
තවත් සුපිරිම හින්දි චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මේක නම් දාන්න හෙන කට්ටක් කැවා. ඇයි කියලා කිව්වොත් මේ චිත්‍රපටියට ආව ඉංග්‍රිසි සබ් එක නිකමට අරන් බලන්න... සේරම ඉංග්‍රිසියෙන් තියෙන්නේ විකාර වගේ. ඉතින් 75%ක්ම ආසාලිවිමක් වගේ තමයි කලේ. ඒකයි ටිකක් පරක්කු වෙන්නත් හේතුව. මොකද එහෙම කිව්වේ කිප දෙනෙක්ම මේ චිත්‍රපටිය දෙන්නේ නැත්ද කියලා පහුගිය දින ටිකේම අහලා තිබ්බ නිසා..
හවුස් ෆුල් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ Sajid-Farhad අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටිය කලින් හවුස් ෆුල් චිත්‍රපටි වගේම හොදට හිනා වේවි බලන්න පුලුවන්. පහුගිය චිත්‍රපටි වල වගේම මේ පාරත් ප්‍රධාන චරිත වෙන අක්ෂේ කුමාර් හා රීතෙෂ් දේශ්මුක් සුපුරුදු පරිදි මේ චිත්‍රපටියෙත් ඉන්න අතර අලුතින් අභිෂේක බච්චන් ඇවිත් තියනවා. මිට අමතරව Jacqueline Fernandez,Lisa Haydon,Nargis Fakhri මෙහි අනිකුත් චරිත වලට දායක වෙනවා. කතාව ගැන කිව්වොත් බටුක් පටෙල් කියන්නේ ලන්ඩනයේ ලොකු ව්‍යාපාරිකයෙක්. මොහුට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. මේ බටුක් කැමැති නැහැ මේ දුවලා තුන්දෙනාව කසාද බන්දන්න. ඔහු ඒකට හේතුව වශයෙන් කියන්නේ පවුලේ තියන ලොකු සාපයක් තමයි කවුරුම හරි කසාද බැන්දොත් එයාට ඒකට ලොකු විපාකයක් විදින්න වෙනවා කියන එක. නමුත් මේ දුවලා තුන්දෙනා තාත්තාට හොරෙන් ආදරය කරනවා. නමුත් ඔවුන්ට මේ ගැන තාත්තාට කියන්න හයියක් නැහැ මොකද තාත්තා කසාද බදින වැඩ වලට අකමැති නිසා. කොහොම හරි මේ දුවලා තුන්දෙනා දිනක් තාත්තාට තමන්ගේ පෙම්වතුන් ගැන කියනවා. නමුත් බටුක් මේ කසාද වලට එක හෙලාම අකමැති වෙනවා. බටුක් මෙහෙම දුවලා බන්දලා නොදි ඉන්න යටි අරමුණක් තියනවා. ඒ ගැන ඉතින් ෆිල්ම් එක බලද්දි දැනගන්න පුලුවන් ඒ වගේම මේ දුවලා තුන්දෙනාට වගේම ඔවුන්ගේ පෙම්වතුන් තුන්දෙනාට තාත්තාව නම්ම ගන්න කරන්න වෙන වැඩනම් සුළු පටු නැහැ. කියනවාට වඩා හොදයි නේ අරන්ම බලන එක.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.