
ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය,මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක් ,1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action ,Thriller , Western ගණයන්ට.විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා තියෙනවා.ලෝක සිනමා උළෙලවල් 3කටම නම නිර්දේශ වෙලා තිබෙන අතර Sundance Film Festival හි නාට්‍යමය අංශයේ ජූරියේ සම්මානයත් දිනාගෙන තිබෙනවා. 2015.අප්‍රියෙල් 16 ඇමෙරිකාවේ තමයි තිරගත වීමට පටන් ගත්තේ .කතාව ගැන කියනවා නම් ජේ කැවෙන්ඩිශ් අවුරුදු 16 ක පොඩි කොලු ගැටයෙක්.මෙයාගේ ලව් ඒක තමයි රෝස් .ආදරේ තරම කියන්නේ මේ පොඩි කොළු ගැටයා ඔහුගේ ආදරිය සොයාගෙන බොහොම දුර යනවා ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයට .මේ යන අතර මගදී ජේ ට හමුවෙනවා සයිලස් ව.සයිලස් නිකන්ම හමු වුනා නොවෙයි.සයිලස් කියන්නේ රජයට අවශ්‍යය වැරදි කරුවන්ව අල්ලා ත්‍යාගය ලබා ගන්න කණ්ඩායමක හාදයෙක්.රෝස් ගේ පරණ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් ඩොලර් 2000 ක් දෙනවා කියලා රජය නිවේදනය කරලා තියෙන්නේ ,ඒ තෑග්ග පස්සෙන් යන්න තමයි ජේට නොදැනෙන්න සයිලස් ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ.කථාව ලස්සනට ඔහොම ගලාගෙන ගියාට අපි සිතන දේ නොවෙයි අවසානයට වෙන්නේ .අවසානයේදී ජේට රෝස්ව හමුවෙනවද ? ජේ රෝස්ගේ වීරයා වෙයිද ?සයිලස් හොද කෙනෙක්ද නරක කෙනෙක්ද ? මේවා දැනගන්න නම් ඉතිං ෆිල්ම් ඒක බලන්නම වෙනවා.ඩවුන්ලෝඩ් කරන ගමන්ම අදහසකුත් දෙන්න .එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු.
ඔබට ජය........
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමේධ සම්පත් අනුරාධ විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න