ඔන්න මං තවත් ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආයෙමත් ආවා. මේ පාර මං අරගෙන ආවේ, 2014 වර්ෂයේ නිකුත් වුන කෙටි චිත්‍රපටියක්.මේ සළරුව IMDB දර්ශකයේ 8.2ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත්වෙලා තිබෙනවා. විනාඩි 44ක් වැනි කාල පරාසයක දිවයන මෙම චිත්‍රපටිය Short සහ Family යන ගණයන් යටතේ වර්ගීකරණය කොට තිබෙනවා. BBC සමාගමේ තවත් අපූරු කෙටි චිත්‍රපටියක් වන මෙය Mark Brownlow විසින් ඉතාමත් අපූරුවට අධ්‍යක්ෂණය කොට තිබෙනවා. එහෙනම් මං මේ චිත්‍රපටිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.
මෙම සළරුවේදී අපිට වීරයන් දෙදෙනෙකු මුණගැහෙනවා. කතාව ගෙතී තිබෙන්නේ මොවුන් දෙදෙනාගේ ජීවිත වලට එන අභියෝග පිළිබඳවයි. ඉතින් මෙයින් එක්කෙනෙක්,උතුරු ඇමෙරිකාවේ වනයක ජීවත්වන පුංචි ලේනෙක්. අනිත් කෙනා, බටහිර ඇමෙරිකාවේ කාන්තාරයක ජීවත්වන පුංචි මීයෙක්. ඉතින් මේ දෙන්නා වෙනස්ම වූ පරිසරයන්දෙකක ජීවත්වුනත් මොවුන් දෙදෙනාටම ඉතා භයානක වූ අභියෝග වලට මුහුණදීමට සිදුවනවා. ඒ අභියෝගයන් පරදා ඔවුන් තමන්ගේ ජීවිතය ජයගැනීම පිළිබඳව තමා, මේ සළරුවෙන් අපිට නිරූපනය කරන්නේ. ශරීරයෙන් අපිට වඩා බෙහෙවින් කුඩා වුවත්, ඔවුන්ටත් අන් සියළුම සත්ත්වයන්ට මෙන් විශේෂ වූ හැකියාවන් පවතිනවා. නිතරම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි බලන අයට, මේ චිත්‍රපටිය ඉතාමත් හොඳ තේරීමක් වේවී. මොකද මේ චිත්‍රපටිය අප සැබෑ ලෝකයේ ජීවත්වන සත්ත්ව කොට්ඨාශයන් සැබැවින්ම අත්විඳින අභියෝගයන් අලලා නිර්මාණය වූවක් හින්දා. ඉතින් තමන්ගේ කාලයෙන් විනාඩි 45ක් වැනි පුංචි කාලයක් වැය කරලා, මේ චිත්‍රපටිය ඔබත් අදම නරඹන්න. මේ සළරුවෙන්අපගේ ජීවිතයටත් ගතහැකි ආදර්ශ බොහොමයක් තිබෙනවා. ඉතින් චිත්‍රපටියේ එන අපූරු වැකියක් සඳහන් කරමින් මං ඔයාලගෙන් සමුගන්නවා. නැවතත් ළඟදීම ලස්සන
චිත්‍රපටියකින් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක් වේවා.
"අපත් සමඟ සසඳද්දී, පුංචි සත්ත්වයන් ඉතාමත් අනතුරුදායක පරිසරයක ජීවත්වනවා. ඔවුන්ගේ ජීවිත කෙටියි, එහෙත් පැහැපත්ව බැබළෙනවා."
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
720P 340MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න