Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

යුධ කතා ප්‍රිය කරන ඔබ වෙනුවෙන් Wolf Warriors (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


මම ඔයාලට අද අරන් ආවේ සුපිරි ගණයේ චින යුධ චිත්‍රපටයක්. යුධ කථා වලට ආස අයට මේක හොඳ අත්දැකිමක් වෙයි කියලා මම හිතනවා. මේක අරන් එන එක මාස 2න් විතර පරක්කු වුනා පොඩි අකරතැබ්බයක් වෙච්ච නිසා. පරක්කු වෙලා හරි මම ඔන්න අරන් ආව. මෙය නිකුත් වුනේ මේ වසරේ අප්‍රේල් මාසයේදි චිනයේදි. මෙය අධ්යක්ෂණය කරලා තියෙන්නෙ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන Wu Jing විසින්. මිට අමතරව මෙහි අපි හැමෝම දන්න හොලිවුඩ් සුපිරි තරුවක් වෙන Scott Adkins, වගේම ජනප්‍රිය චින නිළියක් වෙන Yu Nan යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෛ චිත්‍රපටයේ සිදුවිම කෙටියෙව් කියනවා නම් ලෙං පෙං කියන්නේ චින විශේෂ බලකා සමාජිකයෙක් මෙයා යම් ක්‍රියාන්විතයකදි අණ පිළිපැදපු නැති නිසා මෙයාට දඬුවම් ලැබිලා නැවත වෘක රණකාමි නම් බළකායක් සමග එකතු වෙනවා. මෙයා මෛ බළකායේ සහභාගි වෙව පළමු පුහුණු ක්‍රියාන්විතය අතරතුර නොහිතපු විදියට මෙයාගේ කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙයින් මෙයාගේ කණ්ඩායම් සමාජිකයන් කිහිප දෙනෙක් මිය යනවා. ඉන් පසු ලෙං පෙං ඔහුගේ කණ්ඩායම් සමාජිකයන් ඝාතනය කරපු අය හඹා යන අකාරය තමයි මෙම චිත්‍රපටය පුරා තියෙන්නෙ. මෙම චිතපටියේ නව තාක්ෂණය හා නව අවි ආයුධ නිසා මෛ චිත්‍රපටිය ගොඩක්ම සුපිරි තත්වයේ තියනවා. ඔයාල මෙකේ පුර්ව ප්‍රචාරක පටකය දැක්කනම් චිත්‍රපටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහෙනම් මේක බලන්න ආයෙත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles