Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Mr.Right (2015) Sinhala Subtitles

$
0
0

ඔන්න යාළුවනේ මාස එක හමාරකට විතර පස්සේ ආපහු සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා. මේ පාර මං අරගෙන ආවේ මාස ගාණකට කළින් බාරගත්ත ඉංග්‍රීසි චිත්‍රපටියක්.
මේක මෙච්චර පරක්කු වුන එක ගැන මං මුළින්ම සමාව ඉල්ලනවා. IMDB දර්ශකයේ 6.3ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරපු දර්ශන අයියාට ස්තූතිවන්ත වෙනවා. මෙහි ප්‍රධාන චරිත වලට පණපොවන්නේ, Sam Rockwell සහ Anna Kendrick විසින්. 2015 සැප්තැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටිය ගැන පුංචි විස්තරයක් කරන්නම්.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ, ෆ්‍රැන්සිස් කියන පුද්ගලයායි. මොහු ඉතා දරුණු කුළියට මිනීමරන පුද්ගලයෙක්. ඒත් තමන්ගේ වැරදි අවබෝධ කරගෙන, මොහු තමන්ව කුළියට ගන්න උත්සාහ කරන පුද්ගලයන්ව ඝාතනය කරන්න පටන්ගන්නවා. ඉතින් මේ අතරතුරේදී තමා, ඔහුට මාර්තා කියන ගැහැණු ළමයාව මුණගැහෙන්නේ. ඉතින් මාර්තා, ෆ්‍රැන්සිස් දෙන්නා එකිනෙකාට ආදරේ කරන්න පටන්ගන්නවා. ඒත් මාර්තා ෆ්‍රැන්සිස්ගේ ඇත්ත දැනගත්තාට පස්සේ මොනාද වෙන්නේ කියලා ඔයාලා චිත්‍රපටිය නරඹලාම හොයාගන්න. මං මේ කියපු දේවල් වලට වඩා සෑහෙන්න විස්තරයක් තියෙනවා. ඒවා ඔක්කොම විස්තර කෙරුවොත් චිත්‍රපටියේ කුතුහලය නැතිවෙන නිසා, ඒ පිළිබඳව ඔයාලා චිත්‍රපටිය නරඹලාම දැනගන්න. Action, Comedy සහ Romance ගණයන්ට අයත්වෙන මේ චිත්‍රපටිය අදම ඔයාලාත් සිංහල උපසිරැසි එක්කම නරඹන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙනකම් මං ඔයාලාගෙන් සමුගන්නවා. ඉක්මනින්ම තවත් ලස්සන චිත්‍රපටියකින් මුණගැහෙමු. හැමෝටම සුබ රාත්‍රියක් වේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles