Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Tamanchey (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0



2014 ඔක්තොම්බර් මස තිරගත විම ආරම්භ කරන ලද චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ප්‍රධාන චරිත ලෙස Hate Storyචිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ Nikhil Dwivedi ද Gangs of Wasseypur,Ram-Leelaවැනි චිත්‍රපටිවල රඟ පෑ Richa Chadda ද රංඟනයෙන් දායකවෙයි. චිත්‍රපටිය වර්ඟ කරලා තියෙන්නේ romantic,crime,comedy ගනයටයි. වැඩියෙක් නැතුව කතාව ගැන කියන්නම් කෝ මුන්නා කියන්නේ මිනිස්සුන්ව කිඩ්නැප් කරලා සල්ලි ඉල්ලන කෙනෙක්. එතකොට බාබු කියන්නේ මත්ද්‍රව්‍ය ඡාවරම් කරන යුවතියක්. ඇය අනුවර්තන නාමයක් දාගෙන තමයි ඉන්නේ බාබු කියලා. කොහොම හරි දිනක් මුන්නාව වගේම බාබුවත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මේ දෙන්නාව තවත් සිරකරුවන් එක්ක වාහනේ දාලා ගමන් ගන්න කොට වාහනේ අනතුරකට පත්වෙනවා. මේ අනතුරින් කොහොම හරි බාබුයි මුන්නායි දිවිගලවගන්නවා. පොලිසියේ අය හිතන්නේ මේ වාහනේ ගිය සේරම අය මැරෙන්න ඇති කියලා.කොහොම හරි මුන්නා කියන්නේ ටිකක් මෝඩ පහේ වැඩ කරන කිසිම බරක්පතලක් හිතන්නේ නැති කෙනෙක්.ඉතින් මුන්නාගේ මේ හැසිරිම නිසා පොලිසියට ආපහු අහුවේවි කියලා හිතලා බාබු මුන්නා එක්ක ඒ පලාතෙන් පිටවෙන කම් ඉන්නවා. කොහොම හරි මේ දවස් ටිකේදි මුන්නාට බාබුට ආදරයක් ඇති වෙනවා.මේක ඇයට තේරෙනවා මුන්නා තමන්ට ආදරය කරන්න හදනවා කියලා. කොහොම හරි ඇය මුන්නාව මඟහැරලා යනවා. නමුත් මුන්නා ඇයව හොයාගන්න තිරණය කරනවා. කොහොම හරි බාබු මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ව්‍යාපාරයේ ලොක්කා (රානා) ගේ පෙම්වති. ඇය මේ සම්බන්ධයට කැමැත්තක් නෑ. නමුත් රානා ලොකු මැරයෙක් නිසා ඇය රානා එක්ක එකට ඉන්නවා. මේ බව මුන්නා දැන දැන රානාගේ කණ්ඩායමට එකතුවෙනවා. මුන්නා කොහොම හරි බාබුව කැමැති කරගෙන පැනලා යන්න තමයි පැලැන් කරන්නේ. නමුත් බාබු දන්නවා රානා එහෙම කලොත් තමන්ට වගේම මුන්නාටත් යහතින් ඉන්න දෙන්නේ නෑ කියලා. මම හිතන්නේ කතාව ඇති....දන්නවානේ ආදරේ කරන්න ගියාම කාටවත් බය නෑ කියලා ඉතින් මුන්නාටයි බාබුටයි මොනා වේවිද ඒ දෙන්නාගේ ආදරේ ජයගනිවිද? මේ චිත්‍රපටියේ සිංදු ටිකක් පරණ ටයිප් එකට හදලා තියෙන්නේ මියුසික් එහෙම.අහලා බැලුවාම තේරෙයි. ඒ සේරටමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනකම් සමුගන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles