Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

India Pakistan (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


දොස්තරලා දෙන්නෙක්ට එතකොට ඉන්ජිනේරුවන් දෙන්නෙක්ට එක ලඟ කිසිම ප්‍රශ්ණයක් නැතුව තමන්ගේ ආයතන පවත්වාගෙන යන්න පුලුවන්, හැබැයි නීතීඥවරු දෙන්නෙක්ට ඒ ව්දියට එක ලඟ තමන්ගේ කාර්යාල පවත්වාගෙන යන්න තියා හිතන්නවත් බෑ, මොකද නීතීඥවරු අතරේ හරිම තරඟයක්නේ තියෙන්නේ, ඔන්න ඉතින් දෙයියනේ කියලා අපේ කතානායක දෙන්නමත් නීතීඥවරු මේ දෙන්නම නීති විභාග පාස් කරලා හා හා පුරා කියලා තමන්ගෙම කාර්යාල දෙකක නීතීඥවරු විදියට තමන්ගේ වෘත්තිය ඉදිරියට කරගෙන යන්න තමා මේ දෙන්නගෙම බලාපොරොත්තුව, ඉතින් දෙන්නම හොද බ්‍රෝකර් කෙනෙක් හොයාගෙන කාර්යාලයක් පටන් ගන්න ගෙදරක් හොයාගෙන යනවා, ඔන්න ඔය අතරේ කොල්ලට කෙල්ල ගැන පොඩි මෙව්වා එකකුත් ඇති වෙනවා, හැබැයි දෙන්නම දන්නෙ නෑ, අනිත් කෙනා නීතීඥයෙක් කියලා, අන්තිමේදි බ්‍රෝකර්ලා සෙට් වෙලා දෙන්නටම එක ගෙයක් සෙට් කරනවා, හැබැයි බ්‍රෝකර්ලා දෙන්නා ඇත්ත හෙලි කරන්නේ නෑ, ඔන්න ඉතින් කොල්ලත් කෙල්ල ගැන පොඩි මෙව්වා එකක් තියෙන එකේ, දෙන්නම එකතු වෙලා බොහොම සහයෝගෙන් එක ගෙදර බෙදාගෙන කාර්යාලත් දාගෙන අන්තිමට තමන්ගේ බොඩ් ලෑල්ල එල්ලන්න එනකොට තමයි වැඩේ පත්තු වෙන්නේ, ඔන්න ඉතින් එතන ඉදන් මේ දෙන්නා ඉන්දියාවයි පාකිස්තානෙයි වගේ, වලි විතරමයි, දෙන්නා අලුත් නිසා නඩුවක් හොයාගන්නත් හරි අමාරුයි, ඒකත් තව කෙනෙක් දොරකඩම ඉන්න නිසා තවත් ලේසි නෑ, නඩුවක් ගන්න මරාගන්නෙ නැති ටික විතරයි, ඔන්න ඔය අතරේ දෙන්නටම නඩුවක් සෙට් වෙනවා මේක එසේ මෙසේ නඩුවක් නෙමෙයි හරියට පතරංග ජාතකේ වගේ ඉඩම් නඩුවක්, ඉඩම් නඩුවක් කිව්වම හිතාගන්න පුලුවන්නේ, ඔන්න කතාවෙන් බොහොම පොඩ්ඩයි ඔයාලට කිව්වෙ, හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක, අනිවාර්යෙන්ම නරඹන්න කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles