Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

One Night Stand (2016) සිංහල උපසිරැසි සමගින්

$
0
0
ඔන්න කාලෙකට පස්සේ සනී අක්කගෙ ෆිලුමක් ආවා. වන් නයිට් ස්ටෑන්ඩ් එක එනකල් ගොඩක් අය බලන් හිටියා කියලා මම දන්නවා. මොකද සනී ලියෝනි රගපාපු සරාගි චරිත වලින් ටිකක් ඈත්වුන චරිතයක් මේකෙ රගපන්නෙ ඇය. ගොඩක් කතාබහට ලක්වුන මේ චිත්‍රපටය පසුගිය පසුගිය මැයි 6 වැනිදා නිකුත්වුනේ. චිත්‍රපටය විනාඩි 99ක් පුරා දිවෙනවා. Thriller drama ඝනයට වැටෙන මෙය Lootera, Guzaarish වගේ චිත්‍රපට තිර පිටපත් රචනා කරපු Bhavani Iyer තමයි මේ කතාවත් ලියලා තියෙන්නේ.

උර්විල් සිං කියන්නේ ඉවෙන්ට් ක්‍රාෆ්ට් මීඩියා එකේ ප්‍රධාන නියෝජිතයෙක්. එයා තමයි විවිධ ඉවෙන්ට්, ෂෝ, උත්සව වගේ දේවල් ප්ලෑන් කරන සමාගමේ අධීක්ෂකයෙක්. ඉතින් මෙයා මෙහෙම ඉවෙන්ට් එකක ඉන්න අතරේ දකිනවා ලස්සන කෙල්ලෙක්. හැබැයි මූණ පෙනුනේ නෑ. ඊළග දවසේ උර්විල් එයාගේ යාලුවෝ එක්ක ඉන්න අතරේ ලස්සන කෙල්ලෙක් දකිනවා. ඒ ඊට කලින් දවසේ රෑ දැක්ක කෙල්ල. ඉතින් යාලුවෝ උර්විල් එක්ක ඔට්ටුවක් අල්ලනවා. ඇයව යාලුකරගන්න පුලුවන් වුනොත් 5,000ක් දෙනවා කියලා. සෙලීනාව මුණ ගැහෙන්නෙ එහෙම. දෙදෙනා කෙටි කාලයකින් ගොඩක් කිට්ටු වෙනවා. නොහිතුව තරම් කිට්ටු වෙනවා. දෙදෙනාම ගෙදරට එනවා ඉන් පසු. හැබැයි උර්විල්ගේ හිතේ සෙලීනා හොල්මන් කරන්න ගන්නවා. උදේ ඉදන් රෑ නින්දට යනකල්ම පේන්නෙ සෙලීනාව.

එතනින් තමයි කතාව පටන්ගන්නේ. මේ කතාවේදි මිනිසුන් තමන්ගේ ජීවිතවල කොච්චර රහස් තියාගෙන ඉන්නවද, කොච්චර කුහකද, කොච්චර ආත්මාර්ථකාමීද කියලා පෙන්වනවා. එක හුස්කමට බලලා ඉවර කරන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන් බය නැතුව.එහෙනම් බලලා අදහසක් දාලා යන්නකෝ. ඊළග කතාවකින් ඉක්මනින්ම හමුවෙමු ආයේ. එහෙනම් මම ගියා. තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ



720P 760MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles