Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Avan Ivan (2011) සිංහල උපසිරැසි සමඟින්

$
0
0




ටික දවසකට පස්සේ මම ඔන්න තව දෙමල ෆිල්ම් එකක් අරන් ආවා මේක මට කරන්න කියලා දුන්නේ අපේ සුපුන් ඒ විදිහට දීපු ෆිලම් එක කරල ඉවර කරලා ඔයාලට දෙන්න ගෙනාවා මේක ටිකක් අමුතු විදිහක ෆිල්ම් එකක් ඔයාල කවුරුත් දන්න විශාල්ව මේකෙදි වෙනස්ම චරිතයකින් දකින්න පුළුවන්

ෆිල්ම් එක ගැන කිවුවොත් සාමාන්‍ය සමාජ ක්‍රමයෙන් බැහැර උන ගමක් සහ ඒ ගමේ ජීවත් වෙන පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතිච්ච කතාවක් තමයි මේ ෆිල්ම් එකේ දකින්න තියෙන්නේ මේ ගමේ උතුමානන්(Highness) කියලා ගමම ආදරය කරන චරිතයක් තියෙනවා ඒ පුද්ගලයා ලගින්ම ඉන්න දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි වෝලටර් අනිත් කෙනා එයාගෙ කුඩම්මගෙ පුතා මේ දෙන්නා උතුමානන්ට හරිම ආදරෙයි එයාට සිද්ද වෙන ඕනම දේකට මෙයාල මැදිහත් වෙනවා

මේ විදිහේ ටිකක් වෙනස් විදිහක කතාවක් තමයි සිද්ද වෙන්නේ කතාව අතර මැද සහෝදරයන් දෙන්නට ගෑනු ලමයි දෙන්නෙකුත් සෙට් වෙනවා කතාව ගැන මීට වඩා කියන්න ඕන නෑ මොන වගේ වෙනසක් තියෙනවද කියලා ඔයාල අරන් බලන්න.මේ අවුරුද්දේ ආපු අලුත් ෆිල්ම් එකක් ඉක්මනටම අරන් එන බව මතක් කරමින් මම යනවා හැමෝටම සුබ දවසක්






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles