Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Phobia (2016) Sinhala Subtitles

$
0
0
තවත් සුපිරිම හින්දි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ Pavan Kirpalani අධ්‍යෂණයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටිය psychological thriller ගණයට අයත්වෙන්නක්. මේ අධ්‍යක්ෂකවරයාම තමයි Darr @ the Mall චිත්‍ර‍පටිය හාRagini MMS වැනි චිත්‍ර‍පටිත් අධ්‍යෂණය කලේ.. මේ චිත්‍ර‍පටියේම මුළු බර කරට අරන් ප්‍ර‍ධාන රංගනයෙන් දායක වෙන්නේ Radhika Apte විසිනි. දමිළ හින්දි රසිකයන් දෙවර්ගයම ඇය ගැන නොදැන ඉන්න නම් විදියක් නැහැ. Satyadeep Mishra හා Yashaswini Dayama සෙසු චරිත වලින් දායක වෙනවා...

කතාව ගැන කිව්වොත් මෙහෙක් (රන්ධිකා) චිත්‍ර‍ ශිල්පිනියක්. ඇයගේ චිත්‍ර‍ ගොඩක් අය අතර ප්‍ර‍සිද්ධයි. දිනක් ඇයගේ චිත්‍ර‍ ප්‍ර‍දර්ශනයක් ඉවර වෙලා ටැක්සියකින් තනියම ගමන් ගද්දි මෙහෙක්ට මහන්සිවැඩි වෙලා නින්ද යනවා. මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න ටැක්සි රියදුරා වාහනය පාළු පෙදෙසකට ධාවනය කරලා මෙහෙක්ට බලහත්කාරකමක් කරන්න උත්සහා කරනවා. මේ සිදුවිමත් එක්ක මෙහෙක් හැමෝගෙන්ම ඇත්වෙලා ගෙදරටම වෙලා ඉන්න පටන් ගන්නවා. ඇයට සෙනඟ ගැවසෙන තැනක යන්නට තරම් ඇය අනික් පුද්ගලයන්ට බියවෙනවා. මේක එක්තරා විදියක මානසික රෝගයක් එය හදුන්වන්නේ agoraphobia කියලා. මේ සියල්ලම සිදුවෙන්නේ එදා රෑ සිදුවිමෙන් අනතුරුවයි. ඇයට ප්‍ර‍තිකාර කලාත් ඇය නිසි ලෙස ප්‍ර‍තිකාර නොගන්න නිදා දිනෙන් දින මේ ලෙඩේ උත්සන්න වෙනවා. දොස්තර නම් කියන්නේ ඇයව මානසික රෝහලකට ඇතුලත් කරන්න කියලා. එත් පවුලේ අයවත් මෙහෙක් ගේ යාළුවා ෂාන් වත් ඒකට කැමැති වෙන්නේ නැහැ. කොහොම හරි ඇයගේ හොදම යාළුවා වෙන ෂාන් ඇයව මේ ලෙඩේ නිසා තනියම තියන්න කියලා හිතාගෙන අලුත් ෆැලැට් එකක් අරන් ඇයව එකේ පදිංචි කරනවා. මේ ෆැලැට් එකේ පදිංචියට ගියාට පස්සේ තමයි මෙහෙක්ට අරුම පුදුම දේවල් අත්දකින්න පටන් ගන්න පුලුවන් වෙන්නේ. ඇය මේ නැවතිලා හිටිය ෆැලැට් එකේ කලින් ගැණු ළමයෙක් ඉදලා තියනවා. එත් ඇය එක පාරටම ගේ දාලා ගිහින් තියනවා. නමුත් මෙහෙක්ට දැනෙන්න ගන්නවා ඒ නිවස ඇතුලේම ඇයව මරලා දාලා කවුරු හරි මිනිය හංඟලා තියනවා කියලා. ඒ වගේම එක එක විකාර දේවලුත් ඇයට පෙන්න ගන්නවා...මෙතැනින් එහාට චිත්‍ර‍පටිය නරබලාම කතාව ගැන දැනගන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles