඩුනැතුව පිරුණ මේ කතාවත් අරගෙන බලන්න කියලා ඉල්ලමින් ඊලඟ කොටසින් හමුවෙමු.
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.