Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Arrow S3 E7 සිංහල උපසිරැසි සමඟින්.

$
0
0




කලින් කොටස ගැන මතක කරනවනම්, ඇරෝ එයාගෙ කන්ඩායම එක්ක මත්ද්‍රව්‍ය ජාවාරාම්කාරයෙක් වැටලීමකට යනවා, හැබැයි මෙයාලා එතනට යනකොට ඒ ජාවාරම්කාරයාව මරලා දාලා, හැබැයි ඒ මරපු කෙනා ලඟ සලකුණකුත් දාලා ගිහින්, පස්සෙ ඔලිවර් මේ මිනීමරුවා ගෙ පස්සෙන් යන්න පටන් ගන්නවා, ඉතින් ඒ වෙලාවෙදි තවත් ඒ වගේම කෙනෙක්ව මරාදාලා එල්ලලා තියෙනවා, ලොරල්ගෙ බොක්සින් පුහුණුකාරයාගෙ ක්‍රීඩා මධ්‍යස්ථානය ඇතුලේ, ඉතින් මේ ගැන ඔලිවර් මේ පුහුණූකාරයාව සැක කරනවා, ඒවගේම ඔලිවර් මෙයාගෙ පස්සෙන් යනකොට මෙයාගෙ ලොකර් එක ඇතුලෙ තිබ්ලත් මිනියක් හමුවෙනවා, ඉතින් මේ ගැන ඔලිවර්ගෙ සෘජු සැකය මෙයාට යොමු වෙනවා, හැබෙයි එතනදි කෙනෙක් ඇවිත් ඒ දෙන්නට වෙඩි තියෙනවා, එතනින් තමා ඔලිවර් දැනගන්නෙ මේ මිනිමැරුම් පිටිපස්සෙ ඉන්නෙ වෙන කෙනෙක් කියලා, ඒවගෙම මේ බොක්සින් පුහුණුකාරයා හැම දෙයක්ම එලි කරනවා, ඒ මිනීමරුවා එයාගෙම ගෝලයෙක් වෙලා හිටපු කෙනෙක්, ඒ දෙන්නා තමයි දැන් ඔලිවර් වගේ, කලින් ස්ටාර්ලින් වල රැකවලුන් වෙලා ඉදලා තියෙන්නෙ, ඒත් ගෝලයගෙ අතින් සිද්ද වුන මිනීමැරුමක් නිසා පුහුණුකාරයා එයාව ඇතෑරලා දාලා, ඒ නිසා අර මිනීමරුම සිද්ද වුන අයගෙ කට්ටිය මේ ගෝලයාට දරුණු විදියට හිරිහැර කරලා තියෙනවා, ඉතින් තමන්ව ඇතෑරලා දැම්ම එකට පුහුණුකාරයාගෙන් පලිය ගන්න තමා එයා මේ විදියට මිනීමැරුම් කරලා පුහුණුකාරයාව අහු කරන්න උත්සහ කරලා තියෙන්නෙ, ඉතින් අන්තිමේදි මේ ගෝලයාව කොහොමහරි කොටු කරගන්න ලැබෙනවා, ඒවගේම සාරාගෙ මිනීමරුවා රෝයි නෙමෙයි කියලත් හෙලි වුනා, රෝයිට එහෙම අදහසක් එන්නෙ එයාට මිරාකුරු වලින් ඔලුව විකාර වෙලා හිටපු කාලෙ මරාදාපු පොලි නිළධාරියා මතක ඇතිනේ, ඒ කරපු මිනීමැරුම එයාට මතක නැති නිසා, එයාට දැනෙන්නෙ ඒ කරපු මිනීමරුම කලේ සාරාට කියලා, ඉතින් සාරාගෙ මිනීමරුවගෙ කුතුහලයය තවම ඉතුරු කරගෙන, අද මොකද වෙන්නෙ කියලා බලන්න, ඊලඟ කොටසත් එක්ක හමුවෙමු, ජයවේවා
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles