Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all 660 articles
Browse latest View live

Kallappadam (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


J. Vadivel ගේ පලවෙනි අධ්‍යක්ෂනය ලෙස තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.මෙහි ප්‍රධාන චරිතය කරන්නේද ඔහු විසින්මයි. චිත්‍රපටියක් හදන්න ගියාම කොච්චර කට්ටක් කන්න වෙනවාද ඒ වගේම චිත්‍රපටි නිශ්පාදක කෙනෙක් හොයාගන්නම මොන තරම් අමාරුවක් විදින්න නවකයෙක්ට සිද්ද වෙනවාද කියලා මේ චිත්‍රපටියෙන් මනාව නිරුපණය වෙනවා. සමහර විට මේ චිත්‍රපටිය මේ අධ්‍යක්ෂගේම අත්දැකිමක්ද දන්නෙත් නෑ... කතාව ගැන කිව්වොත් වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන කෙනෙක්.මොහුට තවත් යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අනික් යාලුවා සංගිත අධ්‍යක්ෂනය කරන්න හින මවන කෙනෙක්.අනික් යාළුවා ෆිල්ම් එඩිටර් කෙනෙක්. මේ අයට ඕන කොහොම හරි ෆිල්ම් එකක් කර්න. වඩිවේල් කියන කෙනා තමන් ලියපු පිටපත අරන් නිශපාදකයන්ට පෙන්න පෙන්න යනවා කිසිම සෙතක් නෑ.හැමෝම කියනවා වෙන චිත්‍රපටි පිටපතක් ලියන්න කියලා. නමුත් වඩිවෙල් කියන ප්‍රධානම එක තමයි මේ ඔහු ලියපු පලවෙනි පිටපත. මේක චිත්‍රපටියක් කරන එක ඔහුගේ හීනයක් කියලා. තමන්ගේ යාළුවෝ එක්ක මේ හීනයට යන හැටි තමයි චිත්‍රපටියේ තියෙන්නේ අරන්ම බලන්න. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක විතරක් නෙමෙයි කලින් කිව්ව වඩිවෙල්ගේ යාළුවෝ ලෙස පෙනි ඉන්න හැමදෙනාම තමයි සැබැවටම චිත්‍රපටියේ සංගිතය සංස්කරණය වගේ එවාත් කරලා තියෙන්නේ. ඒ වගේම මොවුන් පෙනි ඉන්නේද සැබැ නම්වලින්ම තමයි. අරන් බලන්න එහෙනම් අනිවාර්යෙන්ම හොද සිනමා අත්දැකිමක් වේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Avengers Age of Ultron (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ඔන්න එහෙනම් මගේ 100වැනි උපසිරැසි නිර්මාණය අරගෙනයි මේ ආවේ...මේකත් හැමෝම වගේ එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්..ගිය අවුරුද්දේ මුල හරියේ සූම් එකත් එක්ක එකතුවෙලා උපසිරැසි 100ක් දාන්න පුළුවන් වෙයි කියලා ලොවෙත් හිතුවේ නෑ. මුල් ටිකේ ඇඩිම්න් අයියගෙන් බේරිල්ලක් නැති හින්දා බොහොම අමාරුවෙන් උපසිරැසි ටික හදලා දුන්නා. මුලින්ම Knight Rider (2008) සීරියස් එකෙන් තමයි මම වැඩේට නිල වශයෙන් බැස්සේ. පඳුරු තැලුවා ඇති. එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

ඉතින් මේක The Avengers (2012)චිත්‍රපටයේ දෙවැනි කොටස. ඒ වගේම Captain America: The Winter Soldier (2014)චිත්‍රපටයත් මේකට ලාවට වගේ සම්බන්ධයි. ඒ දෙක බලලා නැත්නම් ඒවත් බලලා මේකත් බැලුවානම් කතාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ගිය අවුරුද්දේ ආපු කැප්ටන් ඇමෙරිකා කතාවේ අග හරියෙදී කට්ටියට මතක ඇති නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා. මේ කතාව පටන් ගන්නෙත් එතැනින්. එයාලා දෙන්නාව හදලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණය භාවිතා කරලා. ඉතින් තෝර් ආයුධය ඇස්ගාඩ් වලට අරන් යන්න ඇවෙන්ජර්ස්ලා එක්ක ආවාම අයන් මෑන් ඒක එයාගේ ලැබ් එකට ගෙනිහිල්ලා පර්යේෂණ කරනවා. මේකෙදී අපේ අයන් මෑන් අල්ට්‍රන් කියලා ලෝක සාමය රැකීමේ පරිගණක වැඩසටහනක් හදන්න අදහස් කරගෙන ඉන්නවා. ‍මොකද කලින් ඇවෙන්ජර්ස් කතාවේදී පිටසක්වළ ජීවීන් ආපු හැටි දැක්කාම මෙයාට ආරක්ෂාව ගැන පොඩි බයක් ඇතිවෙනවා, එයා හිතනවා ඊළඟ වතාවේ ඒ වගේ කට්ටියක් ආවොත් ඇවෙන්ජර්ස්ලාට පරදින්න වෙයි කියලා. ඉතින් මෙයා ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන් අල්ට්‍රන්ව හදන්න ගිහිල්ලා වැඩේ වරදිනවා. එතැනින් තමයි කතාව උඩි යටිකුරු වෙන්නේ. එහෙනම් ඒ ටික බලලාම රසවිඳින්න.

තව චිත්‍රපයට ගැන අමතර කරුණු ටිකක් කියන්නම්. මේකෙදී ගොඩක් අයගේ අවධානය දිනාගත්තේ අයන් මෑන් හල්ක් එක්ක තියෙන සටන. එයා හල්ක් එක්ක සටන් කරන්න වෙනමම ඇඳුමක් නිර්මාණය කරනවා. ඒකේ නම තමයි වෙරෝනිකා (Veronica). සමහර අය මේකට බුකියේ Hulk buster කියලා නමක් දාලා තිබුණා. මම නම් හිතන්නේ Hulk buster කියන නම තමයි ඒකට ගැළපෙන්නේ. කොහොමහරි මේකෙන් හල්ක්ගේ දතක් කැඩෙන්නම ගහනවා නොවැ. ;-) තව තෝර්ගේ මිටිය උස්සන එකත් හැමෝගෙම අවධානය දිනාගත්තා. තෝර් කියනවා එයාගේ මිටිය උස්සන්න පුළුවන් කෙනාට ඇස්ගාඩ් පාලානය කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් අපේ ඇවෙන්ජර්ස්ලා සෙට් එක මිටිය උස්සන වැඩේට බ්‍හිනවා. ඒ වුණාට කාටවත් මිටිය උස්ස ගන්න බෑ. කලින් කතාවෙදී මතක ඇති හල්ක්ටවත් ඒ වැඩේ කරන්න බැරිවුනා. ඒ වුණාට ඇවෙන්ජ්ර්ස්ලාට වඩා බලවත් කෙනෙක්ට ඒ වැඩේ ලේසියෙන්ම කරනවා. හැබැයි ඒ ඇස්ගාඩ් වල කෙනෙකුත් නෙමෙයි. ඔයාලම බලාගන්නකෝ ඒ වැඩකාරයා කවුද කියලා. ඒ වගේම ඔයාලා හොඳට බැලුවොත් පෙනේවි කතාවෙදී ටෝනි ස්ටාක් ඇඳගෙන ඉන්නේ බ්රූස් ලී ගේ පින්තූරය තියෙන කමිසයක් කියලා. ඒකත් මතක ඇතුව බලන්න. ඒ වගේම ටෝනි ස්ටාක්, කැප්ටන් ඇමෙරිකාට කතා කරන්නේ වයසක මිනිහා කියලා. කට්ටියට මේක ගැටලුවක් වෙලා ඇති. කලින් කතාවලදීත් මේ ආකාරයටම කැප්ටන්ට කතා කරා. එහෙම කතා කරේ එයා අවුරුදු එකසිය ගානක් වයසක හින්දා. ‍මොකද කැප්ටන් ඇමෙරිකා කියන්නේ අවුුරුදු ගානක් අයිස් යට නිදාගෙන හිටපු කෙනෙක් නේ. තව මේකෙදී කතාවේ ප්‍රධාන චරිතයක් වන 'විශන්'වත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව ජාවිස්ට පණ ආවට පස්සේ :-) අයන් මෑන්ගේ අලුත් කෘත්‍රිම බුද්ධියේ නම තමයි Friday. ඉතින් මං ඒ වචනය එහෙමම දැම්මා. මොකද ඒකට තේරුමක් දාන්න බැරි හින්දා. තව මේ කතාවෙදී ක්‍රෙඩ්ල් (Cradle) කියලා උපකරණයක් තියෙනවා. ඒකෙන් පටක නිර්මාණය කරන සීන් එකක් තමයි තියෙන්නේ. ඒත් ඒ වචනේ හරි තේරුම තොටිල්ල කියලා මම දැම්මේ නෑ. ඒකත් හිතේ තියාගෙනම කතාව බලන්න. ඒ වගේම කතාව අවසානයේදී අලුත් ඇවෙන්ජර්ස්ලා තුන් දෙනෙකුත් කණ්ඩායමට එකතුවෙනවා. ඒ වගේම කතාව ඉවරවෙලා නම් ටික ගියාට පස්සේ අන්තිම හරියෙදිත් පොඩි සීන් එකක් යනවා. ඒක නම් අනිවාරෙන්ම බලන්න. මොකද Guardians of the Galaxy (2014) එකේ හිටපු දුෂ්ට චරිත වගයකුත් මේකට සම්බන්ධ වෙනවා වගේ පේන්නේ. ඒ සීන් එකනම් කිව්වේ අපේ නිසල් සහෝදරයා හොඳේ. ඒ වගේම මේ චිත්‍රපයට සම්බන්ධ තව ‍කොටසක් 2016දී එන්නත් තියෙනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Maari (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


කොහොමද කස්ටියටම ඕන්න එහෙනම කවුරුත් එනකන් මග බලන් හිටපු ෆිලුමක් අරන් තමයි මම ආවේ මාරි මේක නම් පට්ට පට පට ෆිලුමක් මේකේ හොද පිටපතක් ඇවිත් තාම දවස් තුනක් වගේ වෙන්නේ මේකේ ලයින් දෙදාහට වැඩියෙන් තිබ්බා මේක වෙන්න ඕන මම කරපු දිගම සබ් එක ඉතින් මේකේ ප්‍රධාන නලුවා නිලයයි තමයි අපි දන්න කියන Dhansuh,Kajal Agarwal මතකනේ Zoom.lk මොවුන්ගේ ෆිලුමවල් දුන්නනේAnegan,Azhagu Rajaතව ගොඩක් එවා දුන්නනේ ඉතින් ධනුෂ් මේකේ නම් වෙනස්ම චරිතයක් තමයි රගපාන්නේ තනි මැරයා වැඩිය කතා මොකටද අපි එහෙනම් කතාව පැත්තට යමු.

මාරි කියන්නේ මැරයෙක් ඔහු වේලු කියලා කෙනෙක් යටතේ තමයි වැඩ කරන්නේ එත් වේලුට ගොඩාක් හතුරන් ඉන්න නිසා මාරි තමයි ඔහුගේ ගනුදෙනු සේරම බලාගන්නේ ඉතින් මාරිට කියලා වෙනම පලාතක් තියනවා ඔහුගේ යටතේ තියෙන මාරි මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා මිනිස්සුන්ට හිරිහැර කරනවා කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට මොහෙුව එපා වෙලා තියෙන්නේ ඔහොම ඉන්න ගමන් එහෙට අලුත් පොලිස්කාරයෙක් එනවා ඔහු මාරිගේ පරණ නඩු අවුස්සලා බලනවා ඔහුව ඇතුලට දාන්න ක්‍රමයක් තියෙනවාද කියලා ඉතින් ඔහු අවුරුදු අටකට කලින් මාරි පාන්ඩි කියලා ඉස්සර හිටපු ලොකුම මැරයාට පිහියෙන් අැනලා මරලා තියෙනවා ඔහුගේ ආසම පරවියාව මරපු නිසා එකෙන්ලු මාරි මැරයෙක් වේලා තියෙන්නේ මම කිව්වා වැඩිද මන්දා බලන්නකො ඔයාලාම අරගෙන එහෙනම් තවත් උපසිරුසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ඡයවේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මෝහිත් සූරිගේ නවතම සිනමා සිතුවම Hamari Adhuri Kahaani (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


''සැබැ ආදරවන්තයින් කවදාවත් එකතු නොවෙයි එකතු වන සියළුදෙනාත් සැබැ ආදරවන්තයින් නොවේ''මේ වගේ කියමනක් මම අහලා තියනවා වගේම නිතරම වගේම ෆේස්බුක් එකේ ඉද්දි පවා එකිනෙකා ෂෙයා කරනවා දැකලා තියනවා. ඕක දැක්කාම මට හිතුනේ බුට් කෑවාම ඒක අමතක කරන්න හදන අය හිත හදාගන්න ලියපු එකක් කියලා.කොහොම වෙතත් ඔය කියමන මේ චිත්‍රපටියට මනාව ගැලපෙනවා කියලා ඔබට බැලුවොත් තේරේවි.වසූදා කියන්නේ අවුරුදු 5ක දරුවෙක් ඉන්න කාන්තවක්. ඇය වැඩ කරන හෝටලේ අයිතිකාරයා තමයි ආරව් රූපරල් කියන්නේ. මොවුන් දෙදෙනා එකිනෙකට පෙමින් වෙලෙන්න ගන්නවා. දැන් ඔයාලටම පේනවා ඇති මේ වගේ කතාවක් කොහොමද මේ තරම් අමරණිය කතාවක් වෙන්නේ කියලා. ඒ ගැන මං කිව්වොත් තමයි අසාධාරණයක් කරන්නේ. මොකද මේ චිත්‍රපටියෙත් අතීත කතාවක් මත තමයි දිගහැරෙන්නේ. ඉතින් ඒ වගේ කතාවක් පැහැදිලි කරලා කියන්න ගියොත් කතා රසය නැතිවෙන්න පුලුවන්...

ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi,Vidya Balan,Rajkummar Rao රංඟනයෙන් දායක වෙනවා. Zeher,Awarapan,Murder 2ඒ විතරක් නෙමෙයි අපි හැමෝම දන්න Aashiqui 2,Ek Villainචිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Mohit Suri ගේ10 වැනි චිත්‍රපටිය ලෙස තමයි මෙය නිර්මාණය වෙන්නේ. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලමක් කරන ගමන් තවත් හොද චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

ලෝකප්‍රකට Mission Impossible චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Mission Impossible 5 Rogue Nation (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු උපසිරැසියක් තමයි අද ලබාදෙන්න සූදානම් වෙන්නේ, ඒ තමයි ලෝකප්‍රකට මිශන් ඉම්පොසිබල් චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටය වන Mission: Impossible – Rogue Nation චිත්‍රපටය දිහාට හැරෙනවානම් මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Jack Reacher, Edge Of Tommorow වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Christopher McQuarrie විසින්, ඒවගේම සුපුරුදු විදියට මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Tom Cruis ඊට අමතරව simon pegg, rebecca ferguson, rebecca ferguson වගේ නළු නිළි රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි රංගනයට වගේම නිශ්පාදනයටත් ටොක් කෲස් දායක වෙලා තියෙනවා ඒවගේම Tom Cruise සහ Ving Rames පළවෙනි චිත්‍රපටයේ ඉදන් මේ වෙනකම් නොකඩවා මේ චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ, ඒවගේම මෙහි සියළු වැඩකටයුතු නිම වෙලා තියෙන්නේ චිත්‍රපටය තිරගත කරන්න සති දෙකකට කලින්, මිනිත්තු 131ක් පුරාවට ක්‍රියාදාම, ත්‍රාසය, භීතිය, කුතුහලය,ඔස්සේ තවමත් තිරගත වන මෙය මේ වනවිට බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවේ පෙරළියක් ඇති කරමින් ඇමරිකානු ඩොලර් මිළියන 439කට ආසන්න ආදයමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා,

කතාව ගැන කියනවනම් ඔයාලට මතක ඇති MI4 Ghost Protocol චිත්‍රපටය අවසානයේ ඊතන් හන්ට් සින්ඩිකේට් කියලා සංවිධානයක් ගැන හෙළි කරනවා, රුසියාවෙදි සිද්ද වුන අවසන් මෙහෙයුමේ පොඩි පොඩි අඩුපාඩු නිසා IMF එක විසුරුවාහරින්න තීරණය කරනවා, එහි මූලිකත්වය ගන්නේ අධ්‍යක්ශක හන්ලි විසින්, මේ විදියට IMF එක විසුරුවාහරිනකොට ඊතන් ඉන්නේ ලන්ඩන් වල, එතනදි කෙනෙක් ඇවිත් ඊතන්ගේ ලේඛම්වරියව ඝාතනය කරනවා, එතනදි ඊතන් කොටු වෙනවා, ඊතන් මේ කොටු වෙලා ඉන්නේ සින්ඩිකේට් එකට කියලා ඔහුට දැනගන්න ලැබෙනවා, එතනදි තමයි ඇත්තටම සින්ඩිකේට් එකක් තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ, ඇත්තටම මේ සින්ඩිකේට් එක කියන්නේ පාතාල කල්ලියක්, මේක එසේ මෙසේ පාතාල කල්ලියක් නෙමෙයි, සින්ඩිකේට් බාරයෙන් ඊතන්ට පැනගන්න කෙනෙක් උදවු කරනවා, ඊටපස්සෙ ඊතන් බ්‍රෑන්ට් ද දන්වනවා, එයාව ලන්ඩන් වලින් මුදවාගන්න කියලා, ඒත් ඒ වෙනකොට IMF එක විසුරුවාහැරලා ඉවරයි, කුතුහලය නැති වෙන නිසා මීට වඩා මම කතාව විස්තර කරන්නේ නෑ, ඉතින් මොකද්ද මේ සින්ඩිකේට් එක, කවුද ඒක මෙහෙයවන්නේ, මොන වගේ හැකියාවක්ද ඒකට තියෙන්නේ, ඊතන්ට උදවු කරන්නේ කවුද, මේ වතාවෙ ඔහුට ලැබෙන කල නොහැකි මෙහෙයුම මොකද්ද, IMF එකේ සහය නැතුව කොහොමද ඊතන් මේ දේවල් කරන්නේ කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා, ඒවගේම මතක් කරන්න ඕනේ, අපි මේ දීලා තියෙන්නේ HDTS පිටපතක්, එහි Screenshot කීයපක් මෙතනින් බලාගන්න පුලුවන් 123. කොලිටියේනම් කිසිම ප්‍රශ්ණයක් නෑ, හදිසිකාරයන්ට තමයි මේක දුන්නේ, අනිත් අය හොද පිටපතක් එනකම් ඉවසගෙන ඉන්න, හොද පිටපතක් ආව හැටියෙම උපසිරැසි යාවත්කාලීන කරලා දෙන්න,, එහෙනම් තවත් විස්තර කරන්නේ නැතුව මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබට ජය!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Drishyam දමිළ ප්‍රතිනිර්මාණය Papanasam (2015) සිංහල උපසිරැසි සමඟ

$
0
0


Drishyam කියන මලයාලම් චිත්‍රපටියේ දමිළ චිත්‍රපටි නිර්මාණය තමයි මේ..මේ චිත්‍රපටිය හින්දි තෙලෙගු නොයෙක් භාෂා වලින් නිශ්පාදනය කලත් මේ චිත්‍රපටියේ විශේෂයක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මෙහි පලමු මලයාලම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල Jeethu Joseph විසින්මයි. ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ චාරිතාංඟ නළුවෙකු වන Kamal Hasan රංඟනයෙන් දායක වෙනවා. ඔබ මලයාලම් චිත්‍රපටිය කලින් රසවිදලා නැත්නම් ඔබට මේ චිත්‍රපටිය ඉහළම රසවින්දනයකින් යුතුව විදින්න පුලුවන් වේවි. කතා සාරංශය කිව්වොත් අත්වැරැදිමකින් සිදුවන මිනිමැරුමක් වසන් කරන්න හදන අහිංසක පවුලකගේ කතාවක් තමයි කියවෙන්නේ. මොවුන් අහිංසක පවුලක් නම් මේ විදියට කෙනෙකු ඝාතනය කරන්නේ ඇයි? මේ ඝාතනය කොතෙක් කලක් හැමෝගෙන්ම සඟවගෙන ඉන්න පුලුවන් වේවිද? එහෙනම් නරබන්න මේ සිනමා සිත්තම. මෙහි හින්දි චිත්‍රපටියත් ලඟදිම සූම් වෙතින් ඔයාලාට ලැබේවි.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Pitch Perfect 2 (2015) සිංහල උපසිරැසි සමග

$
0
0


හරි කස්ටිය එහෙනම් ෆිලුම බාරගෙන සතිගානක් ගිහින් බඩගානෙ ඇවිත් ඔයාලට මේක බාර දෙනවා. හරිම අමාරුවෙන් මේක දැම්මෙ. මොකද මේ දවස් වල කැම්පස් එකේ ඇසයිමන්ට් නුයි එක්සෑම් නුයි එනවා. ඉතින් එව්වා කොරනවට වැඩිය දෙයක් නෑ ඉතින්. පාඩම් කලත් මතක් වෙන්නෙ නෑ. මේ වගේ චිත්‍රපට වලට සබ් දාන්න ගියාම දවසම ගතවෙනවනේ ඉතින්.. සමහර දවස් වලට දවස් දෙක තුනත් යනවා. කොහොමෙන් කොහොම හරි සබ් එක හදලා ගෙනාවා. ඉතින් හැමෝටම මේක දෙන්න කලින් අපේ සහෝදරියක් පලවෙනි කතාව ගේන්න ඇති. මම මෙතුවක් කල් දැකපු අමුතුම විදිහෙ කතාමාලාවක් තමයි පිච් පර්ෆෙක්ට් කියන්නෙ. විශේෂයෙන් සංගිතයට ආදරය කරන අය මේ චිත්‍රපටයට ඇලුම් කරන බව නොඅනුමානයි. මොකද නතිකරම යන්නෙ සංගීතය ඇතුලත්වුන ප්‍රධාන ආකෘතියක් තුලින්. ඒ අස්සෙ කොමඩිත් වැඩි ප්‍රතිශතයක් තියෙනවා. නොබලා යන්න එපා කොහොම හරි අරගෙන බලන්න... අපි අඩුසයිස් කොපි ලබාදෙනවා බාගන්න ලෝබ නම් අඩු සයිස් එකක් වත් බාගෙන බලන්න. ඔයා එදා මෙදා තුර ලබපු අමුතුම රසයක් මෙයින් ලැබේවි.

මම හිතන්නෙ පලවෙනි චිත්‍රපටය බැලුවොත් ඔයාලට මේ චිත්‍රපටය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. ඒත් එහෙමටම ඕනවෙන්නෙ නෑ. හැබැයි මගේ මතය අනුව දෙවෙනි එකට වඩා පොඩි ගතියක් පලවෙනි එකේ තියෙනවා කියලා. මොකද මේපාර කොල්ලන්ගෙ ටීම් ටික වැඩිය උඩට එන්නෙ නෑ. කෙල්ලො ටික තමයි ගේම ගහන්නෙ. ඒත් පලවෙනි එකේ කොල්ලොයි කෙල්ලොයි පට්ට ගේමට සිංදු කියාගන්නවා. මේ පාර පට්ට වැඩක් තමයි වෙන්නෙ. තුන්වතාවක්ම අකපෙල්ලා තරඟාවලිය ජයගත් බෙලාවරියන් මේපාර එක්තරා ඉදිරිපත් කිරීමක් කරන්න හදනවා අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගෙ උපන්දිනය දවසේ. පට්ටම වැඩේ කියන්නෙ ෆැට් එමී කියන බතල කෙල්ලට මාර අකරතැබ්බයක් වෙනවා. ඒකෙන් ඔවුන්ගෙ කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වෙනවා. එනිසා ඔවුන් අකපෙලා කියන තරඟාවලියෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට ප්‍රධාන තරඟකරුවන් බවට පත්කරන්නෙ ජර්මන් කණ්ඩායමක්. ඉතින් මේ බෙලාවරුන්ට නැවතත් තමන්ගෙ මුල් ස්ථානය ලබාගන්න පුළුවන් වේවිද? අපි චිත්‍රපටය බලලාම ඒ ටික හොයාගමු.

බොරු කියන්න ඕන නෑනෙ චිත්‍රපටයේ සුරූපී නිළියන් ගොඩක් ඉන්නවා. එයාලාගෙ නැටුම් ලස්සනයි කියලත් කියන්න ඕන. කැතයි කියලා ඉරිසියා කරන්න හොද නෑනෙ. ඉතින් ඒ සුරූපී නිළියන් අතරේ අපි ගොඩක් දන්න කිහිප දෙනෙක් ඉන්නවා ඒ තමයි Into the Woods (2014) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ Anna Kendrick කියන සුරූපී නිළිය, නර්තන ශිල්පිණිය හා ගායිකාව. අනිත් අය තමයි Rebel Wilson හා Hailee Steinfeld වගේ අය. එමෙන්ම චිත්‍රපටය බෙදාහැරීමේ කටයුතු කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Universal Pictures ආයතනයෙනුයි. ඉතින් චිත්‍රපටයේ කොලිටිය ගැන අපිට වෙනම කියන්න දෙයක් නෑනෙ. එහෙනම් කස්ටිය හැමෝම බාගෙන බලන්නකෝ. තවත් දවසකින් හමුවෙමු




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Pee Mak Phrakanong (2013) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න මම ඔයාලට අරන් ආවේ ලස්සන තායි චිත්‍රපටියක් මේක තිරගත වෙලා තියෙන්නෙ 2013 වසරේ. මේක 7.4/10·IMDb වගේ හොඳ අගයක් අරන් තියනවා. මේක අයිති වෙන්නෙ Comedy / Horror යන ගනයන් වලට. මේක ඇත්තටම මම බලලා ගොඩක් කල් වුනා බලපු වෙලාවේ අනිවාරෙන් මේකට උපසිරසියක් කරන්න ඕනේ කියලා හිතුනා. ඒත් අමතක වෙලා ගිහින් තිබිලා මේ ලඟදි සුපුන් තායි සින්දුවක් ගැන ඇහුවම තමයි මතක් වුනේ මේක ගැන. මේක ගොඩක්ම ලස්සන කතාවක් ඇති වෙන්න හිනා වෙන්න පුලුවන් පටන් ගත්ත වෙලාවේ ඉඳලා හිනා වෙනවද බය වෙනවද කියලා හිතා ගන්න බැරි වෙයිද දන්නෙත් නැහැ. මේ කතාව ගැන කියනවා නම් මාක් කියන තරුණයා තමන්ගේ ගැබ්ගත් බිරිඳ ගෙදර තනිකර දමා යුද්ධයට යන්න වෙනවා. මෙයාට යුද්ධය අතරතුර හොඳ යාළුවෝ 4 දෙනෙක් හම්බවෙනවා මෙයාල එක විදියක විහිළු කාරයෝ ටිකක්. කොහොම හරි මේගොල්ලන් යුද්ධය කරන අතරේ මාක්ගේ බිරිඳ නක් තම දරුවා බිහි කරනවා. අවසානයේ යුද්ධය අවසන් වුනාම මාක් තමන්ගේ යාළුවන්ටත් යොජනා කරනවා එයාගේ ගමට යමු කියලා එයාගේ බිරිඳ හා දරුවා දකින්න. මේ යාළුවෝ එක්ක මාක් තමන්ගේ ආදරණිය බිරිඳ හා දරුවා බලන්න එනවා. මේ කාලය තුල මේ ගම තුල ලොකු කතාවක් පැතිරෙනවා නක් කියන්නේ අවතාරයක් කියලා. මෙයාගේ යාළුවන් 4 දෙනා සහ ගම්මුන් උත්සහ ගන්නවා මාක්ට පහදලා දෙන්න තමන්ගේ බිරිඳ මිය ගිහින් කියලා. ඔහොම තමයි කතාව පටන් ගන්නෙ. මේ චිත්‍රපයට තායිලන්තට තුල ආධායම් වාර්ථා ගොඩක් බිහි කරා.
1. මෙතෙක් එක් දිනකදි තායිලන්තය තුල මිලියන 21.2 උපයා ගත් ප්‍රථම චිත්‍රපටය.
2. මෙතෙක් සතියක් තුල තායිලන්තයේ මිලියන 102 උපයා ගත් චිත්‍රපටය.
3. තිර ගතවු 9ම වෙනි දිනය වෙන කොට මිලියන 205.2 ක ආධායමක් උපයා ගත්තා.
4. තිර ගතවු 19 වෙනි දිනය වෙන කොට ටිකට් මිලියනවක් පමණ අලෙවි වි තිබුණා.

ඔය වගේ ගොඩක් වාර්ථා වලට මේ ලස්සන චිත්‍රපයට හිමි කම් කියනවා ඔයාලත් බලන්න කතා කරන විදිය පොඩ්ඩක් අල්ලන එකක් නැහැ ඒත් ටිකක් වෙලා යද්දි ඒක අමතක වෙලා යයි මෙයාල කරන වැඩ වලට. එහෙනම් බලලා අදහසක් දාල යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Unfriended (2014) සිංහල උපසිරැසි සමගින්

$
0
0


මම කාලෙකින් බැලුව හොදම හොල්මන් චිත්‍ර‍පටිය තමයි මේ චිත්‍ර‍පටිය. ඇත්තටම මේක දෙන්න තරමක් විතර ප්‍ර‍මාද උනා. ඒකටත් පුංචි හේතුවක් තිබ්බා. මේ චිත්‍ර‍පටියේ ට්‍රේලර් එක බැලුවාම පෙනවා ඇති මේ චිත්‍ර‍පටියේ අපිට පරිගනක තිරයක සිදුවිම වෙන අකාරයට තමයි පෙන්වන්නේ. ඉතින් මේ චිත්‍ර‍පටියේ හොල්මන් තරුණිය වගේම ගොඩක් දෙබස් තියනවා ස්ක්‍රින් එකේ චැට් වල විතරක් පෙන්වන. ඉතින් ඇඩ්මින් මට කිව්වා සබ් එක ගද්දිම පුලුවුන් නම් එයාලා චැට් කරන හැම අකුරක්ම සිංහලට අලුතින් අංකන දත්ත පිටපතක් හදලා සබ් කරන්න පුලුවන් නම් වටිනවා කියලා. ඉතින් මුල්ම වතාවට ඒ වැඩෙත් කලා.

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් ඔයාලා අහලා තියනවාද Amanda Todd ගැන 2012 වසරේ ඇය ගැන ගොඩක් කතා උනා මොකද ඇය විසින් විඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කරලා සියදිවි නසා ගත්තා.ඒක බලලා නැත්නම් මෙතැනින් පිවිසිලා VIDEOඑක බලන්න ඔන්න ඕක තමයි මේ චිත්‍ර‍පටියේ කතාවට මුලිකවම පාධක වෙන්නේ. ඒ වගේම මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මෙහි දැක්වෙන චරිත සියල්ලක්ගේම ඔයාලාට දකින්න ලැබෙන හැම කෙනෙක්ගේම එකවුන්ට් සැබැවටම ෆේස්බුක් එකේ තියනවා ඒ වගේම මේ සැම එකවුන්ට් එකක්ම ස්කයිප් වලද තිබෙනවා. මේ චිත්‍ර‍පටිය තිරගත වන දවස් වල මේ ස්කයිප් එකවුන්ට් වලින් මේ චරිතවල ඉන්න අයට සැබැවටම අනික් පුද්ගලයන්ට කතා කිරිමේ හැකියාවත් තිබ්ලා තියනවා. ඔයාලාත් නිකම් ඉද්දි හොයලා බලන්නකෝ ඒ අයගේ නම් ටයිප්කරලා ෆේස්බුක් හා ස්කයිප් වල...

කතාව ගැන කියනවා නම් ලෝරා නැමැති යුවතියක් සියදිවි නසාගන්නවා. ඒ විඩියෝ එක බේලේයාර් බල බල ඉද්දි ස්කයිප් ඇමතුමක් එනවා තමන්ගේ පෙම්වතා මැච් ගෙන්. දෙන්න කතා කර කර ඉද්දි එයාලගේ අනික් යාළුවෝ වෙන වැල්,මැට් ඇඩම් හා ජේස් ඇමතුමකට සම්බන්ධ වෙනවා.ස්කයිප් වලින් ගෘප් කොල් ගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා නේ. ඉතින් මෙහෙම කතා කර කර ඉද්දි මෙයලා දකිනවා තවත් කෙනෙක් මේ අයගේ චැට් එකේ ඉන්නවා කියලා මේ අය කතා කරන එවා අහගෙන කරගෙන. ඒ කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වෙනවා. ඒ වෙලාවේම වගේ අර සියදිවි නසාගත්ත ලෝරාගේ එකවුන්ට් එකෙන් මේ අයට මැසෙජ් එන්න ගන්නවා. ඒ වගේම මේ අය හොයාගන්නවා මේ ස්කයිප් එකේ බලෙන් ගෘප් එකට ඇඩ් වෙලා ඉන්නේ මිය ගිය ලෝරාම තමයි. ලෝරා මියගිහින් හොල්මනක් වෙලා ඇයි මේ විදියට ආපහු ආවේ..එයාට සිදුවන සැබැ සිදුවිම කියන්නද? නැත්නම් පළිගන්නද? පලිගන්න නම් ඇයි මේ අයද ලෝරාව මරලා දැම්මේ? ඒ ගැන දැනගන්න මේ ෆිල්ම් එක අරන් බලන්න..

චිත්‍ර‍පටියේ නළු නිලියෝ ගැන කිව්වොත් ගොඩක් අය අලුත්ම අය..එත් ඔයාලා ටින් වූල්ෆ් කතාමාලාව බලනවා නම් තුන්වැනි සිසන් එකේ ඉදලා කතාවට සම්බන්ධ උන Malia Tate ගේ චරිතය රඟපාන Shelley Hennig තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය රඟදක්වන්නේ. බලන්නකෝ අරන් වෙනස්ම අත්දැකිමක් වේවි. පුලුවන් නම් රෑ වෙලාවකම බලන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Acharam (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


තවත් දමිළ චිත්‍ර‍ටියක් අරගෙන ආවා 2015 ජුනි 29 තමයි මේ චිත්‍ර‍පටිය තිරගත කරන්න ආරම්බ කරලා තියෙන්නේ. මෙහි කතාව හා අධ්‍යක්ෂනය Mohan Krishna ගෙනි ප්‍ර‍ධාන චරිත ලෙස Ganesh Venkatraman,Munna,Poonam Kaur රඟපැමෙන් දායක වෙනවා. චිත්‍ර‍ටිය ගැන කියනවා නම් සූර්යා කියන්නේ පොලිස් නිලධාරියෙක් මොහු අවංක නිලධාරියෙක් වගේම මොහු තවත් දෙයක් කරනවා ඒ තමයි කොල්ලන්ට ද්‍රොහි කම් කරන කෙල්ලන්ව මරලා දානවා. කියපු ගමන් දරුනු දෙයක් කියලා තේරෙනවා නේ. ඇයි මොහු මෙහෙම දෙයක් කරන්නේ? ඔයාලාට හිතෙන්න පුලුවන් කෙල්ලෙක් සුර්යාව රවට්ටපු නිසාද කියලා. ඒක කියන්න හොද චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ..ඒ වගේම මේ කතාවේ මැද්දෙන් සම්බන්ධවෙන චරිත දෙකක් තියනවා ශිවා හා රම්‍යා. රම්‍යා ව සූර්යා දැක්ක ගමන් ටිකක් අප්සට් යනවා. සුර්යා හා රම්‍යා පරන ආදරවන්තයින්ද? අර කලින් කිව්ව කාරණාව වගේම මේ අයගේ සම්බන්ධයත් බලන්න චිත්‍ර‍පටිය අරගෙනම බලන්න වෙනවා.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

භූ චලන ඔස්සේ San Andreas (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


මේ වසරේ තිරගතවුන තවත් සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් එක්ක තමයි අද මම ඔයාලව මුනගැහෙන්න ආවෙ, මේක මම කලින් බාර අරන් තිබුන එකක් නෙමෙයි ඒත් ෆිල්ම් එක සුපිරි එකක් නිසා උපසිරැසි ලබාදෙන්න හිතුවා, චිත්‍රපටය දිහාට හැරෙනවානම් Cats & Dogs, Journey වගේ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Brad Peyton මෙහි අධ්‍යශණය සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන චරිතය විදියට හොලිවුඩයේ වගේම WWE තරුවක් වන Dwayne Jonhnson නැත්තම් The Rock රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඔහුගේ චිත්‍රපට විදියට Pain & Gain, Fast & Furious, Hurcules වගේ චිත්‍රපටවලට අපි උපසිරැසි ලබාදීලා තියෙනවා, සෙසු රංගන ශිල්පීන් ගැන මතක් කරනවනම්, Percy jackson, texas chainsaw වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Alexandra Anna Daddario, වගේම Caarla Gugino, Colton Lee Haynes, Kylie Ann Minogue, වගේ තවත් නළු නිළි රැසකගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා, 2015 මැයි 29වන දිනදී තිරගත වුන මෙය මිනිත්තු 114ක් පුරාවට දිග හැරෙනවා, ඇමරිකානු ඩොලර් මිලියන 110ක බරපැනකින් නිමවුන මෙය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 470කට ආසන්න මුදලක් උපයාගන්න සමත්වෙලා තියෙනවා, මෙහි බෙදාහැරීමේ අයිතිය ඇත්තේ ලෝකප්‍රකට වර්නර් බ්‍රදර්ස් ආයතනයටයි,

කතාව දිහාට හැරෙනවානම්, රේමන්ඩ් (Roch) එහෙමත් නැත්තම් රේ කියන්නේ ලොස් ඇන්ජලිස් හදිසි අනතුරු සහ ආපදා දෙපාර්ථමේන්තුවේ සේවය කරන නිළධාරියෙක්, මොහුගේ බිරිද තමයි එමා (Caarla Gugino) , මේ දෙන්නගේ දියණිය තමයි බ්ලේක් ( Alexandra Daddario) කියන්නේ, ඇත්තටම රේ බ්ලේක් තාත්තයි දුවයි වුනාට ඇත්තටම දෙන්නගේ වයස් පරතරය අවුරුදු 14යි , එමා රේගෙන් දිකසාද වෙලා ඩැනියල් කියලා ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙන්න හදන්නේ, ඒ අතරේ බ්ලේක් සියැටල් වල එයාගෙ විද්‍යාලයට යන්න බලාගෙන ඉන්නවා, මේ අතරේ ඇමරිකාවෙ භූ තැටියේ සුළු සුළු කම්පන විශාල ගණනක් ඇතිවෙලා තියෙනවා, ඒත් ඒවා ගොඩක් සුළු කම්පන නිසා කවුරුවත් ගනන් ගන්නේ නෑ, භූ විද්‍යාඥයන් මත පළ කරනවා විශාල කම්පාවක් ඇති වෙන්නේ අවුරුදු 150කට වතාවයි ඒත් තවම අවුරුදු 100ක් විතරක් ගතවෙලා තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ කියලා, හැබැයි සැන් ඇන්ඩ්‍රියාස් පැළ්ම කියන තැනින් රිච්ටර් මාපකයේ 9.1ක අගයක් සටහන් වුන දරුණු භූ කම්පාවක් ඇති වෙනවා, ඒ වෙනකොට එමා ඉන්නේ එයාගෙ පෙම්වතා ඩැනියල්ගේ සහොදරිය එක්ක ගොඩනැගිල්ලක් මුදුනේ දවල් කෑම ගන්න ගමන්, ඒ වගේම බ්ලේක් ඉන්නේ ඩැනියල් එක්ක සියැටල් යන්න යන ගමන් ලොස් ඇන්ජලීස් වල , ඉතින් එමා, බ්ලේක් දෙන්නම මේ භූ කම්පාවට ගොදුරු වෙනවා බ්ලේක්ට උදවු කරන්න තව අයියයි මල්ලියි දෙන්නෙකුත් ලොස් ඇන්ජලීස් වලදි මුනගැහෙනවා, මේ අතරේ රේ ඉන්නේ නඩත්තු කටයුත්තකට යන ගමන් එමා එයාව බේරගන්න කියල රේට කතා කරනවා, ඉතින් කතාව මීට වඩා විස්තර කරන්න යන්නේ නෑ, කතාවෙ රසයට හානියක් වෙන නිසා, රේට මේ දරුණු භූමිකම්පාවෙන් තමන්ගේ බිරිදව, වගේම දියණිය බේරගන්න පුලුවන් වෙයිද? රේට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? කියලා චිත්‍රපටය නැරඹූවට පස්සෙ දැනගන්න පුලුවන්, ඇත්තටම මේ චිත්‍රපටය තිරගත්වීම ආරම්භ කරපු මැයි 29 වෙනිදා කැලිෆෝනියා වල 3.8ක අගයක භූ කම්පාවක් වාර්ථා වෙලා තියෙනවා, පටන් ගත්ත වෙලාවෙ ඉදන් කට ඇරෙගෙන බලාගෙන ඉන්න පුලුවන් කතාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා, මේක මඟැරගන්න එපා කියලා ඉල්ලීමක් කරනවා මොකද මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ බොහොම කළාතුරකින්, ගිහින් එන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

247F (2011) සිංහල උපසිරැසි සමග

$
0
0


ඔන්න ආපහු 2011 වසරේ නිකුත් වුන හොද Thriller චිත්‍ර‍පටියක් අරගෙන ආවා.සබ් දාන්න ආපහු එකතු උන නිසා හිතුවා මාසේට 4ක් 5ක් වත් පුලුවන් විදියට සබ් දෙන්න.චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේක සැබැ සිදුවිමක් අනුසාරයෙන් හැදුනු චිත්‍ර‍පටියත්. මේ චිත්‍ර‍පටියේ උන දේ හැබැවටම සිදුවෙලා තියනවා. මේ චිත්‍ර‍පටියේ වගේම පැය 10ක කාලයක් සෝනා එකක හිරවෙලා ඉන්න වෙලා තියනවා මේ සිදුවිමට සැබැවටම මුහුණ දුන්න අයටත්.

රේනා,ජේනා,ඉයන් හා මයිකල් කියන හතර දෙනා කෙටි නිවාඩුවකට යනවා මේ ට්‍රිප් එකට රේනා එකතු වෙන්න හේතුවක් තියනවා අවුරුදු තුනකට කලින් රේනා හා තමන්ගේ පෙම්වතා ගමන් ගන්න වාහනය අනතුරකට පත්වෙනවා. මේ නිසා රේනා ගේ පෙම්වතා මියයනවා. ඒ දුකින් තාමත් ඇය ඉන්න නිසා තමයි ජේනා හිතන්නේ ඇයවත් මේ ගමනට සහාභාගි කරගන්න. තමන්ගේ මිතුරියගේ දැඩි බලකිරිම මත මේ ගමනට සහාභාගි වෙනවා ඇරෙන්න කිසිම වෙලාවක රේනා එක හිතකින් මේ ගමනට එකතු වෙන්නේ නෑ. මොවුන් නවාතැන් ගන්න යන්නේ ඉයන් අදුනන කෙනෙක්ගේ නිවසට. ඔහු මොවුන්ට නිවස බාර දිලා යනවා යන්න. මොවුන් නිවසේ කාලය ගත කරද්දි තමයි දකින්නේ නිවසේම සෝනා එකකුත් තියනවා කියලා. මේ හැමෝම හිතනවා පොඩ්ඩක් ඒක ඇතුලට ගිහින් බලන එක හොදයි කියලා. එත් මේ යන අයගෙන් කිපදෙනෙක්ම ඇතුලේ හිරවෙනවා. ඇයි ඇතුලේ හිරවෙන්නේ කවුද මේ දොර වැහුවේ? අධික රස්නයත් එක්ක මේ අය කොහොම තමන්ගේ ජිවිතය රැකගනිවිද? බලන්නකෝ එහෙනම්. තව ඔයාලා බලන්න ආස මේ වගේ චිත්‍රපටි තියනවා නම් කමෙන්ට් කරලා යන්න (2011 වගේ නම් විශේෂයි.) පුලුවන් විදියට එවාත් දෙන්න බලන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Margarita with a Straw (2015) සිංහල උපසිරැසි සමග

$
0
0


ලයිලා නම් වූ ඇය සුන්දර තරුණියක්. නමුත් ඇයගේ ජීවිතයට සාපයක් ලෙසින් කඩා වැටුණු අංශභාග රෝගී තත්ත්වයකින් ඇය පෙළෙනවා. මුළු දිවියම රෝද පුටුවක් මත දිය කර හරින්නට සිදු වුනාත් ඇය ඉන් සැලෙන්නේ නැහැ. කායිකව වියපත් වුවාත් බුද්ධි මට්ටම අතින් ඉහළින්ම සිටින ඇයගේ මනස බොහෝම ක්‍රියාශීලීයි. ශරීර දුබලතාවය නිසා නොයෙක්විට අපහසුතාවයන්ට පත් වන ඇය‍ ඉන් මානසික පීඩාවන්ට පත් වන අවස්තාත් බොහෝමයි. යොවුන් වියේ හද තුළ උපදින ආදරය ඇයටද පොදු වූ කාරණාවක් වෙන නිසාම ඇයද ආදරය සොයා යනවා. නමුත් ඇයගේ කායික දුබලතාවයන් නිසා හැඩකාර තරුණයන්ගේ ආකර්ෂණය ඇයට ලැබෙන්නේ නැහැ. එම හේතුව නිසාවෙන් බොහෝ සේ මානසික කඩාවැටීමකට ලක්ව සිටින ඇයට අවසානයේදී ශිෂ්‍යයත්වයක් හිමි වීමෙන් පසු ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන්නට යනවා. ආදරය සොයා ගිය ගමනේ ඇයගේ ගමනාන්තය සනිටුහන් වෙන්නේ ඇමෙරිකාවේ නිවුයොර්ක් නගරයෙන්. ඇයගේ ජීවිතය එතනින් ඔබ්බට කිනම් මුහුණුවරක් ගනීද කියන වග අනපේක්ෂිතයි...

සොනාලි බෝස් සමගින් නිලේෂ් මනියාර් එකව අධ්‍යක්ෂණය කළ Margarita, with a Straw චිත්‍රපටයටයි ඉහතින් පෙරවදනක් සැපවූයේ. අප්‍රේල් මස 11 වන දින තිරගත කිරීම ඇරඹි චිත්‍රපටයේ IMDB අගය 7.4/10ක් ලෙසිනුයි සනිටුහන් වෙන්නේ. අංශභාගය වැළඳුණු තරුණියක් ලෙසින් කල්කි කෝචින් ඉදිරිපත් කර ඇති රංගනය සම්මානයට පාත්‍ර විය යුතු තරම් විශිෂ්ඨ මට්ටමක තිබෙනවා. ඒ වගේමයි ලයිලාගේ මව ලෙසින් රේවතී සිදු කරන්නා වූ රංගනය සහ කානුම් නම් වූ අන්ධ තරුණියක් ලෙසින් සයනි ගුප්තා සිදු කරන්නා වූ රංගනයන් ද්විත්වය. මේ චරිත ත්‍රිත්වය අතර වරින් වර දෝලනය වෙමිනුයි චිත්‍රපටයේ සමස්ත කතාව ගලාගෙන යන්නේ. මහමෙරක් තරම් වූ මවු සෙනෙහස සංවේදී ලෙසින් අර්ථ නිරූපණය කරන්නටත් යොවුන් වියේ පොපියන ආදරයට විවාදාත්මක අර්ථ කතනයක් ලබා දෙන්නටත් චිත්‍රපටයෙන් නිර්මාණකරුවා සමත් වී තිබෙනවා.වර්තමානයේ ලෝකයේම අවධානයට බඳුන් වී ඇති කාරණයක් වන සමලිංගිකත්වය ගැන වෙනස්ම කෝණයකින් දකින මෙම සිනමා නිර්මාණය උසස් සිනමා රසාස්වාදයක් බලාපොරොත්තුවන අයට හොඳින්ම ගැලපේවි යැයි සිතනවා. ඒ වගේම මතක් කරන්නට කැමතියි මෙම චිත්‍රපටය සුදුසු වන්නේ අවුරුදු 16 ඉක්මවූවන් සඳහාම පමණක් වන බව.

එහෙනම් තවත් චිත්‍රපටයක් සමගින් හමුවන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්... සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Minions (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


සමාවෙන්න ඕන පරක්කු වුනාට. කොහොමහරි ඔයාලට මිනියන් චිත්‍රපටයත් අරගෙන ආවා මම. මමත් කැමතිම කාටුන් එකක් තමයි මේ.

කතාව කෙටියෙන්ම කියන්නම්. අපි මිනියන්ලා ගැන දැනගෙන හිටියෙ ඉතාම පොඩ්ඩක්නේ. එයාලගෙ අතීත කතා, කොහොමද එයාලා මෙහෙම හැදුනෙ වගේ දේවල් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඉතින් ගෘ හමුවෙන්නෙ කලින්, ඒ කියන්නෙ Despicable Me සහ Despicable Me 2 චිත්‍රපටිවල සිදුවීම් වෙන්න කලින් අතීතයේ සිදුවුන දේවල් තමයි Minion චිත්‍රපටියෙන් තියෙන්නෙ. ඇත්තටම මුල් චිත්‍රපටි දෙකට වඩා හොඳයි මේක.

මිනියන්ලා ඉපදෙන්නේ මිනිස් වර්ගයා හැදෙන්න වසර දහස් ගණනකට ඉහතදී. ඒ දවසෙ ඉඳලම එයාලා කරන්නෙ හමුවෙන දුෂ්ඨම නපුරුම කෙනා යටතේ සේවය කරනවා එයාට. හැබැයි කවදාවත් වැඩි කාලයක් එකම කෙනෙක් යටතේ ඉන්නෙ නෑ. මොකද හැම කෙනාටම මිනියන්ලා නිසා එක එක අකරතැබ්බ වලට මුහුන දෙන්න වෙන නිසා. ඉතින් කාලෙන් කාලෙන මෙයාලට අලුත් බොස් කෙනෙක් ලැබෙනවා. එයාලා එක කාලෙකදි තමන්ගෙම වාසස්ථානයක් හදාගෙන ඉන්න බලනවා. නමුත් තමන්ට සේවය කරන්න කෙනෙක් නැති නිසා එයාලා දුකින් ඉන්නෙ. කෙවින්, බොබ් සහ ස්ටුවර්ට් කියන තුන් දෙනා ඒ නිසා යනවා නිව් යෝක් වලට. හොඳම දුෂ්ඨයෙක්ව හොයාගෙන එන්න. එහෙදි තමයි එයාලට ස්කාලට් ඕවකිල් කියන නපුරුම නපුරු ගැහැනිය හමුවෙන්නෙ...

කතාවෙ ඔය ටික කිව්වාම ඇති හොඳටම. ඔයාලම බලලා ඉන්නකෝ එහෙනම් කතාව කොහොමද කියලා. ඊළඟ චිත්‍රපටියෙන් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එතකල් හැමෝටම ජය!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Host (2006) සිංහල උපසිරැසි සමග

$
0
0


හොඳයි ඔන්න මම අද අරන් ආවේ මම ගොඩ කාලයක් තිස්සේ අරන් එන්න බලාපොරොත්තු වෙච්ච ඒත් බැරි වෙච්ච කොරියානු චිත්‍රපටක් කොහොම හරි අන්තිමට මේක මම අරන් ආව. මේ චිත්‍රපටය නිකුත් වුනේ නම් 2006 වසරේදි මෙයි ඉංග්‍රිසි නම නම් The Host ඒත් මෙහි කොරුයානු නම"ගෙමුල්"එහි තේරුම ""රාක්ෂයා යන්න. මේක ටිකක් පරණ උණාට මේක තාම ගොඩක් අයගේ හිතේ රැඳිච්ච හොඳ චිත්‍රපටයක් කියන්න පුලුවන් මෙය IMDb 7.0 වගේ අගයක් අරන් තියනවා. මේක ඒ වගේම කොරියාව තුල බොක්ස් ඔපිස් වාර්තා තියපු එකක් කියන එකත් කියන්න ඕනේ. මේ කතාව ගැන පොඩි හැඳින්වමක කරනවා නම් වර්ශ 2000 දි කොරියාවේ යොංසාන් වල පිහිටි ඇමරිකානු හමුඳා කඳවරුක මෘත ශරීරාගාරයකින් ෆෝමැල්ඩේහයිඩ් විශාල ප්‍රමාණයක් විධිමත් නොවන විදියට ඉවත් කරනවා එහි මෙම සියලුම ෆෝමැල්ඩේහයිඩ් එකතු වෙන්නෙ කොරියාවේ ප්‍රධාන ගඟාව හා ප්‍රධාන නගරය වෙන සෝල් ආසන්නයේම තියන හන් ගඟටයි. මේ එකතු වෙච්ච විෂ රසායනික ද්‍රව්‍ය නිසා විකෘති වෙච්ච යම් සතෙක් උපදිනවා මේ සතා වැඩි කල් නොයන්නම් බිහිසුණු ලේ පිපාසිතයෙක් බවට පත් වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිත තමයි පාක් පවුල මෙයාල ජිවත් වෙන්නෙ හන් ගඟ ගාව කඩයක් දාගෙන මේ පවුලේ වැඩි මහල් පුතා තමයි ගං-දු කියන්නේ එයාට ඉන්නව යොං-සෝ කියන දුවෙක් මේ කාලය 2006 වසර එක් දිනක කවුරුත් නොසිතපු විදියට හන් ග‍‍ඟේන් මතු වෙන මේ සතා ගඟ අසබඩ ඒ වෙලාවේ ඉන්න ගොඩක් අය මරා දානවා ඒ වගේම යොං-සෝවත් ඩැහගෙන යනවා. ඒත් එක්කම රජය මේ ප්‍රහාරයට ලක් වෙච්ච සියළුම දෙනා හුදකලා කරනවා යම් වෛරසයක් පැතිර යැමක් ගැන අවධානමක් එන නිසා මේ සතාගෙන් ආසදනය වුනා යයි කියන. පාක් පවුලේ අය හිතන් ඉන්නේ යොං-සෝ මැරිලා කියලා ඒත් එදිනම රැ ගං-දුට ඇමතුමක් ලැබෙනවා ඒ යොං-සෝ ගෙන් එයා කාණුවක හිර වෙලා ඉන්නවා එයාව බේර ගන්න කියලා එයා තාත්තට කියනවා මේ පාක් පවුල තමන්ගේ ආදරණිය දුව බේර ගන්න දරන වැයම සාර්ථක වෙයිද ඒ සතාට කොහොම මුහුණ දෙයිද කියලා ඔයාලම බලන්න. මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් පොඩ්ඩක් පරණ උනාට. එහෙනම් මේ වගේ තවත් හොඳ නිර්මාණයකින් හමු වෙමු. මේක බලලා අදහසක් දාල යන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Anukshanam (2015) සිංහල උපසිරැසි සමග

$
0
0


ඔන්න එහෙනම් ටිකක් වෙනස් විදිහක චිත්‍රපටියක් අරගෙන ආවා.වෙනස් කිව්වේ මේ චිත්‍රපටියේ හැම තැනකම වගේ මරණවා,මැරුවා කියන වචනය භාවිතා වෙනවා.මොකද මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ මානසික රෝගයක් නිසා මිනී මරණ කෙනෙක් ගැන.ඒ කියන්නේ පිස්සෙක් ගැන.ඔයාලට බලපුවහම තේරෙයි ඒකට තියන්නේ මොන වගේ ලෙඩක්ද කියලා.

මේ චිත්‍රපටියේ ඉන්න නළු නිළියන් වැඩිය දැකලා පුරුදු කට්ටිය නම් නෙමේ.තෙළිගු චිත්‍රපටි ගොඩක් බලන කට්ටිය නම් මේ සෙට් එක දන්නවත් ඇති.වැඩිය දැකලා පුරුදු නෑ කියලා මෙයාලගෙන් චරිත වලට කිසිම අසාධාරණයක් නම් වෙලා නෑ.කථාව ගැන ටිකක් කියනවා නම් සීතා රාම් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්.මොහු ගොඩක්ම කැමති තමන් ආදරය කරන කට්ටියව මරන්න.ඒ ඔහුට මිනිස්සු මරද්දි සතුටක් දැනෙන හින්දා.සාහසික විදිහට මිනිස්සු මරන්න මරන්න මොහුට ලොකු සතුටක් දැනෙනවා.මොහු පොඩිකාලේ ගෙදර ඇති කරන බල්ලව කපලා මරනවා.ඒ වගේම ටිකෙන් ටික ලොකු වෙද්දී එයාගේ හොදම යාළුවාවත්, අල්ලපු ගෙදර ඉන්න කාන්තාවවත්, ඔහුගෙම බිරිදවත් මරලා දානවා.ඊට පස්සේ මොහු නගරයේ ඉන්න කාන්තාවන්ව මරන්න ගන්නවා.එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ තරුණ ගැහැණු ළමයින් 37 දෙනෙකුවම මොහු ඔහුගේ තෘප්තිය එහෙම නැත්නම් සතුට වෙනුවෙන් මරලා දානවා.මේ හැම ගෑණු ළමයෙක්වම එකිනෙකාට වෙනස් කුරිරු විදිහට බෙලි අත පය කපලා තමයි මොහු මරන්නේ.මේ මානසික රෝගියාව අල්ලන්න පොලීසිය දරන උත්සහාය තමයි මේ චිත්‍රපටිය පුරාවටම තියන්නේ.පොලීසියට මොහුව අල්ලගන්න හැකි වෙයිද කියලා ඔයාලම බාගෙන බලන්න.මානසික රෝගියෙක් කියලා පොලීසියට මොහුව අල්ලන එක නම් එච්චර ලේසි වෙන්නේ නෑ.

මේ චිත්‍රපටියේ එක තැනකදි මේ මානසික රෝගියාව පොඩි ළමයින්ට සමාන කරනවා.ඒකට හේතුව පොඩි ළමයිනුත් කුඩා කාලයේ සත්තු මැරෙනවා දකින්න ආස හින්දා.පොඩි ළමයින් කෘමීන්ව අල්ලලා ඉටිපන්දම් එළියට පුච්චලා මරනවා.ඒකෙන් ඔවුන්ට යම් සතුටක් දැනෙනවා.ඒ වගේම සමනල්ලුන්ව අල්ලනවා. බත්තූරන්ගේ ඇගේ නූල් ගැට ගහලා අරිනවා.විවිද සත්තුන්ව අල්ලලා සටන් කරන්න දාලා ඔවුන්ගෙන් පරිදින කෙනා මැරෙනවා දැකලා සතුටු වෙනවා.මෙහෙම අපේ පොඩි කාලෙදිත් වෙලා තියනවද ? කියලා පොඩ්ඩක් හදවතට තට්ටු කරලා අහලා බලන්න.දැන් තමන්ටත් මානසික රෝගයක් තියනවා කියලා හිතන්න එපා.පොඩි කාලෙදි මෙහෙම දේවල් වෙන්නේ සමාජය සංස්කෘතිය ගැන කිසිම දැනීමක් නැති හින්දයි.නමුත් වයසින් මෝරද්දී සංස්කෘතික හා ආගමික පසුබිම හින්දා මේ වගේ ආකල්ප අපේ හිත් වලින් තුරන් වෙනවා.එතකොට තමයි ඌ පව්,ගහන්න එපා,මරන්න එපා කියලා අපි කියන්න ගන්නේ.නමුත් මානසික රෝගීන් එහෙම වෙන්නේ නෑ.ඔවුන් වයසින් මේරුවත් ඔහුන්ගේ හැගීම් බාල මට්ටමේ තියන්නේ.ඒ කියන්නේ ඒ වගේ අය හිටපු තැනමයි ඉන්නේ.ඔයාලා මේ චිත්‍රපටිය බැළුවහම තේරෙයි මානසික රෝගියෙක් මොන තරම් භයානක වෙන්න පුළුවන්ද කියලා.මේ චිත්‍රපටිය ටිකක් ආසාවෙන් කරපු එකක්.මොකද මනෝ විද්‍යාව කියන්නේ පට්ට විශයක්.කරපු කට්ටිය දන්නවා ඇති.මමත් එහෙන් මෙහෙන් ඇහිදගෙන තමයි ටිකක් දැන ගත්තේ. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බෙනකම් ඔබට ජය!!!!
ඔන්න සුපුනෝ කිව්ව වෙලාවටම සබ දුන්නා ඈ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dil Dhadakne Do (2015) සිංහල උපසිරැසි සමග

$
0
0


කොහොමද සෙට් එකට ඔන්න Zoya Akthar ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.මේ චිත්‍රපටයත් හැම කෙනෙක්ම එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් නිසාත් චිත්‍රපටය අරගෙන එන්න තරමක් ප්‍රමාද උන නිසාත් වැඩි වැල්වටාරම් නැතුව කතාවට බහිමු.

කෙනෙක්ගෙන් ඇහුවොත් තමන්ට මේ ලෝකේ වටිනාම දේ මොකද්ද කියල හැම කෙනෙක්ම වගේ කියාවි තමන්ගේ පවුල කියලා එත් ඉතින් හැම පවුලකම පොඩි පොඩි අප්සට් තියෙනවනේ ඉතින් මේ කතාවත් දිග හැරෙන්නේ අන්න ඒ විදියේ පවුලක් වටා තමයි කතාව ගැන ලොකු විස්තර කිරීමක් කරන්න නම් අදහසක් නැහැ 6.9 IMDB අගයක් ලබා ගන්න සමත් උන කෝටි 100 ට වැඩි ආදායමක් උපයමින් ලොව පුරා තිරගතවන නාට්‍යමය,ආදර කතා වර්ගිකරනයට අයත් වෙන මේ ලස්සන චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ඒ වගේම මේ චිත්‍රපටයට Anil Kapoor,priyanka chopra,Ranveer Singh,anushka sharma යන නළු නිලියනුත් රංගනයෙන් දායක වෙන අතර හඬකැවීම මගින් Aamir Khan නුත් දායක වෙලා තියෙනව.එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙනකම් සැමටම ජය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Monkey Kingdom (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


මේක අරගෙන එන්න ටිකක් පමා උනාට සමාවෙන්න කොහොම හරි පරක්කු උන නිසාම ඊයේ පෙරේදා නිකුත් වුන වඩාත් ගුණාත්මක Bluray හා Webrip පිටපත් දෙවර්ගයටම උපසිරැසි අරගෙන තමයි ආවේ.මේ වාර්තා රුපවාහිණි වැඩසටහන අපට වැදගත් වෙන්නේ මෙය සම්පුර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ ලංකාව තුලයි.monkey kingdom කියලා තිබ්බාට වදුරන් ගැන නෙමෙයි රිලවුන් ගැන තමයි මෙහි කතා වෙන්නේ.ඇත්තටම අනුරාධපුර පොලොන්නරු වගේ ට්‍රිප් එක්ක යද්දි ඔයාලා හැම තැනම ඉන්න රිලව් දැකලා ඇති. සමහර රිලව් වාහන වලට පවා අලාභහානි කරනවා දැකලා ඇතිනේ. ඒ දේවල් වෙන්නේ මොකද එතකොට මේ රිලව් ඇති කැලැවෙන් මිදිලා සෙනඟ වාසය කරන පැති වලට එන්නේ කියලා මනාව මේ වාර්තා වැඩසටහනේ පෙන්වනවා.කොටි සිංහයෝ ගැන වාර්තා වැඩසටහන් බලලා ඇති ඔයාලා. මතකනේ අපි ඔයාලාවෙනුවෙන් ලබා දුන්න PLANET EARTHහා Life (2009)වාර්තා රුපවාහිනි වැඩසටහන්. එවා නොබැලුවාත් මේ වාර්තා චිත්‍ර‍පටිය බලන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි නිතර දකින රිලව් ගැන ලොකු අර්ථකථනයක් මේ අය ලබාදෙන නිසා. ඔබ නොදන්න ගොඩක් දේවල් මේක බැලුවාම දැන ගනිවි. ඒ වගේම මේහි උපසිරැසි වල කොටසක් කරලා දුන්න ඉමාෂාටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් තව හොද නිර්මාණයකින් හමුවෙනතුරු මේක රසවිදින්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත හා ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Jupiter Ascending (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0



තව චිත්‍ර‍පටියක් අරගෙන ආවා ටික කාලයක් යනකම් මේක මම දෙන අවසන් චිත්‍ර‍පටිය වේවි. කොහොම හරි සූම් එකෙන් ඔයාලාට දෙන්න අතපහු වෙලා තිබ්බ චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ. The Matrix කතාමාලාව රචනා කල හා අධ්‍යක්ෂණය කල Andy Wachowski නවතම සිනමා නිර්මාණය තමයි මේ චිත්‍ර‍පටිය. Mila Kunis හා Channing Tatum ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන අතර සෙසු චරිත ලෙස Sean Bean,Douglas Booth,Tuppence Middleton චරිත නිරුපණය කරනවා.

කතාව ගැන කිව්වොත් මැක්ස් කියන්නේ තාරකා විද්‍යාඥයෙක්. ඔහු කාලයක යද්දි කාන්තාවකට ආදරය කරනවා. දෙන්නා විවාහ වෙනවා. ඔවුන්ට දරුවෙක් ලැබෙන්න යද්දි මැක්ස් තාරකාවිද්‍යාවට මහත්සේ ඇලුම් කරන නිසාම ඉපදෙන තමන්ගේ දරුවාට ජූපිටර් කියලා (බ්‍ර‍හස්පති ග්‍ර‍හයා හදුන්වන නම) නම දාන්න අදහස් කරනවා. නමුත් ඇයගේ මව මේකට කැමැති වෙන්නේ නැ. නමුත් දිනක් රාත්‍රියේදි සිදුවන පොඩි සිදුවිමක් නිසා මැක්ස් මිය යනවා. මේ අතර කාලයේ මැක්ස් ගේ බිරිදට දරුවා ලැබෙනවා. ඇය තමන් සැමියා ආස කරපු නම වෙන ජූපිටර් කියලා ඇයට නම තියනවා.ජූපිටර් තරුණ වියට පත්වුනාම ඇයගේ ජිවිතේ සුන්දර එකක් වෙන්නේ නම් නැහැ.කොහොම හරි මිට පස්සේ වෙන කතාව මේ විදියට කියන්නම් පිටසක්වල ඉදන් පිරිසක් පැමිණෙනවා ඇය ජූපිටර්ව පැහැරගන්න හදනවා.. ඇයව බේරගන්න කෙනෙක් පෘථිවියට එනවා. ඔහු ඇයව මේ හැමෝගෙන්ම බේරගෙන ඇයට දෙයක් පවසනවා. ඔහු කියනවා මේ පෘථිවියේ අයිතිකාරිය ඇය බව. ජූපිටර් කොහොමද පෘථිවියේ අයිතිකාරිය වෙන්නේ? කවුද මේ ජූපිටර්ව මරන්න ආපු අය? මේ හැම දෙයක්ම දැනගන්න ඔයාලාට මේ චිත්‍ර‍පටිය බලන්න වෙනවා. ඒ වගේම මේ චිත්‍ර‍පටිය පොඩි අය බලනවා නම් ගෙදර අයත් එක්ක බලන්න එපා හොදේ. මොකද අපහසුතාවයට පත්වෙන්න පුලුවන් දර්ශන කිහිපයක්ම චිත්‍ර‍පටියේ තියන නිසා. අර උඩින් කිව්වා නේ කාලයක් යනකම් මම දෙන අවසන් චිත්‍ර‍පටිය වේවි කියලා. හැබැයි අවසන් සබ් එක නෙමෙයි. ඇඩ්මින් මට ටිවි සිරිස් එකක් දුන්නා කරන්න කියලා. ඉතින් ඒක ඉවරයක් කරලාම ෆිල්ම් එකකට අතගහන්නම්. එත් පුලුවන් විදියට ෆිල්ම් වලටත් සබ් දාන්නම්.එහෙනම් ගිහින් එන්නම් තවත් මේ වගේම ලස්සන චිත්‍ර‍පටියක් ආ වැරදුනා තවත් ටිවි සිරිස් එකක් අරන්. හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

A Lonely Place to Die (2011) සිංහල උපසිරැසි

$
0
0


ඔන්න තවත් ත්‍රීලර් වර්ගීකරණයට වැටෙන හොද චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේකත් 2011 වසරේ තිරඟත වුවක්. මට සූම් සයිට් එකේ Code#M විසින් හොදම රේටින් ගත්ත 2011 ලිස්ට් එකක් එදා කමෙන්ට් වල දාලා තිබ්බා. ඉතින් එකෙන් තොරගත්ත චිත්‍ර‍පටියක් තමයි මේ. ඒ ලිස්ට් එකේ තව ෆිල්ම් දෙක තුනක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා. මේ වගේ ඔයාලා කැමැති ෆිල්ම් තියනවා නම් කියන්න පුලුවන් විදියට දෙන්නම්.

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් Melissa George මෙහි ප්‍ර‍ාධාන චරිතය නිරුපණය කරනවා. ඇය ඉංග්‍රිසි චිත්‍ර‍පටි බලන ඔයාලාට අමුත්තියක් නෙමෙයි. රොබ්,එඩ්,ඇලිසන්, ඇලෙක්ස්,ජෙනි මේ පස්දෙනා කදු තරණය කරන අය. මේ අය මේ නිවාඩු කාලයේත් කන්දක් තරණය කරන්න යනවා. මෙහෙම ගමන් ගන්න අතරතුරදි මෙයාලට කවුරු හරි කෑ ගහන සද්දයක් කැලේ අස්සෙන් ඇහෙන්න ගන්නවා. මේ අය විපරම් කරලා බැලුවාම පොළව යට හිර කරලා තියාගෙන ඉන්න ගැණු ළමයෙක්ව හම්බවෙනවා. මේ අය ඒ දරුවාව බේරගන්නවා. නමුත් මේකත් එක්කම මේ අයට දැනෙනවා මේ ළමයාව වලදාපු අය නැවතත් මෙතැනට ආවොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන් කියලා. කොහොම හරි මේ අය මේ කරපු දේ නිසා ජිවිත ලොකු ගාණකට වන්දි ගෙවන්න වෙනවා. ත්‍රීලර් කතා පැහැදිලි කලොත් අඟයක් නැති නිසා අරගෙනම බලන්න. මට ෆිල්ම් එක බලද්දි හිතුනේ අහක අය කේස් වලට අත දැම්මාම අන්තිමට අපිටමයි විහින් නැහෙන්න වෙන්නේ කියලා. බලන්නකෝ ඔයාලාත් අරන් මේ චිත්‍ර‍පටිය. ගිහින් එන්නම් තවත් හොද නිර්මාණයක් අරන්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Viewing all 660 articles
Browse latest View live