
ඔන්න තවත් දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් හොදට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වගේම යාළුකම ගැන හොද කතාවකුත් තියන චිත්‍රපටියක්. 2014 පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටිය
තිරඟත විම ඇරඔුවේ වැඩි කතාවක් නැතුව චිත්‍රපටිය ගැන කියන්නම් සිවා (M. Sasikumar) සහා කුමාර් (Naveen Chandra) කියන්නේ අඔ යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නාම චිත්‍රපටි පිස්සෝ.මේ අයගේ ගමේ සිනමා ශාලාවක් නැහැ. ඉතින් මේ දෙන්නා කරන්නේ අල්ලපු ගමේ තියන සිනමා ශාලාවේ තියන චිත්‍රපටි පිටපත් හොරකම් කරලා උස්සගෙන එන එක. ඇවිත් එවා පුංචි තියටර් එකක් හදාගෙන බලනවා. මේ දෙන්නාම හිතනවා කවදා හරි එයාලා ගමෙත් සිනමා ශාලාවක් විවෘත කරනවා කියලා. කාලය ගෙවිලා යනවා. කුමාර් ගමෙන් යන්න යනවා. සිවා ගමේ ඉදලා කොහොම හරි ෆිල්ම් හොල් එකක් දානවා. ශිවාට මේ වැඩේ කරගෙන යන්න ඉන්න හොදම යාළුවා තමයි නන්දු (Santhanam) කොහොම හරි ෆිල්ම් හොල් එක දාපු පලවෙනි දවසේම රජනි කාන්ත් ගේ අලුත්ම චිත්‍රපටියක් පෙන්වනවා කියලා පරණ චිත්‍රපටියක් පෙන්නලා මිනිස්සුන්ගෙන් නොසැහෙන්න බැනුම් අහනවා. මේ දෙන්නාට මේ ෆිල්ම් හොල් එක නිසා වෙන වැඩ බලන්න වටිනවා. කොහොම හරි මෙහෙම ඉද්දි තමයි සිවාට ගයත්‍රිව අහම්බෙන් මෙන් මුණ ගැහෙන්නේ. දෙන්නා ආදරය කරන්න ගන්නවා. මේ ආදරේ නිසා හොදටම කටු කන්නේ මේයාගේ යාළුවා නන්දු.ශිවාට ගයත්‍රි ගේ ගෙදර අය කැමැති නැහැ ඔහු කරන රස්සාවත් එක්ක වගේම කිසිම දියුණුවක් නැති නිසා. මේ එක්කම සිවාට දැනගන්න ලැබෙනවා තමන්ගේ පොඩි කාලේ හොදම යාළුවා කුමාර් දැන් චිත්‍රපටි අධ්‍යකෂක කෙනෙක් වෙලා කියලා. තමන්ගේ සිනමා ශාලාවට අලුත්ම ෆිල්ම් එන්නේ නැති නිසා ශිවා යනවා තමන්ගේ පොඩි කාලේ යාළුවා කුමාර්ව මුණ ගැහෙන්න. ගොඩක් කාලේකින් දැකලා නැති නිසා කුමාර්ට ශිවාව අදුනගන්න පුලුවන් වෙන්නේ නෑ.ශිවා තමන්ගේ යාළුවාට ඒ බව කියන්නෙත් නෑ තමන් පොඩි කාලේ යාළුවා කියලා. කොහොම හරි කුමාර් පොරොන්දු වෙනවා ශිවා ගේ සිනමා ශාලාව දියුණු කරන්න උදව් කරන්න. මේ අතරේ කුමාර්ටත් ගයත්‍රිව මුණ ගැහුනාම ආදරයක් ඇතිවෙනවා. ශිවා කැමැතිත් ගයත්‍රිට දෙන්නාගෙන් කෙනෙක්ට මේ ආදරය අත හරින්න වෙනවා. එත් තවමත් කුමාර් දන්නේ නෑ ශිවා කියන්නේ තමන්ගේ පොඩි කාලේ යාළුවා කියලා.ආදරයද යාළුකාමද එතකොට මෙතැනින් එහාට කතාවේ මොනා වේවිද? අරගෙන බලන්න එහෙනම්.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න