Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Barefoot To Goa (2015) සිංහල උපසිරැසි සමඟින්

$
0
0
තවත් ඩ්‍රාමා පැත්තට බර හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ හදන්නේ...මේකත් මං ලඟදි දුන්න Nil Battey Sannata වගේම චිත්‍ර‍පටියක්. ඉතින් එවැනි චිත්‍ර‍පටි වලට ප්‍රියකරන අයට මේකත් ඉතාමත් හොද රසවින්දනයක් ගෙන දේවි... Praveen Morchhale අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටියේ සේරම නළු නිලියන් අපිට සුපුරුදු දකින්න පුලුවන් අය නෙමෙයි සේරම අලුත් මුහුණු තමයි.

කතාව ගැන කිව්වොත්... ගෝවා වල සිටින මිත්තනියක් තමන්ගේ මුණුබුරන් දැක ගැනිමට ආසාවෙන් ඉන්නවා. ඔවුන් ඉන්නේ මුම්බායි වල. මේ තමන්ගේ පුතාගේ මුණුබුරන්. ඇය නිතරම සතිපතා තමන්ගේ පුතාට ලියමනක් යවනවා තමන්ට මුණුබුරන් එක්ක කාලය ගත කරන්න ආසයි වෙලාවක් ලැබුන ගමන් ගෝවා වලට ඇවිත් යන්න එන්න කියලා. නමුත් මේ යවන එක ලියමනක්වත් ඔහුට ලැබෙන්නේ නැහැ. හේතුව ඔහුගේ බිරිද. ඇය කැමැති නැහැ තමන්ගේ ස්වාමියාගේ අම්මාව තමන්ගේ ගෙදර නවතින්න එනවාට වත් නැත්නම් ඇයව බලන්න යනවාටවත්. ඉතින් ඇය කරන්නේ ස්වාමියාගේ මව එවන ලියුම් සියල්ලම ඔහුට නොදි අල්මාරියේ සඟවා තැබිම. මේ දෙන්නාගේ ළමයි දෙන්නා තමයි පාකර් හා දියා කියන්නේ. දිනක් දියා තම මවගේ අල්මාරිය අවුස්සලා බලද්දි දකිනවා නොකැඩු ලියුම් තොගයක් තියනවා.ඔවුන් එවා කඩලා කියෙව්වාම දැනගන්නවා මේ සේරම ආච්චි එවපු ලියුම් කියලා. මේ දෙන්නාම කැමැතියි ආච්චි ඔවුන් එක්ක ඉන්න එනවා නම්, නමුත් මොවුන්ගේ අම්මා ඒකට ඉඩ නොදෙන බවත් ඔවුන් හොදින්ම දන්නවා. දියා සැලසුමක් ගහනවා තාත්තාට මේ ලියුම් ටික පෙන්වන්න. නමුත් ඒය අසාර්ථක වෙන්නේ දියාගේ තාත්තා රාජකාරිවැඩක් වෙනුවෙන් පිටරට යැම නිසා. තාත්තා එන්න පරක්කු වෙන නිසාම දියා තමන්ගේ අයියා එකක් කල්පනා කරනවා ගෝවා ගිහින් ආච්චිව එක්කගෙන එන්න. පුංචි පොඩ්ඩෝ දෙන්නෙක්ට මේ වැඩේ කරන්න කොහොමත් ආමරුයිනේ. අනික මුම්බායි වල ඉදන් ගෝවා වලට සැහෙන දුරක් තියනවා. නමුත් දියා තමන්ගේ අයියා එක්ක ගෙදර කාටවත්ම නොකියා පාසල් නොයා උදැසනින්ම පිටත් වෙනවා ගෝවා යන්න. මොවුන් ගෝවා යන දුම්රියට නැග්ගාත් ප්‍රවේශපත්‍ර‍ ගන්න අමතක විම නිසා මඟින් බහිනවා...මොවුන්ගේ මේ ගෝවා වලට යන ගමන තමයි චිත්‍ර‍පටිය පුරාවට දිවෙන්නේ. මේ පොඩ්ඩෝ දෙන්නාට ගෝවා යන්න පුලුවන් වේවිද ගිහින් තමන්ගේ මිත්තනිය බලන්නට හැකි වේවිද? නැත්නම් මොවුන්ගේ ගමනනාත්යට යන්න කලින් නිවසට අසුවේවිද? සේරම උත්තර චිත්‍ර‍පටිය බැලුවොත් දැනගන්න පුලුවන්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles