Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Loukyam (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ටික දවසකට පස්සෙ අපි ඔයාලාව හමුවෙන්න ආවෙ තවත් සුපිරි තෙලුගු චිත්‍රපටයක් එක්ක, චිත්‍රපටයේ නළුවානම් ඔයාලා නොදැන ඉන්න විදියක් නෑ මොකද තෙලුගු සිනමාවෙ සුපිරි තරුවක් තමයි මෙයත්, චිත්‍රපටයේ විස්තර බලනවානම් Sriwass ගෙ අධ්‍යක්ශණයෙන් හැඩ ගැන්වුන මෙය තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2014 සැප්තැම්බර් 26 වෙනිදා, මෙහි නිශ්පාදනය සිදු කරලා තියෙන්නේ V Anand Prasad විසින්, මෙහි රංගනය වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා, මම කලින් කිව්වා වගේම මෙහි ප්‍රධාන නළුවා විදියට Sahasam 2013 චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Gopichand රංගනයෙන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට ‍yaariyan 2014, Yennamo Yedho 2014වගේ දමිළ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන Rakul Preet Singh දායක වෙලා තියෙනවා, සෙසු නළු නිළියන් විදියට Hamsa Nandini, Chandra Mohan, Brahmanandam වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි සමස්ථ ධාවන කාලය මිනිත්තු 149ක්, ඉන්දීය රුපියල් කෝටි 16.5ක වියදමක් දරා නිර්මාණය වුන මෙය මේ දක්වා තිරගත කාලසීමාව තුන බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා තබමින් ඉන්දීය රුපියල් කෝටි 52කට ආසන්න මුදලක් උපයාගන්න සමත්කම් දක්වලා තියෙනවා, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

.
වෙන්කී කියන්නේ හයිද්‍රාබාද් වල ජීවත් වෙන තරුණයෙක්, හයිද්‍රාබාද් වලම ඉන්න ඩොන් බායිජී කියන මැරයගෙ නංගි එක්ක යාලුවෙලා ඉන්නේ වෙන්කිගෙ යාලුවෙක්, හැබැයි ඒකට බායිජීගෙ කැමැත්තක් නෑ, මේ නිසා වෙන්කි එයාගෙ යාලුවට බායිජීගෙ නංගිව හොරෙන් විවාහ කරලා දෙනවා, මේකට බායිජී වෙන්කීගෙන් පලිගන්න බලාගෙන ඉන්නේ, හැබැයි ඒකට කලින් වෙන්කී හයිද්‍රාබාද් වලින් යන්න යනවා, මේ අතරෙදි තමයි වෙන්කීට චන්ද්‍රකාලාව හමුවෙන්නේ, මේ දෙන්නා ටිකෙන් ටික ආදරය කරන්න පටන් ගන්නවා, හැබැයි පස්සෙ ආරංචි වෙනවා චන්ද්‍රා කියන්නෙත් ඩොන් බායිජීගෙගෙ නංගි කෙනෙක් කියන එක, ඔන්න ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ, එහෙනම් වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඉදිරියේදි තවත් චිත්‍රපට අරන් එන පොරොන්දුවත් එක්ක අපි ගිහින් එන්නම් ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles