Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Hardcore Henry (2015) Sinhala Subtitles

$
0
0

කාලේකින් ඔන්න සබ් එකක් අරන් ආවා. කලින් කර කර හිටපු චිත්‍ර‍පටිය නම් මේක නෙමෙයි එත් මේක ටිකක් අලුත් නිසා අනික වෙනස්ම ෆිල්ම් එකක් නිසාත් මේකට සබ් එක කරලා අරන් ආවා. ඇඩ්මිනුත් මේක දෙද්දි දුන්නේ බලන්නකෝ අමුතුම ෆිල්ම් එකක් තමා මේක කියලා. මේ ෆිල්ම් එකේ විශේෂත්වය ඔයාලා නිකම් ගේම් එකක් පේලේ කරනවා වගේ තියේවි මේක බලද්දි. මේකේ හෙන්රිට පේන විදියට තමයි අපිටත් චිත්‍ර‍පටියම පෙන්නේ. ඒ කියන්නේ ඔයාට සමාන්‍යයෙන් දේවල් පෙන්නේ කොහොමද? අන්න ඒ වගේ තමයි මේ ෆිල්ම් එකම පෙන්නේ හරියට මේක ඔයාට වෙනවා වගේ අත්දැකිමක් ගන්න පුලුවන් වේවි...

කතාව කිව්වොත් හෙන්රි කියන පුද්ගලයා ලැබ් එකකින් අවදිවෙන තැනකින් තමයි කතාව පටන් ගන්නේ. මොහු අර්ධයක් මනුෂයෙක් අර්ධයක් රොබෝවෙක්. මැයගේ පෙම්වතිය තමයි ඔහුට නැවත යන්ත්‍ර‍යක් විදියට පණ දෙන්නේ. ඔහු තමයි මෙහෙම නිර්මාණය කරන පලවෙනිම මිනිසා. හෙන්රිට අතිතය ගැන ලොකු මතකයක් නැහැ. මේ අතරේම තමයි මේ ලැබ් එකට අකෙන් කියලා පුද්ගලයෙක් කඩා වදින්නේ. ඔහු හදන්නේ හෙන්රිව හදපු ආකාරය සොයාගන්න. මොකද එහෙම උනොත් ඔහුට පුලුවන් එවැනි හමුදාවක්ම හදාගෙන ලෝකයම අල්ලගන්න. මොහු කඩා වැදුන ගමන්ම හෙන්රි තමන්ගේ පෙම්වතිය අරගෙන පලා යනවා. නමුත් අනතුරක් වෙලා හෙන්රිගේ පෙම්වතියව අකෙන් පැහැරගෙන පලා යනවා. තමන්ගේ පෙම්වතිය සොයා යන ගමන තමයි අපිට චිත්‍ර‍පටියේ දිඟහැරෙන්නේ.... මේ ෆිල්ම් එකෙත් අවසානයේ සමහර විට අපි නොහිතපු දෙයකුත් වෙන්න පුලුවන්. ඒක නිසා අරන්ම බලන්නකෝ... 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.




720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles