
හුඟ කාලෙකට පස්සෙ තමයි හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න අවස්තාව ලැබුනේ, මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්න අපේ හින්දි විශාරද දරේට ගොඩක් ස්තූති කරන්න ඕනෙ, චිත්‍රපටයේ විස්තර මොනවද බලනවානම්, 2014 නොවැම්බර් 14 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Shaad Ali විසින්, මෙය නිශ්පාදනය කරලා තියෙන්නේ yash Raj චිත්‍රපට සමාගමේ වර්ථමාන අයිතිකරු Adithya Chopra විසින්, Don 2, 2 Statesවගේ චිත්‍රපට වල සංගීත අධ්‍යක්ශණය කරපු shankar විසින් මෙහි සංගීත අධ්‍යක්ශණය සිදු කරලා තියෙනවා, රංගනය දායකත්වය දක්වපු අය ගැන බලනකොට Lootera, Ram Leela, Gundayවගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දයක වුන Ranveer Singh වගේම Shuddh Desi Romance, Hasee Toh Phasee, Daawat-e-Ishq වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Parineeti Chopra රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම සුපිරි නළු ගෝවින්දා, අලි සෆර් වගේ නළු නිළියන් රැසක්ම මේ සදහා රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම Ladies vs Ricky Bahl චිතරපටයෙන් පස්සෙ පර්නීති රන්වීර් දෙන්නා එක චිත්‍රපටයකින් අප හමුවට එන්නෙ මේ චිත්‍රපටයෙන්, චිත්‍රපටයේ බරපැන විදියට සදහන් වෙන්නෙ ඉන්දීය රුපියල් කෝටි 35ක් මෙහි සමස්ථ ආදායම විදියට සදහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 38කට ආසන්න මුදලක්, යන්තම් ජාමේ බේරගන්න සමත් වෙලා තියෙන නිසා යම්තාක් දුරට මේක සාර්ථක නිර්මානයක් විදියට හදුන්වන්න පුලුවන්,
කතාව පැත්තට හැරෙනවානම්, මේකත් Gunde චිත්‍රපටය වගේම මැරයන් දෙන්නෙක් ගැන කියවෙන කතාවක්, දේවි (ranveer) ටුටූ (Ali Safar) කියන්නෙ කුලියට මිණිමරන මැරයො දෙන්නෙක්, මේ දෙන්නා පොඩි කාලෙ කුණුබක්කියක දාලා ගිහින් තියෙනකොට බායිජී (Govindha) තමයි මේ දෙන්නාව හදා වඩා ගෙන තියෙන්නේ, බායිජී කියන්නේ මීනිමරන්න කොන්ත්‍රාත් ගන්න කෙනෙක්, බායිජීගෙ යටතේ හැදෙන වැඩෙන නිසා දේවි ටුටූ දෙන්නම ඉබේම අපරාධකාරයන් බවට පත් වෙනවා, මේ විදියට තමා මේ දෙන්නා කුලියට මිණිමරන රස්සාව පටන් ගන්නේ, හැබැයි මේ දෙන්නා ඒ විදියට කුළියට මිණිමරන්නේ බායිජීගෙ ඇනවුම් වෙනුවෙන් විතරයි, මේ අතරේ දේවිට ගෑනු ලමයෙක් සෙට් වෙනවා ඒ තමයි දීශා ( parineetha) හැබැයි දේවිගෙ ඇත්ත තත්වය දිශා දන්නෙ නෑ, මේ විදියට ටික කාලයක් යනකොට දේවිට ඳිශා නිසා මිණිමරන එක කරගෙන යන්න බැරි වෙනවා, දේවිට ඕනෙ වෙනවා හොද මිනිහෙක් වෙන්න, මෙයා බායිජීගෙන් ඒකට අවසර ඉල්ලුවත් බායිජීගෙන් ඒකට අවසර ලැබෙන්නෙ නෑ, හැබැයි දේවිගෙ සහෝදරයා ටුටූ මේ වෙනුවෙන් දේවිට උදවු කරනවා, ඒ බායිජීට පෙන්වන්නෙ දෙන්නම මිණිමැරුම් කරනවා කියලා ඒත් ටුටූ විතරයි මිනීමැරීම් කරන්නේ, දේවි වෙනම රස්සාවකුත් කරගෙන යනවා, මේ විදියට හැමදෙයක්ම හොදින් සිද්දවෙනකොට එකපාරම හැමදෙයක්ම කණපිට පෙරලෙන්න ගන්නවා, එහෙනම් කතාව කිව්වා ඇති, දේවිගෙ ඇත්ත තත්වය ඳිශා දැනගනීවිද? දේවි මිණිමරන්නෙ නෑ කියලා බායිජි දැනගනීවිද? ඳේවිට හොද කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? ටුටූ දේවි දෙන්නගෙ ඉරනම විසදෙන්නෙ කොහොමද/ මේ වගේ තවත් ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, ඒවගේම ජොනී ඩෙප් හින්දි චිත්‍රපටයක රඟපාන පළවෙනි වතාව මේක වෙන්න ඕනෙ

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB BDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 850MB BDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න