Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Open Windows (2014) සිංහල උපසිරැසි සමඟ

$
0
0


මාස එකහාමාරක් විතර විරාමයක් අරන් තමයි ආපහු උපසිරැසි එකක් අරන් එන්නේ. පහුගිය දවස් ටිකේම වැඩ ගොඩයි.. තව සතියකින් වගේ පොඩි නිවාඩුවක් ලැබෙනවා නත්තලට ඉතින් නත්තල් මාසේට ෆිල්ම් ටිකක් අරගෙන එන්න බලමු. අදත් අරන් ආවේ Thriller ගණයට වැටෙන චිත්‍රපටියක්. මේක 2014 නිකුත් වුන අලුත්ම අලුත් චිත්‍රපටියක් වගේම මේකේ Bluray පිටපතක් නිකුත් උනේ දෙසැම්බර් 1 වැනිදා. ඉතින් අලුතින්ම ආපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නම් ඔයාලාට හොදට හුරු පුරුදු වේවි Lord of the Ring චිත්‍රපට මාලාව නරඔලා තියනවා නම්. එකේ ෆ්රෝඩෝ ගේ චරිතයට පණ පෙව්ව Elijah Wood රංඟනයෙන් දායක වෙනවා. ප්‍රධාන නිළිය Sasha Grey ඇය නිල් චිත්‍රපටිවලට කාලයක් රංඟනයෙන් දායක උන කෙනෙක්. දැන් හින්දි සිනමාව සනි ලියොන් ආක්‍රමනය කලා වගේ ඇය දැන් ඒ චිත්‍රපටි වලින් මිදිලා හොලිවුඩ් චිත්‍රපටිවලට ඇවිල්ලා තියනවා. මේ චිත්‍රපටියත් මම කලින් දුන්න Drive (2011) චිත්‍රපටිය වගේ පොඩි පොඩි දර්ශන කිහිපයක් නිසා වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් වෙලා තියනවා.

චිත්‍රපටියේ කතාව ගැන කියන්නම් කෝ. ඊට කලින් මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මේ චිත්‍රපටිය බලන්න හොදම ඔයාගේ පරිගනකයෙන් තමයි. මේ චිත්‍රපටිය බලද්දි තේරෙවි ඔයා පරිගනකයෙන් විඩියෝ එකක් ස්කයිප් කොල් එකක් අරන් ඉන්නවා වගේ හැගිමක්. ටිකක් වෙනස් ආකාරයට තමයි නිපදවලා තියෙන්නේ. චිත්‍රපටියේ කතාව කිව්වොත් නික් කියන්නේ අන්තර්ජාලයේ වෙබ් සයිට් එකක් පවත්වගෙන යන කෙනෙක්. අපේ HEDZ වගේ. නික් කැමැතිම නිළිය තමයි ජිල් ගොඩාර්ඩ් කියන්නේ. කොහොම හරි තරඟයකින් නික් දිනාගන්නවා ඇය සමඟ රාත්‍රි අහාර වෙලක් ලබා ගන්න අවස්ථාවක්. නික්ට මේක ඉහේ මලක් පිපුනා වගේ තමයි. කොහොම හරි නික් ආසාවෙන් ගිහින් හෝටලේ නවාතැන අරගෙන ඉද්දි නික්ට ලැබෙන ඇමතුමකින් කියවෙනවා මේ රාත්‍රි හමුව අවලංගු කලා කියලා. නික්ට මේකට ටිකක් හිත අවුල් වෙනවා.ඉතින් මේ අවස්ථාවෙන් ප්‍ර යෝජන ගන්න කොඩ් නැමැති පුද්ගලයෙක් නික් ලවා ජිල් කියන නිළියගේ පරිගනකය හැක් කරලා වගේම ඇයගේ කාමරේ කැමරා වලට යොමු වෙලා ඇයව නික් ගේ මාර්ගෙයන් බැල්ක්මේල් කරනවා. කොහොම හරි නික්ව මේ කොඩ් නැමැති පුද්ගලයා එක එක දේවල් කරලා බෙල්ල මුලටම හිරකරනවා. අවසානයේ කොඩ් කියන දේවල් නික්ට නොකර බැරි වෙනවා...මේ නිසා නික් ලොකු කරදරයක වගේම
ජිල් වත් මේ කරදරයේ පැටලෙනවා...තව කියන්න උවමනා නැහැ අරගෙනම බලන්නකෝ චිත්‍රපටිය...තව හොද චිත්‍රපටියක් එක්ක හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
675MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles