Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Pencil (2016) Sinhala Subtitles

$
0
0

Mani Nagaraj විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය thriller ගණයට අයත්වුවක්... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න G. V. Prakash Kumar හා Sri Divya රංඟනයෙන් දායක වෙනවා... පාසලක සිදුවෙන මිනිමැරුමක් වටා තමයි කතාව දිව යන්නේ... ඒක නිසා ටිකක් රහස්පරික්ෂක කතා වගේ බලන්න හොයන අයට මේක හොද චිත්‍ර‍පටියක් වේවි...

කතාව ගැන කිව්වොත්… ශිවා, නිතින් සහ මායා කියන තුන්දෙනා ඉගෙන ගන්නේ එකම පාසලේ වගේම එකම පන්තියේ. ශිවා කියන්නේ හොදට ඉගෙන ගන්න පාසලේ නමත් තියාගෙන ඉන්න ළමයෙක් එතකොට මේ නිතින් කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙකුගේ පුතෙක්.ඔහු පාසලේ හැසිරෙන්නේ මෙහේ ඇමති මන්ත්‍රිවරුන්ගේ පුත්තු හැසිරෙන්නේ අන්න ඒ වගේ තමා හෙන ලොකු කමකින්...එතකොට මේ මායා කියන්නේ පොලිස් කොමිෂ්නර්ගේ දුව.නිතින් සහ ශිවා හැම වෙලේම රන්ඩු වෙනවා. දෙන්නාට දෙන්නා පෙන්න බැහැ මේ රණ්ඩුවලට යම් කිසි විදියට මායාත් ගැවෙනවා මොකද ශිවා මායා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා. කොහොම හරි සමාන්‍ය සුපුරුදු පරිදි පාසල පැවැත්වෙන දිනක නිතින්ව විවේක කාලයේදි කෙනෙක් පැන්සලකින් ගෙලට ඇනලා ඝාතනය කරනවා. මේ සැකය කෙලින්ම එන්නේ ශිවාට...මොකද මේ මිනිමැරුම උන තැන තියන හැම ඇඟිලි සලකුණක්ම ශිවාගේ... මේ සිදුවිම මායාත් දකිනවා. මායා විශ්වාස කරනවා මේක ශීවා කලේ නැහැ කියලා... කොහෝම හරි පාසල ඉවර වෙන්න කලින් කල් තියනවා මේ අයට මේක කලේ කවුද කියලා හොයා ගන්න නැත්නම් කෙලින්ම මිනිමැරුම් චෝදනාව එල්ල වෙන්නේ ශිවාට? ඇත්තටම නිතින්ව මැරුවේ කවුද? එහෙම කලා නම් කවුද කලේ? ශිවා හා මායාට මේක පැය කිහිපයකින් විසදගන්න පුලුවන් වේවිද? දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා. 


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles