Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Batman Unlimited Animal Instincts (2015) සිංහල උපසිරැසි සමඟින්

$
0
0

කොහොමද යාළුවනේ මම අළුතෙන් තමයි Zoom.lk එකත් එක්ක එකතු වුණේ.ඒ වගේම මේක මගේ පළමු උපසිරසි ගැන්වීම.ඒ හින්දා ගොඩක් අඩුපාඩු ඇති. අඩුපාඩු පෙන්වලා දෙන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.මේ චිත්‍රපටියට සබ් දෙන්න කියලා Zoom.lk එකෙන් ඉල්ලීමක් කරලා තිබුණ නිසා මමත් හිතුවා උපසිරසි නිර්මාණයක් කරන්න ඕන කියලා. ඉතින් මම තෝරගත්තේ 2015වේ නිකුත් වෙච්ච Batman Unlimited Animal Instincts කියන චිත්‍රපටියයි. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරමු.

ගෝතම් නගරයට ඉහළ අහසේ වසර 77 කට වරක් දිස්වන මයිඩස් හාර්ට් නම් ග්‍රාහකයක් ගමන් කිරීමට නියමිතව තිබෙනවා.ඒත් ඔස්වල්ඩ් කොබල්පොට් නොහොත් පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් වන සිල්වර්බැක්,චීටා,ක ිලර් ක්‍රොක් සහ මෑන්බැට් එකතු වී ගෝතම් නගරය විනාශ කර ග්‍රාහකයේ හරයේ ඇති රන් ලබා ගැනීමටයි. මේ දුෂ්ටයන් ගෙන් නගරය බේරා ගැනීමට ඉදිරිපත් වන වීරයන් තමයි බැට්මෑන්, ෆ්ලෑෂ්, ග්‍රීන් ඇරෝ, නයිට්වින්ග් සහ රෙඩ් රොබින්.

පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් ට ගෝතම් නගරය විනාශ කර රන් ලබා ගැනීමට හැකි වෙයිද? බැට්මෑන්ට පෙන්ගුයින්ගේ දුෂ්ට සැලසුම් දැනගන්න ලැබෙයිද? පෙන්ගුයින් ට උදවු කරන මෑන්-බැට්ගේ ඇත්ත ස්වරූපය මොකක්ද? බැට්මෑන් ට නගරයට ග්‍රාහකය කඩා වැටීමෙන් බේරා ගැනිමට හැකි වෙයිද? පෙන්ගුයින්ට අන්තීමේදි මොකද වෙන්නේ? මේවා ගැන දැන ගන්න නම් ඔයගොල්ලන්ට චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා. 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Viewing all articles
Browse latest Browse all 660

Trending Articles