පරක්කු වුනත් අරගෙන ආවා ගොඩක් අය ඉල්ලලා තිබ්බ චිත්‍රපටියක්. අප්‍රේල් 22වැනිදා ඇමරිකාවේ තිරගතවීම අරඹපු මේ චිත්‍රපටයට ඇ.ඩො.මි. 115ක් වියදම් කර තිබෙනවා. Thor චිත්‍රපටිවලින් වීරයෙක් වුණ ඔයා දන්න ක්‍රිස් හෙම්ස්වර් ත් මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟදක්වනවා. මේ චිත්‍රපටය Snow White and the Huntsman චිත්‍රපටයේ ඊළඟ කොටස වශයෙන් තමයි එන්නේ.නමුත් හරියටම කිව්වොත් ස්නෝවයිට් කතාවට කලින් සිදුවුන සිදුවිමක් තමයි චිත්‍රපටියේ තියෙන්නේ..ඒ කියන්නේ කලින් ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. මේක බලලා ඒක නැරබුවාත් අවුලක් නැහැ. නමුත් කලින් එක බලලා නැත්නම් ඒක බලලාම නරබන්න.
රැවෙනා රැජින කියන්නෙ නපුරු මායාකාරියක්. ඇයට විශේෂ බලයන් තියෙනවා. ඇය මේ බලය පාවිච්චි කරලා ලොකු භූමියක් තමන් අණසකට යටත් කරගෙන ඉන්නේ. ඉතින් ඇගේ සොයුරිය, ෆ්‍රේයා, ඇන්ඩෘ කියලා කෙනෙක් සමඟ ආදර සම්බන්ධයක් ඇතිකරගෙන කියලා දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇගේ කුසේ ඔහුට දාව දරුවෙක් උපදින්නත් ඉන්නවා. ඒ දරුවා තමයි ලස්සනම අයගෙත් ලස්සනම කෙනා වෙන්නේ. ෆ්‍රෙයාට දරුවා ඉපදෙනවා. නමුත් ඇන්ඩෘ දරුවාව මරනවා. මෙතැනදි මෙච්චර කාලයක් එළියට නොආපු ෆ්‍රේයාගේ මායා බලය එළියට එනවා.
තමන්ගේ දරුවා නැතිවුන දුක සහ තරහා හිතේ තියාගෙන රාජධානිය හැරලා ෆ්‍රේයා යනවා. ගිහින් තමන්ගේම අයිස් මාලිගාවක් හදනවා. උතුරු ප්‍රදේශයම අයිස් කරනවා. මෙතැනින් තමා කතාව පටන් ගන්නේ. කතාවෙ ගොඩක් දේවල් තියෙනවා. මම හැඳින්වීමක් කලේ. ඉතුරු ටික බලලා කතාව තේරුම් ගන්න එක ඔයාට බාර.
එහෙනම් ඉක්මනින්ම තව ෆිල්ම් එකක් අරගෙන එන්නම් මම. එතකල් හැමෝටම තෙරුවන් සරණයි!
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 850MB WEBRIP Torrent File එක
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න