Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

TenaliRaman (2014) සිංහල උපසිරැසි සමඟ

$
0
0


ඔන්න අද අපි තවත් සුපිරි ඝනයේ චිත්‍රපටියක් අරගෙන ආවා, මේක තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 18 වෙනිදා, අධ්‍යක්ශණය රචනය කියන දෙකම සිදු කරලා තියෙන්නෙ Yuvaraj Dhayalan විසින්. මෙහි රංගනය වෙනුවෙන් ඔයාලා කවුරුත් අදුරන Vadivelu, වගේම meenaxi dixit, Radha ravi වැනි නළු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබිලා තියෙනවා, මෙහි නිශ්පාදනය සිදු කරලා තියෙන්නෙ Avan Ivan, Mattrran, irumbu kuthirai වගේ චිත්‍රපට නිශ්පාදනය කරපු AGS Entertainment ආයතනය විසින්, ඒවගේම මෙහි බෙදාහැරීම සිදු කරලා තියෙන්නෙත් මේ ආයතනය විසින්මයි, මිනිත්තු 146ක් පුරා දිව යන මෙය දෙමළ සහ මැන්ඩේරියන් කියන චීන සාම්ප්‍රදායික භාශාවෙනුත් තිරගත වෙලා තියෙනවා, ඒකට හේතුව ඔයාලට ෆිල්ම් එක බැලුවම බලාගන්න පුලුවන්, ඉන්දීය රුපියල් කෝටි 18ක පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙය මෙතෙක් බලා ඇති මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 40ක්, ඉතින් චිත්‍රපටය සුපිරි එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනා වෙන්න තමයි තියෙන්නෙ, මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වන වඩිවේලු අවුරුදු පහකට පස්සෙ තමයි ආපහු සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නෙ, ඒකත් එක්තරා විශේෂත්වයක්, දමිළ චිත්‍රපට සංගමයෙන් මෙයාට අවුරුදු පහක රංගන තහනමක් පනවලා තිබුනෙ නිසා තමයි මෙයා මේ තරම් කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියෙ, ඒකට හේතුව දකුණු ඉන්දීය චිත්‍රපට සංගමයේ සභාපති සරත් කුමාර් එක්ක මෙයා ගැටුමක් ඇතිකරගත්ත එක, මේ විදියට නැවතත් වඩිවේලුගේ සිනමා ආගමනය සිද්ද වෙලා තියෙනවා, එහෙනම් ඉතින් මේ සුපිරි කොමඩිය නරඹන්න කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, ඒවගේම ඔයාලා උපසිරැසි ලබාගන්න කැමති දමිළ චිත්‍රපට තියෙනවනම් පහළින් කමෙන්ට් කරලා යන්න, අපි ඒවටත් උපසිරැසි අරගෙන එන්න කටයුතු කරන්නම්! එහෙනම් තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles