Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Helix Complete Season 1 සිංහල උපසිරැසි සමඟ

$
0
0

Helix Season 1

මෙවර කතාමාලාවෙන්..
ඔන්න එහෙනම් මේ වසරේ විකාශය වුණු තවත් අලුත්ම කතාමාලාවක් අරගෙන ආවා. මේක Syfy නාළිකාවේ විකාශය වුණු එකක්. මෙම කතාමාලාවට 10500+ / 7.2ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා. අපේ හිරාන් සහෝදරයාගේ ඉල්ලීමකට අනුව තමයි මම මේකට උපසිරැසි දැම්මේ. කොටස් 13කින් සමන්විත මෙම පළමු කතාමාලාවේ මුල් කොටස් 3ට උපසිරැසි ගන්වලා දුන් ඉමාල් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

මෙම හීලික්ස් කතාමාලාවට 47 Ronin, The Last Samurai,The Wolverine වැනි ජනප්‍රිය චිත්‍රපට වලට රංගනයෙන් දායක වුණු ප්‍රසිද්ධ ජපන් රංගන ශිල්පියෙකු වන Hiroyuki Sanada රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම මේ කතාමාලාව හදලා තියෙන්නේ LOST,X Files හදපු අයමයි. ඉතින් කතාව ගැන කියන්න උවමනා නැති වේවි.

කතාමාලාවේ සිද්ධිය මේකයි. ILARIA නැමැති සමාගමක් ආක්ටික් වල තියෙන විද්‍යාගාරයක් කුලියට අරගෙන දරුණු වයිරසයක් නිර්මාණය කරවනවා. නමුත් මේක නිර්මාණය කරපු අයට ප්‍රතිවයිරසයක් සාදාගැනීමට බෑ. මෙය කෘත්‍රිමව නිර්මාණය කරපු බවක් නොදන්නා රෝග මර්දන ඒකකයේ විද්‍යාඥයින් පිරිසක් මෙයට ප්‍රතිවයිරසයක් නිපදවීමට ආක්ටික් වලට යනවා. එයාලට ප්‍රතිවයිරසයක් සාදා ගැනීමට නොහැකි වුණොත් එම ස්ථානයෙන් ඔවුන්ට පිටවෙන්න වෙන්නේ නෑ. කතාවේ මුල් කොටසේ තියෙන්නේ ඔය සිද්ධිය තමයි. කතාමාලාවේ මුල් කොටස් කීපය විද්‍යාත්මක පැත්තට බර වුණත් කතා මාලාවේ වැඩි හරියක් Thriller ගණයට අයත් වෙනවා. මෙම කතාමාලාවේදී ඔයාලට අමරණීය මිනිසුන්වත් මුණගැහේවි. මෙම වයිසරය නිපදවපු හේතුව, ILARIA සමාගම කරගෙන යන්නේ කවුද, අමරණීය මිනිසුන් මොන වගේද කියලාත් එහෙනම් කතාව නරඹලාම බලාගන්නකෝ. සැමට ජය! 








 

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles