මුලින්ම කියන්න ඕන මේක අමුතුම විදිහෙ කතාවක්...මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ ඩේවිස් කියන කෙනා.. ඔහු තම බිරිඳ මිය යෑමෙන් පසු තනිකම තුල ජීවත් වන නිසාදෝ එක එක පිස්සු වැඩ කරනවා.. වෙලාවකට හිතෙනවා මානසික ලෙඩෙක්ද කියලා.. කතාව බලනකොට වෙලාවකට හිතෙනවා ඔහු බිරිඳට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි කියලා.. බිරිඳගෙ මරණය දවසෙත් මෙයා බොරුවට අඬන හැටි පුහුණු වෙනවා.. තැනක කියනවා තමන් බිරිඳට ආදරේ නොකරපු බව.. බිරිඳ මිය ගිය රෝහලේ පීනට් මැෂිමෙන් පැකට්ටුවක් ගන්න යනකොට සල්ලි දැම්මත් පැකට්ටුවගන්න වෙන්නෙ නෑ.. සාමාන්‍යෙයන් තමන්ගෙ කෙනෙක් මිය ගියාම ඒ ගැන ශෝක වෙවී ඉන්නවා හැරෙන්න පීනට් පැකට්ටුව ගැන ඒ ආයතනයට දොස් පවරන්න ලියුම් ලියන්න නෑනෙ.. ඒත් මෙයා එදා පීනට් පැකට් එක ගන්න බැරිවුනා කියලා ලියුමක් කම්පැනියට ලියනවා.. ඒ විතරක් නෙමෙයි මෙයාගෙ පුද්ගලික දේවලුත් ලියනවා.. බිරිඳ යාලුවුන විදිහ.. මිතුරන් එක්ක තරහා වුන විදිහ, පාරෙදි හම්බෙන අහඹු මිනිස්නු ගැන මෙයා මේ ආයතනයට ලියනවා.. ඉතින් මේ පුද්ගලයා කරන මේ වැඩ නිසා වෙලාවකට හිතෙනවා මානසික පිස්සෙක්ද කියලා..හැබැයි කුතුහලය තියෙන අවසානය ගැන හිතාගන්න බැරි කතාවක්
මේ චිත්‍රපටය නිබෙදා හැරීම් කරලා තියෙන්නෙ Fox Searchlight ආයතනය විසින්... ඒ වගේම චිත්‍රපටයෙ රංගනයෙන් දායකත්වය සපයලා තියෙන්නෙ මම ආසම සුපරි නළු Jake Gyllenhaal විසින්.. ඔහු Nightcrawler,Source Code, Zodiac, Donnie Darko වැනි චිත්‍රපට වල අති සාර්ථක ලෙස ප්‍රධාන චරිතය හොබවලා තියෙනවා.. එමෙන්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jean-Marc Vallée විසිනුයි.. ඉතින් කතාව බලලා හොඳද නරකද කියලා තීරණය කරන්න. iMDB හි 7.2 ක අගයක් ලබාගත් නිසා ඔයාලා මේ චිත්‍රපටය බලන්න තවත් උනන්දු වේවි.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් හා චම්පික ලක්රුවන් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න