Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Out of Time (2003) සිංහල උපසිරැසි සමඟින්

$
0
0






ඔයාලා චිත්‍රපටි බලනවා නේ ගොඩක් චිත්‍රපටි ඉතින් ඇත්ත ලොකේ වෙන්න බැරි එවානේ. සත්‍ය කතා පදනම් කරගෙන හදන කතා හැරුනු කොට චිත්‍රපටි ගොඩක් එවාගේ වෙන සිදුවිම් වෙන්න බැහැනේ. අද ගෙනාපු මේ චිත්‍රපටියේ නම් එහෙම වෙන්න නොවෙන්න බැරි කතාවක් නෙමෙයි තියෙන්නේ. කවුරු හරි ඔයාව ගලවගන්න බැරි උගුලකට අහුකලොත් කොහෝම වේවිද? අන්න ඒ වගේ කතාවක් තියන Denzel Washington ඉන්න සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ.ඊට අමතරව Eva Mendes,Sanaa Lathan නිළියන්ද මෙහි රංඟනයෙන් දායක වෙනවා.

මැට් ලී (Denzel Washington) කියන්නේ පොලිස් නිලධාරියෙක්.මොහුට අනියම් සම්බන්ධයක් තියනවා යුවතියක් එක්ක. කොහොම හරි දිනක් මේ තරුණිය අසනිප වෙනවා. ඉතින් ඔහු විසින් ඇය රෝහලට අරන් යනවා.එතකොට ඇයට පිළිකාවක තියෙනවා ඇයට ඒ නිසා තවත් ජිවත් වෙන්න පුලුවන් මාස 6ක් වගේ කාලයක් කියලා. කොහොම හරි ඇය මොහුගෙන් මුදල් වගයක් ඉල්ලනවා. මොහු ඇයට මුදල් වගයක් දෙන්න කියලා තැනකට කතා කරනවා.නමුත් ඇය කතා කරගත්ත වෙලාවට එතැනට එන්නේ නැහැ ඔහු ඇයට දුරකථන ඇමතුමක් දෙනවා උනත් එයටත් උත්තර දෙන්න කවුරුත් නැති වෙනවා. මොහු කෝකටත් කියලා ඇය ඉන්න නිවසට යනවා. ගෙදරත් කවුරුත් නැහැ. මොහු මේ විදියට වත්තේ කැරකි කැරකි ඉන්නවා අල්ලපු ගෙදර ඉන්න කාන්තාව දකිනවා. කොහොම හරි මැට් ගෙදර යනවා. පසුදා දැන ගන්නවා තමන්ගේ ඒ පෙම්වතිය හිටපු ගෙදර ගිනි අරගෙන ඇතුලේ මිනි තියනවා කියලා. ගිනි තියපු එකේ සැකකාරයා වෙන්නේ මැට්ව. මොකද මැට් ඊට කලින් දවසේ රෑ ඒ ගේ ගාව කැරකි කැරකි ඉන්නවා අල්ලපු ගෙදර ඉන්න කාන්තාවත් දකිනවානේ. මිට අමතරව අපරාධය උන තැන තිබිලා ඇගිලි සලකුණු සේරම මැට්ගේ එවා වෙනවා. මැට්ව කවුරු හරි උගුලකට අහුකරනවා. ඒ මොකටද? ඒ දේ දැනගන්න චිත්‍රපටිය අරන් බලන්නකෝ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles