Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

She's on Duty (2005) සිංහල උපසිරැසි සමඟ (100th Subtittle)

$
0
0



මම ඔයාලට කාලෙකට පස්සෙ ඔන්න තව චිත්‍රපටියක් අරගෙන ආවා. ඒ වගේම අනිත් දේ තමයි මේ මගේ 100වෙනි උපසිරැසිය. මම නම් ඇත්තටම ටිකක් පසුතැවෙනවා මොකද අනිත් අය තරම් වේගෙන් මට උපසිරැසි 100කට එන්න බැරිවුනු එක ගැන. මට මේ උපසිරැසි දාන්න අවුරුදු දෙකක් විතර ගියා. කොහොමහරි, ඒ වෙනකන් මාත් එක්ක හිටපු හෙඩ්ස්, දිනූශ අයියා, සුපුන් වීරසිංහ අයියා, මගේ සබ් ගැන හොඳ විතරක්ම කියපු නිසල් ලක්ෂාන් අයියා, නවීන් රන්දික අයියා, ප්‍රසාද් ශ්‍රීමාල් අයියා, හිරාන් අයියා සහ අනිත් හැමෝටම ස්තූති කරනවා. මට මුල් කාලෙදි උපසිරැසි කරන එක ගොඩක් වතාවක් එපා වුනා මොකද මුල්ම දවස්වල කොරියන් බලන අය අඩු වුනු නිසා. ඒත් මේ අය නිසයි මට ඉවසගෙන දිගටම කරගෙන යන්න පුළුවන් වුනේ. මම සබ් දාන්න පටන්ගත්තු දවසෙ හිතාගත්ත දේ අද මම කරලා තියෙනවා. ඒ කොරියානු සබ් වලින් විතරක් උපසිරැසි 100ක් කරන්න. ඒක මං කළා. දැන් මම මගේ ඊළඟ ඉලක්කයට යනවා. ඒකටත් මට හැමෝගෙම සහය දෙන්න කියලා ඉල්ලනවා. දැන් කතාව ගැන පොඩ්ඩක් අහන්න.

මේ කතාව නම් ටිකක් පරණයි. ඒ වුනාට හරිම රසවත්. ඇත්තටම මේකෙදි වෙන්නෙ පොලිස් නිලධාරිනියක් ළමයෙක් විදියට වෙස් වලාගෙන මැර කල්ලියක හිටපු හොඳ පැත්තට හැරුනු කෙනෙකුගෙ දුවව ආරක්ෂා කරගන්න. ඒත් මෙයාට ඉවසීම, ඉගෙනීම කියන දේවල් ඇත්තෙම නෑ. මෙයා ඒ දුවව යාළු කරගන්න උත්සාහ කරන අතරෙ දැනගන්නවා ඒ ගෑණූළමයා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ එයා විතරක් නෙවෙයි කියලා. මේ කතාව යන්නෙ ඒ පරිසරය ඇතුලෙයි. තව ඔයාලා දන්නවනෙ අපි ඉස්කෝලෙ 11, 12 වෙනකොට පාවිච්චි කරන සුමිහරි වදන්? ඒ වගේ ඒවා ගොඩක් මේකෙ තිබුනා. ඒ හාස්‍ය අරගන්න. ඒත් ගොඩක් අයට මේක බලන්න ඕන නිසා මම පුළුවන් තරම් සභ්‍යත්වය රැකෙන්න කතාවටත් හානි නොවෙන්නයි උපසිරැසිය කළේ. එහෙනම් මේක අරගෙන බලන්නකො. මම මෙච්චර කල් දීපු උපසිරැසි වල තිබුනු වැරදිවලට සමාව ඉල්ලන ගමන් මෙතනින් පස්සෙ දෙන හැම උපසිරැසියක්ම හොඳින්ම දෙන්න මම උත්සාහ කරනවා. එහෙනම් තව උපසිරැසියකින් හම්බවෙමු.!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Link මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සචින් ප්‍රභාෂ් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles