Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Born To Race 2 Fast Track (2014) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


ඔන්න ඉතින් අද අපි අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුන තවත් හොද චිත්‍රපටයක් එක්ක, මේකෙ පළවෙනි කොටසටත් අපේ අඩවියෙන් උපසිරැසි නිකුත් කරලා තියෙනවා, Born to Race (2011)පලවෙනි කොටස බලල නැති අය මෙතනින් ගිහින් ඒක බලන්න, පළවෙනි කොටසෙදි සිද්ද වෙන්නෙ ඩැනී කෘගර් එයාගෙ රේස් පදින ජීවිතය ආරම්භ කරන විදියනෙ, ඉතින් මේ පාර කොටසෙදි සිද්ද වෙන්නෙ, ඩැනී කෘගර්ට අවස්තාව ලැබෙනවා ලෝකයෙ පුරාම රේස් පදින අය අතරින් සුපිරිම දක්ශයො අට දෙනෙක් විතරක් බදවගන්න FAST LANE රියදුරු පාසළට ඇතුලත් වෙන්න, ඉතින් ඩැනී දක්ශයෙක් වුනාට මෙයාට මෙතනදි වැඩ පෙන්වන්න ලැබෙන්නෙ නෑ මොකද, ඉතිරි හත් දෙනාම ලෝකයෙ හැම තැනින්ම ආව සුපිරිම දක්ශයො නිසා,ඒවගේම මේ පාඨමාලාව අවසානයේ ජයග්‍රහනය කරන දෙන්නට, ලෝකයේ හොදම ධාවකයන් තමන්ගෙ තරඟ ජිවිතය ආරම්භ කරන Lucas Oil Cup ශූරතාවට සහභාගි වෙන්න, ඉතින් මේ පාසලේදි දෙදෙනා බැගින් කණ්ඩායම් හතරක් වෙන් කරනවා, ඉතින් ඩැනීගෙ හවුල්කාරයා විදියට ලැබෙන කෙනාට පොඩි ඇබැද්දියක් සිද්ද වෙලා පාඨමාලාවෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවාඅ, ඉතින් හවුල්කාරයා නැති වුන නිසා ඩැණීටත් ඉවත් වෙන්න සිද්ද වෙන නිසා, කලින් ලැබුන අයදුම්පත් අතුරින් කෙනෙක්ව හොයනවා, හැබැයි ඒ විදියට තෝරගන්නෙ ඩැනීගෙ හතුරෙක්, ඉතින් කතාව ආරම්භ වෙන්නෙ ඉතින් ඩැනීගෙ සඟයා විදියට එන්නෙ කවුද, එයත් එක්ක කොහොමද ඩැනී සහයෝගයෙන් වැඩ කරන්නෙ, ඩැනීට ලෝක ශූරයක් හැම දෙනාම පරාද කරලා පාඨමාලාවෙ ජයග්‍රහණය ගන්න පුලුවන් වේවිද කියල ප්‍රශ්න වලට උත්තට මේ චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, ඒවගේම කියන්න ඕනෙ, කලින් කොටස නැරඹුවේ නෑ කියලා ලොකු ගැටලුවක් නෑ, මොකද කලින් කතාව එක්ක මේකෙ වැඩි සම්බන්දයක් නෑ, එවග්ම මේකෙ උපසිරැසියෙ අඩුපාඩු ගොඩක් තිබුනා, ඉතින් පුලුවන් විදියට අපි දෙන්නම ඒකෙ අඩුපාඩු හරිගස්වගෙන තමයි ඔයාලට මේක අරගෙන ආවෙ, එහෙනම් මේක රසවිදින්න කියන ඉල්ලිමත් එක්ක ගිහින් එන්නම්, ජයවේවා!










Viewing all articles
Browse latest Browse all 660

Trending Articles