Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Hotel Transylvania [2012] සිංහල උපසිරැසි සමඟ

$
0
0

ඩ්‍රැකියුලා කියන්නේ කවුද කියල නොදන්නා කෙනෙක් හොයා ගන්න අමාරු දෙයක්නේ. ඇත්තටම ඩ්‍රැකියුලා කියන්නේ කවුද ? ඩ්‍රැකියුලා කියන්නේ රොමේනියාව නම් වූ රටේ Transylvania නම් වූ ගමේ ජීවත්වුණු රජ කෙනෙක් ඔහුගේ ඇත්ත නම වෙන්නේ Vlad the Impaler. මෙම පුද්ගලයා එවකට ඇතිවූ යුද්දය තුලදී මිනිසුන් ඉතා කුරිරු අයුරින් මරා දමල තියෙනවා. ඒ නිසාම තමයි ඔහුගේ ජිවිත කතාව අලලා ඉතිහාසයේ ඉඳලම එක් එක් චරිත ඇතුලත් කරලා චිත්‍රපටි සහ පොත් පත් වල කතා නිර්මාණය කරලා තියෙන්නේ.
2012 වසරේ තිරගතවුණු මෙයත් එවැනි තවත් එක් කතාවක් අඩංගු චිත්‍රපටයක්. විශේෂත්වය වෙන්නේ මෙය ඇනිමේෂන් එකක් වීම සහ මෙය කුඩා ළමුන් එක්ක බලන්න පුළුවන් විදිහේ ඩ්‍රැකියුලා කතාවක් වීමයි. හොඳයි කතාව වෙන්නේ ඩ්‍රැකියුලාගේ බිරිඳ මනුෂයින් විසින් මරාදමනවා (වෙන ෆිල්ම වල ඒකෙ අනිත් පැත්ත නේද වෙන්නේ ?). ඊට පසුව ඩ්‍රැකියුලාට ඔහුගේ කුඩා දියණියව තනිවම මන්දිරයේ හදා වැඩ ගන්න වෙනවා, ඩ්‍රැකියුලා සහ ඔහුගේ මිත්‍රයින්ට මිනිසුන් විසින් කරන හිරිහැර නිසා ඔහුට තම දියණියට ආරක්ෂිතව සිටීමට සහ තම මිතුරන්ට ආරක්ෂිතව නිවාඩුවක් එහෙම ගතකන්න “ට්‍රාන්ස්ලවෙනිය ා හෝටලය” නමින් හෝටලයක් නිර්මාණය කරනවා. ඔහු තම දියණිය මිනිස් වසයෙන් තොරව හදා වඩා ගත්තක් , දිනක් අගේ උපන්දිනය දිනයේ තරුණ පිරිමි ළමයෙකු අහම්බෙන් මේ හොටයට පැමිණෙනවා. එතන ඉඳල කතාව ටිකක් වෙනස් වෙනවා. මෙහෙම කියල ඇත්තටම වැඩක් නැහැ.
මේ කතාව ඔයාලටත් පුංචි නංගිලා මල්ලිලා හෝ දුවල පුතාල ඉන්නවනම් ඔවුන් එක්ක එකට ඉඳගෙන බලන්න කියල මම ආරාධනා කරනවා. ඒ තරම් මේ චරිත සහ දෙබස් හරිම ලස්සනයි. දෙබස් කියුවහම මතක් වුනේ මේ චරිත තුල ඩ්‍රැකියුලා ගේ චරිතයට හඬ කවන්නේ මෙවරPeople’sChoice සම්මාන උළෙල තුලදී හොඳම විකට නළුවාට හිමි සම්මානය හිමි කරගත්Adam Sandler විසින් සහ , ඩ්‍රැකියුලාගේ දියණියට හඬ කවන්නේ, තරුණන් අතරේ ප්‍රසිද්දSelena Gomez විසිනුයි. ඒ වගේම හැම පුංචි චරිතයකට වුනත් බොහොම ප්‍රසිද්ද නළු නිලියන් තමයි මේ චිත්‍රපටය සඳහා හඬ කැවිමෙන් එකතුකරගෙන තියෙන්නේ.
ඇත්තටම මේ චිත්‍රපටියට උපසිරසි දාල දෙන්න කියල ඇඩ්මින් කියුවේ අද හවස, ඉතින් තාරකගේ උදවුවත් එක්ක හැකි ඉක්මනින් මෙය ඔබේ අතට ඕනනේ එහෙනම් පත් කෙරුවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර සමඟ ධනුෂ්ක ලක්මාල් විසිනි

චිත්‍රපටිය හා සිංහල උපසිරැසි මෙතැනින් ලබා ගන්න


Viewing all articles
Browse latest Browse all 660

Trending Articles