Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Oru Naal Koothu (2016) Sinhala Subtitles

$
0
0

ඔන්න වැඩි දවසක් යන්න කළින්, මං ආපහු සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මේ පාර අරගෙන ආවේ, දෙමළ චිත්‍රපටියක්. ගිය මාසයේ 10වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය, IMDB දර්ශකයේ 7.3ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ලෝකයේ කාටත් මුහුණදීමට සිදුවන මාතෘකාවක් ඔස්සේ ගලාගෙන යන මේ සළරුවට, දමිළ සිනමාවේ ප්‍රසිද්ධ නළු නිළියන් කිහිපදෙනෙකුම රංඟනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අතර Attakathi Dinesh, Miya George, Karunakaran යන අයද වනවා. ඉතින් මේ චිත්‍රපටිය ගැන මං පුංචි හැඳින්වීමක් කරන්නම්.

කසාදය නැත්තම් විවාහය කියන්නේ, අපි හැමෝටම මුහුණපාන්න වෙන ප්‍රශ්නයක්නේ. අපි ඉතින් තාම චූටි කොල්ලෝ හින්දා, ඔය වගේ මාතෘකාවක් ගැන වැඩිය හිතන්න යන්නේ නෑනේ.ඒත් කවදාහරි හැමෝටම මේ ප්‍රශ්නයට නම් මුහුණදෙන්නම වෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ කසාදයයි. සමහරුන්ට මේ මාතෘකාව ඇහෙද්දීත් එපා වෙනවා.මේ චිත්‍රපටියේදී අපිට ප්‍රධාන චරිත කිහිපයක්ම දැකගන්න ලැබෙනවා. මෙයාලා හැමෝටමත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, මේ මාතෘකාව තමයි. කෙනෙක් දුප්පත්කම නිසාවෙන් තමන්ගේ ආදරේ ජයගන්න බැරුව දඟලනවා. තවත් කෙනෙක්ට ගෙදරින් ගේන යෝජනා එකක්වත් හරියන්නේ නෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ චිත්‍රපටිය තුළ ගැබ්වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය තනිකරම ප්‍රශ්න පත්තරයක් වගේ. අන්තිම වෙනකම් හිතාගන්න බෑ මොනවා සිද්ධවෙයිද කියලා. කුතුහලය කියන දේ තදින්ම ප්‍රේක්ෂකයාට දීලා තියෙනවා. හැමදාම වගේ අපි බලන්නේ, අපව හීන ලෝක වලට අරගෙන යන චිත්‍රපටිනේ. ඒත් මේ චිත්‍රපටිය අපව ගෙනයන්නේ, අපිට අනිවාරෙන්ම මුහුණදීමට සිදුවන ප්‍රශ්නයකටයි. ඉතින් ඒ හින්දා, මේ චිත්‍රපටිය නොවරදවාම නරඹන්න. මේ චිත්‍රපටියේ එන චරිත ගැනවත්, මේ චිත්‍රපටියේ කතාව ගැනවත් මං විස්තර කරන්න යන්නේ නෑ. මොකද මේකේ කතාව විස්තර කරන්න ගියොත් මට පිස්සු හැදෙනවා. අනික කුතුහලය කියන දේ නැතිවුනාම බලන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑනේ. කොහොමත් කුතුහලය කියන දේ නම් මේකේ අන්තිම විනාඩිය දක්වාම තියෙනවා.

එහෙනම් ආපහු සිංහල උපසිරැසියක් අරගෙන මං ඉක්මනින්ම එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. කිසියම් යෝජනාවක් නැත්තම් චෝදනාවක් තියෙනවා නම්, පහළ තියෙන මගේ ෆේස්බුක් ගිණුමට යොමුකරන්න. ඔයාලා චිත්‍රපටියක සිංහල උපසිරැසි ඉල්ලුම් කරද්දී, ඒකට අදාළ ඉංග්‍රීසි උපසිරැසියක් එවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැමෝටම ජයවේවා. බුදුසරණයි!

FB - https://www.facebook.com/isuru.prez


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



450MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Viewing all articles
Browse latest Browse all 660

Trending Articles