Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Road to Paloma (2014) සිංහල උපසිරැසි සමඟින්

$
0
0

කොහොමද යාළුවනේ? ඔන්න මගේ 51වෙනි උපසිරැසියත් එක්ක මම ආපහු ආවා. අද ආවේ මේ අවුරුද්දේ නිකුත් වුන පට්ට සළරුවක් අරගෙනයි. මේ වැඩේ ඉක්මනින් ඉවර කරගන්න සහාය වුන, අපේ අසිත සදරුවන් අයියාට මුළින්ම ස්තූතිවන්ත වෙනවා. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත්වෙලා, දැන් දවස් දෙකක් විතර වෙනවා. ඉතින් අපි ඔයාලට පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසිය දෙන්න හිතාගෙන හිටියාත්, තියෙන කාර්යබහුලත්වය නිසා ටිකක් විතර පරක්කු වුනා. පරක්කු වුනා නම්, සමාවෙන්න ඕනා. ඉතින් 2014 අප්‍රියේල් මස 12වන දින ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කරපු මේ සළරුවේ විස්තරයක් මම ඔයාලට කියන්නම්.


කතාවේ ප්‍රධාන චරිතය වන්නේ රොබර්ට් වුල්ෆ් ලෙස හදුන්වන, ස්වදේශීය ඇමෙරිකානු ජාතික තරුණයෙක්. ඉතින් සුදු ඇමෙරිකානු ජාතිකයෙක් මොහුගේ අම්මාව ඝාතනය කරනවා. මේ ඝාතකයාගෙන් වුල්ෆ් පළිගන්නවා. තමන්ගේ මවට නීතියෙන් කිසිම සරණක් නොලැබුනත්, සුදු ජාතිකයාගේ මිනීමැරුමට නීතිය ප්‍රතිචාර දක්වනවා. ඉතින් තමන්ගේ සහෝදරිය ගාව තියෙන
අම්මාගේ අළු ටික ඉල්ලගන්නත් එක්ක වුල්ෆ් සැතපුම් ගාණක් දුර තිබෙන ප්‍රාන්තයකට යන්න පටන්ගන්නවා. මේ අතර පොලිසියේ විශේෂ නියෝජිතවරු දෙන්නෙක් වුල්ෆ්ව අත්අඩංගුවට ගැනීමට ඔහුව හොයමින් පැමිණෙනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලාම දැනගන්න. වුල්ෆ්ගේ මේ ගමන කොතනින් කෙළවර වෙයිද?

නැවතත් අසිත සදරුවන් සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතරම, සූම් එක වෙනුවෙන් නිතරම කැපවෙන අපේ HEDz අයියාටත් ස්තූතිවන්ත වෙනවා. තවත් ලස්සන චිත්‍රපටියකින් ළගදීම හමුවෙමු. සූම් එන අගෝස්තු මාසයේ ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. කට්ටියටම සුබම සුබ දවසක් වේවා!









Viewing all articles
Browse latest Browse all 660

Trending Articles