
ඔන්න ඉතින් තවත් එකක් අරගෙන විගහට ආවා. කට්ටියට කාලෙක ඉදලා මම දමිල, තෙලිගු විතරනේ දුන්නේ. ඔන්න අද මගෙ දෙවෙනි හින්දි මූවිය අරන් ආවා'කලින් දීපු lady vs ricky bahlඑකටත් හොද අදහස් ටිකක් ලැබිලා තිබුනා. මෙදා පාර අරන් ආවෙත් අපේ ආදරය කරන යාලුවන් වෙනුවෙන් පට්ටම සුපිරි ආදර කතාවක්. අනිවාර්යෙන්ම මේකත් ඔයාලට සෙට් වෙයි කියලා හිතනවා. මේ ටිකේම 2014 ඒවනේ දුන්නේ. මේකත් 2014 වර්ශයේ ආපු ෆිල්ම් එකක්.
එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි දෙයක් කියන්නම්කෝ. Sonam Kapoor සහ Fawad Afzal Khan දෙදෙනා විසින් රංගනය දක්වන මෙය 2014 සැප්තැම්බර් 19 වන දින තිරගත වීම ආරම්භ විය. අපි කලින් මෙයාලගෙ චිත්‍රපටි ලබා දීලත් තියෙනවානේ. ඒ අතරින්, I Hate Luv Storys, Mausam, Raanjhanaa, Bhaag Milkha Bhaag, වගේ එවා. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Shashanka Ghosh විසින්. ඒ වගේම චිත්‍රපටය නිශ්පාදනය සඳහා දායක වෙලා තියෙන්නේ. Rhea Kapoor, Anil Kapoor, Siddharth Roy Kapoor යන අයයි. මෙම චිත්‍රපටය විනාඩි 127 දක්වා දෙවෙන අතර භාශා දෙකකින් නිර්මාණය වී ඇත. එක් භාශාවක් හින්දි වන අතර අනික් භාශාව උර්දු වේ. නිශ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 12වේ. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම මේ වන විට කෝටි 39.47 ඉක්මවා ඇත. ආදායම් වාර්තාවෙන්ම පේනවානේ මේක කොච්චර හොදද කියලා. ඒ නිසයි IMDB Rating වලින් පවා 6.4 ක් වැනි වැඩි අගයක් ගන්න ලැබිලා තියෙන්නේ.
එහෙනම් චිත්‍රපටය තුල ගලා යන කතාව ටිකක් බලමුකෝ. මිලී කියන්නේ පිසියෝ තෙරපි ඩොක්ටර් කෙනෙක්. මෙයා IPL ක්‍රිකට් කන්ඩායමේ තමයි වැඩකරන්නේ. ඒත් යම්කිසි හේතුවක් නිසා මෙයාට රජු පවුලක රජවරයෙක්ට ප්‍රතිකාර කරන්න යන්න වෙනවා. මෙයා එච්චර කැමැත්තක් නම් නෑ එහෙ යන්න. නමුත් යන්න වෙනවා. ඒ මාලිගාවේ එක කුමාරයෙක් ඉන්නවා එයාගෙ නම වික්‍රම්. මෙයා මේ වන විටත් කියාරා කියලා ගෑනු ලමයෙක් එක්ක විවාහ ගිවිසගෙනයි ඉන්නේ. නමුත් මිලී එහෙට ගිය දවසේ ඉදලා මේ දෙන්නගෙ එක, එක වැඩ නිසා දෙන්නා නිකන්ම එකිනෙකාට ලං වෙනවා. මිලී කරන්නෙම අමුතු වැඩ. දන්නවානේ රජ පවුලක තියෙන නීති ගැන. මෙයාට ඒවා එකක් වත් ආදල නෑ එයා එයාගෙ සුපුරුදු ජීවිතේ එහෙ ගත කරන්න හදනවා. මේවට ටිකක් වත් වික්‍රම් සහ එයාගෙ අම්මා කැමති නෑ. නමුත් වික්‍රම් මේ මෝඩ වැඩ වලටම තමා අන්තිමේ ආදරය කරන්නේ. රජ පවුලක කුමාරයෙක්ට මේ නිකන් කෙල්ලෙක්ව බන්දලා දෙයිද එයාගෙ දෙමව්පියන්? එහෙනම් මේකෙ මොනව නම් සිද්ධ වෙයිද? ඉතුරු ටික අරගෙන බලන්න ඉඩ තියලා මම නවතිනවා.
දෙවෙනි හින්දි එක හොදද කියලා අදහස් වල දාල තියන්නකෝ. මම හිතන් නෑ ඔයාල අකමැති වෙයි කියලා. අදට මම සමු ගන්නවා ඔයාල හැමෝටම සුබ දවසක්. තවත් එකක් වැඩි දවසක් නොගිහින්ම දෙන්නම්කෝ.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න