Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Govindudu Andarivadele (2014) සිංහල උපසි‍රැසි සමඟ

$
0
0
කට්ටියට මෙදා පාරත් ඔන්න එලම කිරි මූවියක් ගෙනත් තියෙනවා.මේ චිත්‍රපටියේ හොද පිටපතක් තවමත් අන්තර්ජාලයේ නැහැ ඉතින් මේ පිටපත අප්ලොඩ් කරලා දුන්න Visual entertainment ආයතනයට බොහොම ස්තුතියි.පුලුවන් නම් ඒ නිසා ටොරන්ට් එක ගත්ත ගමන් යන්නේ නැතුව ටිකක් සිඩ් කරන්න. නෙට් එකේ තියන ගොඩක් දමිළ හා තෙලෙගු පිටපත් ඔයාලාට අරන් එන්නේ ඒ අය තමයිමේ චිත්‍රපටියට ඔයාලා අනිවාර්යෙන්ම ආස වෙයි. මොකද නලුවා දැක්කම බලන්නම හිතෙන නිසා. මේ අවුරුද්දේ තිරගත වෙච්ච එකක් තමයි මේ පාරත් අරන් ආවේ. ගොඩක් වෙලාවට අපිට ටයිම් ලයින් හදලා දෙන කට්ටියක් තමයි මේකෙත් ටයිම් ලයින් එක හදලා දුන්නේ. ඔයාල දන්නවනේ ඒ කවුද කියලා. ඒ තමයි Visual entertainment එකේ අය. මොකද මේ චිත්‍රපටයටත් කිසිම භාශාවකින් සබ් එකක් අන්තර්ජාලයට ඇවිත් නැති නිසා. එයාල මේකට ලයින් ටික හදලා දුන්නා. පුරුදු පරිදි මම මේකට සබ් එක හැදුවා. මම කොච්චර මේක හදන්න ආසාවෙන්ද හිටියේ කියන්නේ. මේකට පැය 6 න් සබ් එක කරලා ඉවර කලා ලයින් නම් 1000ක් විතර තිබුනා. ගේමක් උනේ නැ කොහොමත් වැඩ දන්න කෙනාට අසනීප, වෙලාව ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඇති නේද කියෙවුවා. එහෙනම් ටිකක් චිත්‍රපටිය ගැන බලමු.

මෙම චිත්‍රපටිය විනාඩි 149 දක්වා ගලා යනවා. 2014 ඔක්තොම්බර් 1 වෙනිදා ප්‍රථම තිරගත කිරීම ආරම්භ කරන මෙය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 300 ක් වියදම් කරලා තියෙනවා ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම දැනට උපයලා තියෙනවා ඉන්දියානු රුපියල් මිලියන 416.5 මුදලක්. ‍චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ තෙලිගු සිනමාවේ තවත් දැවැත්ත චරිතයක් විසින් ඒ තමයි Ram Charan ඒ වගේම නිලියත් අපි හොදට දන්න කියන Kajal Aggarwal මේ දෙන්නා රංගනය ලබා දීපු චිත්‍රපට කිහිපයක්ම www.zoom.lk එකෙන් ඔයාලට දීලා තියෙනවා. ඒ අතරින් MagadheeraOrangeRachaNaayak, Zanjeer,Yevadu,Jilla , Brindaavanam, Mr. PerfectSinghamThuppakkiSpecial 26 මේ වගේ අති විශාල ප්‍රමාණයක් තියෙනවා තව නොකියපු ඒවත් තියෙනවා. මොකද අපි අපේ රසිකයන්ට හැම භාශාවකම වගේ චිත්‍රපටි දෙන්න උපරිම උත්සහයක් දරණවානේ. තව දෙයක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Krishna Vamsi ඒ වගේම සංගීතය එකතු කරලා තියෙන්නේ දමිල, තෙලිගු බලන අය හොද හැටි දන්න කෙනෙක්. ඒ තමයි Yuvan Shankar Raja විසින්. මේ චිත්‍රපටිය සඳහා IMDB Rating 5.3 අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැනත් පොඩි දෙයක් කියන්නම්.

චිත්‍රපටිය ආරම්භයේම කෙනෙක්ට ලන්ඩන් වල සරසවියක විදුහල්පති කමක් ලැබුන බවක් පෙන්වනවා. හැමෝම ඒකට සතුටු වෙනවා. මොකද ඒ විදුහල් පති කම ලැබෙන්නේ තෙලිගු කෙනෙක්ට නිසා. මොකද විදේශීය රටක තෙලිගු කෙනෙක්ට ඒවගේ දෙයක් ලැබෙනවා අඩුයිනේ. හැබැයි මේ පදවිය බාර ගන්න ගිය වෙලාවෙ නම කතා කරන්නේ වෙන කෙනෙග්ගේ. ඒ විදිහට මේ විදුහල් පතිකම නැති වෙන්නේ මේ චිත්‍රපටියේ නලුවා එහෙමත් නැත්නම් අබීගෙ තාත්තට. හැබැයි මේ දේවල් එයාට එහෙම වෙන්නේ එයා තමන්ගේ තාත්තට කරපු ද්‍රෝහී කමට කියලා තාත්ත කියනවා. පස්සේ තාත්ත අතීත කතාවක් අබීට කියනවා. මේ කතාව අහපු අබී ගෙදර අයටත් හොරෙන් ඉන්දියාවට යනවා. ඇයි අබී ඉන්දියාවට යන්නේ? මොකක්ද අබීගෙ තාත්තා එයාගෙ තාත්තට කරපු ද්‍රෝහී කම? මොනවා වගේ දෙයක් අබීට ඉන්දියාවෙදි සිද්ධ වෙයිද? මේ සේරටම පිළිතුරු චිත්‍රපටිය බලලා තමයි දැන ගන්න වෙන්නේ. එහෙනම් මම මීට වඩා කතාව කියන්නේ නෑ ඔයාල මේක අරන්ම ඉතිරි ටික දැනගන්න. එහෙනම් මම සමුගන්නවා. තවත් ෆිල්ම් එකක් වැඩි දවසක් යන්න කලියෙන්ම දෙන්නම්කෝ.

කලින් චිත්‍රපටි වලට අදහස් දාපු හැමෝටම මාගේ ස්තූතිය පුද කරනවා. තවත් දෙයක් තව ටික දවසකින් මේ සබ් එක කොහේ හරි තියෙන්න පුලුවන් මට අසනිප උනා මගෙ තෙලිගු දන්න යාලුවා ටිකක් මේ දවස් වල කාර්ය බහුලයි කියලා. සමහරුන්ට අපි සබ් එකක් දෙනකම් අසනිප වෙනවා. එහෙනම් තවත් හොද චිත්‍රපටියක් සමගින් මුණ ගැහෙමු. රැදි ඉන්න දමිළ හා තෙලෙගු චිත්‍රපටි කලාවේ ප්‍රමුඛයා සුම් සමගින් 



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් 
ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles