
හොඳයි එහෙනම් තවත් කතාවක දෙවන කොටසක් තමයි මේ දෙන්න යන්නේ. ඔයාලා දැන් දන්නවත් ඇති මේ මොකක්ද කියලා. දැක්ක ගමන් තේරෙනවානේ මොන ගනයට අයිති චිත්‍රපටයක්ද කියලා. මේක හොල්මන් එහෙමත් නැත්නම් අද්භූත ගනයට අයත්වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එන ඇනාබෙල් නැමැති බෝනික්කා මිට කලින් ආපු The Conjuringචිත්‍රපටයෙත් සම්බන්ධ කෙනෙක්. ඇනාබෙල් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන සුප්‍රසිද්ධ භයංර බෝනික්කාගේ සත්‍ය නම Robert (doll) හෙවත් රොබට් බෝනික්කා නම් වේ. මේ රොබට් බෝනික්කා එක්තරා අන්දමකින් භූතාවේශ වන්නේ යැයි සමාජ මතයක් පවතිනවා. එය සත්‍යක් බව බොහෝ දෙනා පවසනවා. එම ප්‍රසිද්ධිය නිසාම Chucky වැනි සුපිස්ද්ධ හොල්මන් කතාවලට මෙම බෝනික්කාගෙ කතා බෙහෙවින් පාදක වෙලා තිබෙනවා. ඉතිං අද දෙන්නත් යන්නේ රොබට් බෝනික්කාගේ බොරු නම ඇනාබෙල් බෝනික්කාගේ සිද්ධියක් ඇතුලත් කතාවක්. මේක සත්‍යදැයි නම් කියන්න අමාරුයි. ඒත් මුලික පාදක වුන බෝනික්කා නම් සත්‍ය කෙනෙකු යැයි පවසන්න පුළුවන්.
The Conjuringචිත්‍රපටයට පෙර කතාපුවත තමයි මේ Annabelle චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ඔයාලාට මතක ඇති Annabelle බෝනික්කා එක්තරා විදුරු පෙට්ටියක යම් ගබඩාවක තබලා තියෙන අවස්ථාවක් The Conjuring චිත්‍රපටයේ. ඉතිං අද දෙන කතාව එන්නේ ඒ බෝනික්කා The Conjuringචිත්‍රපටයේ වීදුරු පෙට්ටියට යන්න පෙර වුන සිද්ධි දාමයයි. කතාවට අනුව Annabelle බෝනික්කාට කිසිම ශක්තියක් වත් භූතාවේශයක් වත් මුලදි ඇතිවන්නේ නැහැ. මේ බෝනික්කා එන්නේ කුඩා දරුවෙක් උපත ලබන්න සිටින පවලක් වෙතයි. බෝනික්කා කුඩා දරුවාගේ ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ දරුවාගේ පියාගෙන්මයි. ඒත් නොසිතූ අයුරින් චිත්‍රපටයේ නොසිටි පුද්ගලයෙකු එම කුසේ සිටින දරුවා මරන්නට නිවසට පැමිණෙවා. එහෙත් සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් අදාල සිහිවිකල් පුද්ගලයාට මරණයට පත්වීමටය. හැබැයි මෙතනින් තමයි බෝනික්කත් හොල්මනත් අතර ගනුදෙනුව ඇතිවෙන්නේ. ඉතිං මේ නූල්බෝලය ලිහාගන්න නම් ඔයාලාට දැන් චිත්‍රපටය නරඹන් නටම සිදුවෙනවා.
පුදුම වැඩේ කියන්නේ Annabelle චිත්‍රපටයේ ප්‍රධාන නිළියගෙ චරිතය කරන්නෙත් සුප්‍රසිද්ධ නිළි Annabelle Wallis විසිනුයි. ඇය X-Men: First Class (2011), Body of Lies (2008) හා The Lost Future (2010) යන චිත්‍රපට වලටද රංගනයෙන් දායකත්වට සපයලා තිබෙනවා. එමෙන්ම ප්‍රධාන නළුවගේ චරිතය කරන්නේ Ward Horton විසිනුයි. ඔහු The Wolf of Wall Street (2013)හා Christmas Wish List (2005) වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායකත්වය සපයලා තිබෙනවා. අනෙක චිත්‍රපටයේ බෙදාහැරීම් හා නිෂ්පාදන කටයුත්ත කරලා තියෙන්නේ පිළිවෙලින් WarnerBros සමාගම හා New Line Cinema යන සමාගම්ය. එමෙන්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Conjuring (2013)චිත්‍රපටය අධ්‍යක්ෂණය කල John R. Leonetti විසිනුයි. එහෙනම් අදට ඇති තවත් දවසකින් හමුවෙමුකෝ
අපි දීපු කොපිය ගැන ඔයාලාට දෙයක් කියන්න තිබෙනවා. මේ දීලා තියෙන කොපිය 350MB වුනාට එය 720p වර්ගයේ කොපියක්. ඒ කියන්නේ YIFY 750MB කොලිටියම මේ 350MB කොපියෙත් තිබෙනවා. ඒක වෙන්නේ YIFY අය තවමත් භාවිතා කරන්නේ x264 Encode ක්‍රමයක් ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා ඒ වෙනුවට නවතම Encode ක්‍රමයක් ඇවිත් තිබෙනවා ඒ තමයි x265 ක්‍රමය. එයින් ෆයිල් එකේ ප්‍රමාණය කුඩා කරන අතර කොලිටිය වැඩියෙන් දෙන්න පුළුවන්. ඉතිං ඔයාලාට කරන්න තියෙන්නේ ඔයාලාගේ VLC හා KMPlayer එක යාවත් කාලීන කිරීම පමණයි වෙන විදිහකට කිව්වොත් Update කිරීම පමණයි. හැමෝම අදම මේ ක්‍රමය අත්විඳින්න.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 350MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB WEBRIP Direct Link එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 350MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න