Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all 660 articles
Browse latest View live

Guddu Rangeela (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


එහෙනම් ඔන්න මගේ 149 වැනි උපසිරැසි ගැන්වීම අරගෙනයි ආවේ. ෆිල්ම් එක මුලින් දැක්කාම මටත් හිතුනේ ඒ තරම් හොද නැති එකක් කියලා. නමුත් චිත්‍ර‍පටිය හොද චිත්‍ර‍පටියක් කියලා දැන් නම් බය නැතුව කියන්න පුලුවන්.IMDB දර්ශකයේ පවා මේ චිත්‍ර‍පටිය කොමඩි චිත්‍ර‍පටියක් කියලා දක්වලා තිබ්බාට මේක එහෙම එකක් නෙමෙයි කියලා මතක් කරන්න ඕන. කොමඩිත් නැතුවාම නෙමෙයි එත් මෙහි ප්‍ර‍ධාන චරිතය කරන Arshad Warsi මේ චිත්‍ර‍පටියේ කොමඩි චරිතයක් නම් නෙමෙයි කරන්නේ. අනෙක් චිත්‍ර‍පටි වගේම දුෂ්ටයාගේ චරිතයට Ronit Roy විසින් කරන රඟපැමත් හැමදාම වගේ හොදයි කියලාත් කියන්නම ඕනි.මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Subhash Kapoor විසින්. මෙහි ප්‍ර‍ධාන නිළියගේ චරිතය Aditi Rao Hydari විසින් සිදුකරනවා.

කතාව ගැන කියනවා නම් ගුඩ්ඩු හා රංඟිලා සංදර්ෂණ ඉදිරිපත් කරන කෙනෙක්. වෙඩින් වලට පාටි වලට එහෙම ගිහිල්ලා සිංදු කියනවා. එත් මෙයාලගේ රස්සාව සිංදු කියන එකම නෙමෙයි. මෙහෙම සිංදු කියන්න යන ගෙවල් ගැන හොද සෝදිසියෙන් ඉදලා මංකොල්ලකන හොරුන්ට මේ ගෙවල් ගැන විස්තර දිලා සල්ලි හොයාගන්නවා. කොහොම හරි මේ පලාතට අලුත් ඉන්ස්පැක්ටර් කෙනෙක් එනවා. මොහු ගුඩ්ඩු හා රංඟිලාව පොලිසියට ගෙනල්ලා කියනවා ඒ අය කරන වැරැදි වැඩ ගැන සේරම දන්නවා නමුත් හිරේ දාන්නේ නෑ එයාටත් සලකනවා නම් කියලා. මෙහෙම කියලා කොල්ලකන සල්ලි වලින් ලක්ෂ දහයක් ගෙනල්ලා දෙන්න කියලා පොලිස්කාරයා කියනවා. නමුත් මේ දෙන්නා ගාවම එච්චර සල්ලියක් නැහැ. මොකද මේ හම්බකරන සල්ලි නඩුවක් වෙනුවෙන් එයාලා වියදම් කරන නිසා. (මේ නඩුව මොකක්ද කියලා චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න ලැබේවි කිව්වොත් කතාවම කිව්වා වෙනවා) කොහොම හරි අවුලෙන් මේ දෙන්නා ඉද්දි බංගාරි කියන කෙනා මේ දෙන්නාව මුණ ගැහිලා පොඩි වැඩක් බාර දෙනවා. කෙල්ලෙක්ව පැහැරගන්න. මුලින් රංඟිලා මේකට අකමැති උනත් ගුඩ්ඩුගේ දැඩි බලකිරිම මත මේ වැඩේට කැමැති වෙලා මේ ගැණු ළමයාව පැහැරගන්න යනවා. හැබැයි පැහැරගත්තාට පස්සේ තමයි දැනගන්නේ ගුඩ්ඩුයි රංඟිලායි අහුවෙලා තියෙන්නේ ලොකු ගැටයකට කියලා. එතකොට මේ කතාවට බබ්ලි කියන මැරයාව ගැවෙන්නේ කොහොමද කියන එක නම් ෆිල්ම් එක බලලාම දැනගන්න එක හොදයි. නැත්න්ම කුතුහලය යනවා නේ. එහෙනම් බලන්නකෝ තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙමු. සුභ දවසක්!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Avengers Age of Ultron (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ඔන්න එහෙනම් මගේ 100වැනි උපසිරැසි නිර්මාණය අරගෙනයි මේ ආවේ...මේකත් හැමෝම වගේ එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්..ගිය අවුරුද්දේ මුල හරියේ සූම් එකත් එක්ක එකතුවෙලා උපසිරැසි 100ක් දාන්න පුළුවන් වෙයි කියලා ලොවෙත් හිතුවේ නෑ. මුල් ටිකේ ඇඩිම්න් අයියගෙන් බේරිල්ලක් නැති හින්දා බොහොම අමාරුවෙන් උපසිරැසි ටික හදලා දුන්නා. මුලින්ම Knight Rider (2008) සීරියස් එකෙන් තමයි මම වැඩේට නිල වශයෙන් බැස්සේ. පඳුරු තැලුවා ඇති. එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

ඉතින් මේක The Avengers (2012)චිත්‍රපටයේ දෙවැනි කොටස. ඒ වගේම Captain America: The Winter Soldier (2014)චිත්‍රපටයත් මේකට ලාවට වගේ සම්බන්ධයි. ඒ දෙක බලලා නැත්නම් ඒවත් බලලා මේකත් බැලුවානම් කතාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ගිය අවුරුද්දේ ආපු කැප්ටන් ඇමෙරිකා කතාවේ අග හරියෙදී කට්ටියට මතක ඇති නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා. මේ කතාව පටන් ගන්නෙත් එතැනින්. එයාලා දෙන්නාව හදලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණය භාවිතා කරලා. ඉතින් තෝර් ආයුධය ඇස්ගාඩ් වලට අරන් යන්න ඇවෙන්ජර්ස්ලා එක්ක ආවාම අයන් මෑන් ඒක එයාගේ ලැබ් එකට ගෙනිහිල්ලා පර්යේෂණ කරනවා. මේකෙදී අපේ අයන් මෑන් අල්ට්‍රන් කියලා ලෝක සාමය රැකීමේ පරිගණක වැඩසටහනක් හදන්න අදහස් කරගෙන ඉන්නවා. ‍මොකද කලින් ඇවෙන්ජර්ස් කතාවේදී පිටසක්වළ ජීවීන් ආපු හැටි දැක්කාම මෙයාට ආරක්ෂාව ගැන පොඩි බයක් ඇතිවෙනවා, එයා හිතනවා ඊළඟ වතාවේ ඒ වගේ කට්ටියක් ආවොත් ඇවෙන්ජර්ස්ලාට පරදින්න වෙයි කියලා. ඉතින් මෙයා ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන් අල්ට්‍රන්ව හදන්න ගිහිල්ලා වැඩේ වරදිනවා. එතැනින් තමයි කතාව උඩි යටිකුරු වෙන්නේ. එහෙනම් ඒ ටික බලලාම රසවිඳින්න.

තව චිත්‍රපයට ගැන අමතර කරුණු ටිකක් කියන්නම්. මේකෙදී ගොඩක් අයගේ අවධානය දිනාගත්තේ අයන් මෑන් හල්ක් එක්ක තියෙන සටන. එයා හල්ක් එක්ක සටන් කරන්න වෙනමම ඇඳුමක් නිර්මාණය කරනවා. ඒකේ නම තමයි වෙරෝනිකා (Veronica). සමහර අය මේකට බුකියේ Hulk buster කියලා නමක් දාලා තිබුණා. මම නම් හිතන්නේ Hulk buster කියන නම තමයි ඒකට ගැළපෙන්නේ. කොහොමහරි මේකෙන් හල්ක්ගේ දතක් කැඩෙන්නම ගහනවා නොවැ. ;-) තව තෝර්ගේ මිටිය උස්සන එකත් හැමෝගෙම අවධානය දිනාගත්තා. තෝර් කියනවා එයාගේ මිටිය උස්සන්න පුළුවන් කෙනාට ඇස්ගාඩ් පාලානය කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් අපේ ඇවෙන්ජර්ස්ලා සෙට් එක මිටිය උස්සන වැඩේට බ්‍හිනවා. ඒ වුණාට කාටවත් මිටිය උස්ස ගන්න බෑ. කලින් කතාවෙදී මතක ඇති හල්ක්ටවත් ඒ වැඩේ කරන්න බැරිවුනා. ඒ වුණාට ඇවෙන්ජ්ර්ස්ලාට වඩා බලවත් කෙනෙක්ට ඒ වැඩේ ලේසියෙන්ම කරනවා. හැබැයි ඒ ඇස්ගාඩ් වල කෙනෙකුත් නෙමෙයි. ඔයාලම බලාගන්නකෝ ඒ වැඩකාරයා කවුද කියලා. ඒ වගේම ඔයාලා හොඳට බැලුවොත් පෙනේවි කතාවෙදී ටෝනි ස්ටාක් ඇඳගෙන ඉන්නේ බ්රූස් ලී ගේ පින්තූරය තියෙන කමිසයක් කියලා. ඒකත් මතක ඇතුව බලන්න. ඒ වගේම ටෝනි ස්ටාක්, කැප්ටන් ඇමෙරිකාට කතා කරන්නේ වයසක මිනිහා කියලා. කට්ටියට මේක ගැටලුවක් වෙලා ඇති. කලින් කතාවලදීත් මේ ආකාරයටම කැප්ටන්ට කතා කරා. එහෙම කතා කරේ එයා අවුරුදු එකසිය ගානක් වයසක හින්දා. ‍මොකද කැප්ටන් ඇමෙරිකා කියන්නේ අවුුරුදු ගානක් අයිස් යට නිදාගෙන හිටපු කෙනෙක් නේ. තව මේකෙදී කතාවේ ප්‍රධාන චරිතයක් වන 'විශන්'වත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව ජාවිස්ට පණ ආවට පස්සේ :-) අයන් මෑන්ගේ අලුත් කෘත්‍රිම බුද්ධියේ නම තමයි Friday. ඉතින් මං ඒ වචනය එහෙමම දැම්මා. මොකද ඒකට තේරුමක් දාන්න බැරි හින්දා. තව මේ කතාවෙදී ක්‍රෙඩ්ල් (Cradle) කියලා උපකරණයක් තියෙනවා. ඒකෙන් පටක නිර්මාණය කරන සීන් එකක් තමයි තියෙන්නේ. ඒත් ඒ වචනේ හරි තේරුම තොටිල්ල කියලා මම දැම්මේ නෑ. ඒකත් හිතේ තියාගෙනම කතාව බලන්න. ඒ වගේම කතාව අවසානයේදී අලුත් ඇවෙන්ජර්ස්ලා තුන් දෙනෙකුත් කණ්ඩායමට එකතුවෙනවා. ඒ වගේම කතාව ඉවරවෙලා නම් ටික ගියාට පස්සේ අන්තිම හරියෙදිත් පොඩි සීන් එකක් යනවා. ඒක නම් අනිවාරෙන්ම බලන්න. මොකද Guardians of the Galaxy (2014) එකේ හිටපු දුෂ්ට චරිත වගයකුත් මේකට සම්බන්ධ වෙනවා වගේ පේන්නේ. ඒ සීන් එකනම් කිව්වේ අපේ නිසල් සහෝදරයා හොඳේ. ඒ වගේම මේ චිත්‍රපයට සම්බන්ධ තව ‍කොටසක් 2016දී එන්නත් තියෙනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Sakalakala Vallavan (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


තවත් අලුතින් ආව චිත්‍ර‍පටි කිහිපයක් අරගෙන තමයි ආවේ. දැන් දෙන්න යන්නේ හොද කොමඩි චිත්‍ර‍පටියක් කිව්වොත් නිවැරිදියි. 2015 ජූලි 31 වැනිදා ලොව පුරා තිරඟත වු මේ චිත්‍ර‍පටිය Alex Pandian චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරපු Suraj ගේ නිර්මාණයක්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Jayam Ravi,Trisha,Anjali,Prabhu රංඟනයෙන් දායක වෙනවා. මේ නළු නිලියෝ දෙමළ ෆිල්ම් රසික හැමෝටම නුපුරුදු අය නෙමෙයි නේ. කතාව ගැන කියනවා නම් ශක්ති කියන්නේ ගමේ ඔහේ රවුම් ගහා ගහා ඉන්න කොල්ලෙක්. එයාගේ කලින් මිතුරා වෙලා දැන් හතුරා වෙලා ඉන්නේ චින්නසාමී. කොහොම හරි ශක්ති චින්නසාමිගේ නැණා එක්ක පොඩි සම්බන්ධයක් පටන් ගන්නවා. මේකට චින්නසාමි නම් කොහෙත්ම කැමැති නෑ. එත් ඉතින් මේයාගේ නෑනා අන්ජලී කොයිවෙලාවෙත් ශක්ති පස්සේමයි. කොහොම හරි මෙහෙම කාලයක් යද්දි ශක්තිගේ නැන්දාගේ දුවෙක් ගමට එනවා. ඇයගේ නම දිව්‍යා. පිටරටක ඉගෙන ගෙන හැදි වැඩුන කෙනෙක්. කතා බාහා සේරම ඉංග්‍රිසි තාලේට. චින්නසාමි ලාවට වගේ ලයින් එකක් දාන්න බලනවා දිව්‍යාට එත් දිව්‍යා කොයිම වෙලාවකවත් ඒවාට අහුවෙන්නේ නෑ. කොහොම හරි දිව්‍යාගේ කසාදේ තින්දු වෙනවා කෙනෙක් එක්ක. එත් කසාදේ දවසේම මේ මඟුල කැඩිලා යනවා. දිව්‍යාට අවනම්බු වේවි කියලා පවුලේ අය කල්පනා කර කර දුකින් ඉන්න කොට ශක්ති ගේ තාත්තා දිව්‍යාගේ තාත්තාට කියනවා කැමැති නම් අපේ පුතාට දුවව බන්දලා දෙන්න කියලා. ශක්ති කොච්චර දරදඩු කෙනෙක් උනත් තාත්තා ගේ කිමට පිටින් යන්නේ නෑ. ඉතින් ඇය ආදරේ කරපු අන්ජලීව අමතක කරලා ශක්ති දිව්‍යාව බදිනවා. නමුත් දිව්‍යා පිටරටක හැදිලා වැඩුන කෙනෙක්. ඇය ශක්තිට කැමැති වෙන්නේ නෑ. කරන්න දෙයක් නැති කමට බදිනවා. බැදලා මේ දෙන්නා සතුටින් ඉන්නෙත් නෑ. හැමදාම රණ්ඩු. පස්සේ ශක්ති බැරිම තැන ගමේ ඉන්න චින්නසාමිට කතා කරනවා එයාලාගේ ගෙදර එන්න කියලා...එතැනින් පස්සේ වෙන වැඩ ෆිල්ම් එක බලලාම දැනගන්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Jurassic World (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ජුරාසික් පාක් පළමු චිත්‍රපටයෙන් අවුරුදු 22කට පස්සෙ නිකුත්වෙන අලුත්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳගෙන ඉදිරියට ආපු මේ අවුරුද්දෙ නිකුත්වුන දැවැන්තම සිනමා නිර්මාණයක්. ආදායම් වාර්ථා ගැන සම්පූර්ණ විස්තර මේ ලිපියෙන්මම සූම් ෆෝරම් එකේ කිව්වා. යුනිවර්සල් පික්චර්ස් ආයතනය හතරවන ජුරාසික් චිත්‍රපටය නිර්මාණය කිරීමට පටන් ගත්තේ 2004 වර්ශයේ. ඒ 2005 වර්ශයේ නිකුත් කිරීමට. නමුත් විවිධ හේතු නිසා එය තවත් වසර 10කින් පමණ ප්‍රමාද වුනා. විශේෂයෙන් පිටපත අධ්‍යක්ෂණය වැනි කාරනා හේතුවෙන්. පසුගිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල ස්ටීවන් ස්පිල්බර්ග්ද මෙවර චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයෙකු ලෙස සිටිනවා. මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය Colin Trevorrow විසින් සිදුකර තිබෙනවා.

මෙවර ජුරාසික් උද්‍යානයද තැනෙන්නේ වසර 10ක් ජුරාසික් උද්‍යානය කරගෙන ගිය ඉස්ලා නියුබ්ලා දූපතේමයි. පළමු උද්‍යානයේදි වුන සිදුවිම් අනතුරුව වසර 22කට පසුව තමයි ජුරාසික් වර්ල්ඩ් නමින් අලුත් උද්‍යානය විවෘත කරන්නෙ. සැක් සහ ග්‍රේ සහෝදරවරු මේ උද්‍යානයට එනවා. ඒ ඔවුන්ගේ නැන්දාව හමුවෙන්න. ඇය තමයි උද්‍යානයේ සියලුම මෙහෙයුම් භාරව ඉන්නේ. නමුත් ඇයට ඒ දිනවල ඉන්ඩොමිනස් රෙක්ස් නැමැති අලුත්ම වර්ගයේ දෙමුහුන් සතා පිළිබඳව වැඩ ගොඩක නියැලිලා ඉන්නෙ. ඒත් හදිසියේම ඒ දැවැන්ත ඩයිනෝසරයා කූඩුවෙන් පිටට යනවා. කාටවත් හිතාගන්න බැරි විදියකට! හැමෝම පුදුම වෙනවා.

නමුත් විද්‍යාඥයෝ විවිධ ඩයිනසෝර්ලාගේ සහ සතුන්ගේ ජාන මිශ්‍ර කරලා හදලා තියෙන්නෙ කාටවත් දෙවැනි නොවෙන, අඩුම තරමේ කොහොමවත් ඌව නතරකරන්න බැරි විදියෙ දැවැන්ත සතෙක්. බුද්ධි මට්ටමින් ඉතාම ඉහල සතෙක්. ඉතින් ඒ වගේ සතෙක් 20,000ක සෙනඟක් ඉන්න දූපතක නිදැල්ලෙ හැසිරෙන්න ගත්තම වෙන දේවල් හිතාගන්න පුලුවන් නේද? ඒ දූපතේ මිනිසුන්ට මොනවා වෙයිද? ඒවගේම අලුත් කතාව මට පරන චිත්‍රපටියටත් වඩා හිතට ඇල්ලුවා. අනිවා ඔයාලටත් ඒක හිතේවි. ඔයාලා හැමෝම මේ චිත්‍රපටිය එනකල් බලාගෙන හිටපු නිසා මම කතාවෙ වැඩි දෙයක් කියන්නෙ නෑ. අනිවා චිත්‍රපටිය බලන්න එහෙනම්.

චිත්‍රපටයේ නළු නිළි කැල ගැන කිව්වොත් Chris Pratt,Bryce Dallas Howard, Katie McGrath සහ බොලිවුඩ් නළුවෙක් වන Irrfan Khan ද මෙහි ප්‍රධාන චරිත රඟපානවා. පසුගිය චිත්‍රපටයේ රඟපෑ B. D. Wong මෙහිද රඟපානවා.

චිත්‍රපටියේ හොඳ තත්වයේ HD 720p පිටපතක් නිකුත්වුනේ. නමුත් උපසිරැසි ගොනු මේකට හරියන ඒවා නෑ. කැමරා පිටපතට ආපු උපසිරැසිය අරගෙන මේකට ගැලපෙන විදියට ටයිම්ලයින් හදමින් තමයි උපසිරැසිය කලේ. ඒක නිසා චුට්ටක් පරක්කු වෙන්න ඇති මේ සැරේ නම්. ඒත් හැමෝටම කලින් දෙන්න මේ සැරෙත් මට පුලුවන් වුන එක ගැන නම් සතුටුයි. බ්ලූරේ පිටපතත් ආපු ගමන්ම නැවත උපසිරැසිය නිකුත් කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Fantastic Four (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


මම හිතන්නෙ මේ කතාව කිසිම කෙනෙක් තේරුම් අරගෙන නැතුවයි බනින්නෙ. IMDb එකේ බැනලා තියෙන විදිහ බැලුවාම මම හිතුවෙ අජූත ගන්නම දෙයක් නැති ෆිලුමක් වෙලා කියලා. ඒත් සබ කරන්න ඕන නිසා ගත්තා. යකෝ බැලින්නම් සුපිරියක්. දීලා තියෙන ඉෆෙක්ට් එහෙම සුපිරි. හැබැයි චූටි ගැටලුවකට තිබෙන්නෙ මේකට කලින් ආපු ෆැන්ටෑස්ටික් 4 එකේ වගේ ඇඩ්වේන්චර් කෑලි ඒ කියන්නෙ ආපදාවක් වුනාම හතරදෙනාම බේරගන්න යනවා වගේ, කවුරු හරි හතුරෙක් ඇවිත් චිත්‍රපටයේ බොහෝ තැන් වල ගහගන්න සීන් ටිකක් අඩුයි. මම හිතන්නෙ ඒක අධ්‍යක්ෂකට බැනලා වැඩක් නැහැ. හැබැයි කොමික් කතාවල ඉන්න ප්‍රේක්ෂකයන්ට යම් අසාධාරනයක් වෙලා තියෙනවා කියලත් කියන්න ඕන. ඒ චිත්‍රපටයේ තාක්ෂණය නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් කොමික් චිත්‍රපට වල පැය දෙකක් ගත්තොත් පැයක් විතර වලිමනෙ යන්නෙ. එක්කො තෝර් ගහයි හල්ක්ට, නැත්නම් තෝර්ගෙ මල්ලියි තෝර්නුයි වලියක් දාගනියි, එහෙමත් නැත්නම් අයන් මෑනුයි කැප්ටන් අමෙරිකායි වලියක් දාගනියි. ඊට පස්සෙ හතුරත් එක්කත් මරාගන්නවා. ඉතින් චිත්‍රපටයෙ බාගෙට බාගයක් වලි. ඉතින් ඒකනේ ඒවට ඇක්ෂන්/ඇඩ්වේන්චර් කියන්නෙ. ඒත් මේ චිත්‍රපටයේ අන්තිම බාගයේ තමයි ඩිරෙක්ටර් මාමිටත් රත්වෙන්නෙ පොඩ ඇක්ෂන් කෑල්ලක් දාන්න ඕන කියලා. ඒක නිසා විනාඩි දහයක් විතර චිත්‍රපටයෙ වලි දාගන්න තැන් තියෙනවා.

අනෙක් කතාව තමයි ගොඩක් වෙබ් අඩවි වල මෙම චිත්‍රපටය අසාර්ථක වුන හේතුව වශයෙන් සඳහන් කරලා තියෙන්නෙ, ඔයාලට මතකයි ෆැන්ටෑස්ටික් 4 කියලා 2005 හා 2007 චිත්‍රපට දෙකක් ආවා. හැබැයි ඒ වෙනකොට Avengers චිත්‍රපට මාලාව ඇවිත් තිබුනෙ නැහැ. ඉතින් ඒ දවස් වල නම් ඇවේන්ජර්ස් වෙනුවට අපිට සුපිරි වීරයන් රැසක් ඉන්න චිත්‍රපටයකට තිබුනෙ මේක නිසා හැමෝම අතරෙ කතාබහට ලක්වුනා. හැමෝම බැලුවා. හැබැයි ඇවේන්ජර්ස් ආවට පස්සෙ ඒකත් එක්ක මේක සසඳනකොට තරඟ කරන්න අමාරුයි. ඒ නිසාමදෝ චිත්‍රපටයෙ අධ්‍යක්ෂක එනම් ක්‍රෝනිකල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක මෙම චිත්‍රපටය වෙනස් ධාරාවක් කරා ගෙනියන්න හදලා තියෙනවා. අනෙක බොහෝ චිත්‍රපට වල තිබෙන සාමාන්‍යයෙන් අපිට දැකලා පුරුදු කෑලි මේකෙත් හොඳට බලාගන්න පුළුවන්. රීඩ්ස් තමයි මේ කතාවෙ ප්‍රධාන නළුවා. ඔහු පාසැල් යන පොඩි කාලෙ ඉඳන්ම යම් දෙයක් තැනකින් තවත් තැනකට යවන්න පුළුවන් ටෙලිපෝටඩ් තාක්ෂණ ක්‍රමය අත්හදා බලනවා. මේක එයා පන්ති කාමරය තුල කියනවා. ඒකට පන්තියේ ලමයි හිනාවෙනවා. හැබැයි එක ලමයෙක්ට විතරක් මෙයා ගැන කුතුහලයක් ඇතිවෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් බොහෝ චිත්‍රපට වල අපි දැකලා තියෙන. කිසිම අමුත්තක් නැති කොටස් මේ චිත්‍රපටයේ බොහෝ තැන් වල දකින්න පුළුවන්. හැබැයි මට නම් ඒක වැඩිය තේරුනේ නැහැ පරණ චිත්‍රපටයක් අලුත් කරපු නිසාද දන්නෙ නැහැ.

හැබැයි මේක එහෙම කියලා අතහරින්න ඕන එකක් නෙමෙයි. කොමික් කතා බලපු අය මේකට කැමති නැහැ කිව්වට ඔයාලා මේක බලලා තීරණය කරන්න 60% ක් විතර හොඳ රසයක් දෙන චිත්‍රපටයක්. ඇක්ෂන් නැතිවුනාට තාක්ෂනය ඒ කිව්වෙ විශේෂ ප්‍රයෝග නම් චිත්‍රපටය පුරාවට පරිගණක ආශ්‍රයෙන් යොදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙච්චර ලොකු කතාවක් මම කිව්වෙ IMDb එකේ කොමික් බලන එවුන් බැනලා දාලා තියෙන නිසා. රේටින් පවා දීලා නැහැ. ඒත් මේක අරගෙන බලන්න ඇක්ෂන්/ ඇඩ්වේන්චර් තරමක් නැතිවුනාට හොඳ ස්ටෝරි ලයින් එකක් නම් තියෙනවා.

කතාවෙ සන්ධර්භය ගැන තරමක් කිව්වොත් කතාවෙ ආරම්භය වෙන්නෙ රීඩ් කියන කුඩා ලමයෙකු සමඟයි. ඔහු පාසැල් කාලෙ ඉඳන්ම විද්‍යාවට දක්ෂයෙකු ලෙසයි පෙන්වන්නෙ. අනෙක් දරුවන්ට වඩා දක්ෂ විවිධ විද්‍යාත්මක අත්හදා බැලිම් කරන කුඩා දරුවෙක්. ඔහුට තවත් මිතුරෙක බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුනගැසෙනවා. රීඩ් දරුවා තම අත්හදාබැලීම මිතුරාත් සිටියදී ප්‍රායෝගිකව අත්හදා බලනවා. ඉන්පසු රීඩ් වැඩිහිටියෙක් වෙලා ටෙලිපෝඩට් ක්‍රමය සාර්ථකව නිර්මාණය කල පසු අපේක්ෂා නොකල අන්දමින් ඔහුට යම් ආරාධනයක් ලැබෙනවා. ඒ එක්තරා කණ්ඩායමකින්. ඔවුන් යම් දෙයක් තවත් තැනකින් මතුකරන ටෙලිපෝටඩ් ක්‍රමය සම්බන්ධව පරීක්ෂණ කරන පිරිසක්. ඉතින් මේ අය රීඩ් සමඟ තම පරීක්ෂණ අවසන් වී නව නිර්මාණය සාර්ථකව නිම කරනවා. සත්වයෙක් පෘථිවියේ සිට වෙනත් ග්‍රහයෙකු මතට යවනවා. එය සිදුවන්නෙ තප්පර කිහිපයක් ඇතුලත. එම නව තාක්ෂණය නාසා වැනි ආයතන සමඟ එකට කල යුතුයි යන තැනට එක්තරා නියෝජිතයෙකුගෙන් එන යෝජනාව මත එම විද්‍යාඥයන් උරණ වෙනවා. එම නිසාම ඔවුන් කතාවෙලා තීරණය කරනවා වෙනත් ග්‍රහයක් මතට ගිය පළමු මිනිස් කණ්ඩායම බවට පත්වන්න. ඉතින් ඔවුන් හොර රහසේම ටෙලිපෝටඩ් ක්‍රමය මගින් වෙනත් ග්‍රහලෝකයකට යනවා. මෙතැනින් තමයි අපි බලාපොරොත්තු වෙන අපූරු හතර දෙනා නිර්මාණය වෙන්නෙ. එහෙනම් බලන්නකෝ කතාව.

Whiplash (2014), Divergent (2014), Insurgent (2015) වගේ චිත්‍රපට වල රඟපෑ නළු Miles Teller මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවනවා. එමෙන්ම Iron Man 2, Transcendence, 127 Hours (2010) වැනි චිත්‍රපට වල රඟපෑ සුරූපී නිළියද මෙම චිත්‍රපටයට සාධාරණයක් කලා කියලා තමයි මට කියන්න පුළුවන් වෙන්නෙ. බෙදා හැරීම ගැන කියන්න දෙයක් නෑනෙ Fox මාමිලා තමයි බෙදා හැරීම කරලා තියෙන්නෙ. Marvel ස්ටුඩියෝ එකෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ආදායම් හා වියදම් අතින් කියන්න තියෙන්නෙ ශෝක ජනක කතාවක් චිත්‍රපටය නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් 120,000,000 ක් විතර ගිහින් තිබෙනවා ඒත් ආදායම ගැන කිවවොත් දැනට ලෝකෙන්ම එකතුවුන ගාන ලෙස ඩොලර් 101,079,049 මුදලක් පමණයි ලැබී තිබෙන්නෙ. කොමික් චිත්‍රපට නරඹන්නන් වැඩියෙන්ම සිටින අමෙරිකාව තුල මෙම චිත්‍රපටය අලෙවි වි තිබෙන්නෙ 54,887,263 වැනි සුළු මුදකටයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කලේ Chronicle (2012) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Josh Trank විසිනුයි. වැදගත්ම දේ තමයි මෙච්චර අලාභ වෙලත් නිවේදනයක් නිකුත්වී තිබෙනවා මෙහි දෙවන චිත්‍රපටයක් 2017 දී නිකුත් වන බව. එහෙත් චිත්‍රපට නළු නිළියන් නම් කලත් කුමන අධ්‍යක්ෂක වරයෙකුගෙ අතින් චිත්‍රපටය නිපද වෙනවාද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැහැ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්හා J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

ක්‍රියාදාම සපිරුණ ටෝනි ජා රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය SPL 2 - A Time For Consequences (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ඔන්න මම තවත් සුපිරි ගණයේ චිත්‍රපටයක් අරන් ආව මේක නිකුත් වුනේ චීන හා හොංකොං ක්‍රියාධාම චිත්‍රපයක් විදියට මේක අධ්යක්ෂණය කරේ Cheang Pou-soi විසින් ඒ වගේම මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අසියාවේ ඉන්න සුපිරිම සටන් නළුවන් පිරිසක් නම් වශයෙන් Tony Jaa, Wu Jing, Simon Yam ඒ වගේම Zhang Jin. මෙහි පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2005 වසරෙදි. මේ චිත්‍රපයට ගැන කියනවා නම් මම කාලෙකින් දැක්ක සුපිරිම සටන් ජවනිකා කිහිපයක්ම මෙකේ පුරා දකින්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ භෂා කිහිපයක්ම කතා කරනවා ප්‍රධාන වශයෙන් මැන්ඩරින්, කැන්ටොනීස්, තායි වගේම යම් තැන් වලදි කොරියානු භෂාවත් පාවිච්ච වෙනවා. මේ චිත්‍රපටියට මුලික වෙලා තියෙන්නේ විශාල සංවිදාන ගත මිනිස් අවයව ජාවාරම් කල්ලියක් ගැන. මේ වන කොට මේ චිත්‍රපටය imdb 7.1/10 වගේ අගයක් මේ වොන කොට අරගෙන තියනවා. මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියනවා නම් වෙස්වලාගත් පොලිස් කාරයෙක් වෙන කිට් (Wu Jing) මත්ද්‍රව්‍ය වලට ඇබ්බහැ වෙච්ච කෙනෙක් වෙන්න වෙනවා එයාලගේ ඉලක්කය වෙන අවයව ජාවාරම් කල්ලියක නායකයා හුං (Louis Koo) අල්ලා ගන්න. කොහොම හරි අන්තිමට මෙහෙයුම වේලාවේදි කිට් ජාවාරම් කාරයින් විසින් අල්ලා ගෙන යනවා. කොහොම හරි ජාවාරම් කල්ලියේ නායක හුං දරුණු හදවත් රෝගයකින් පෙලෙනවා එයාගේ රුධිර වර්ගය ගොඩක් දුර්ලබයි මෙයා අන්තිමට තමන්ගේ සහෝදරයාගේ හරි හදවත බලෙන් අර ගන්න හදනවා ඒත් කිට් හා හොංකොං පොලිසි මෙහෙයුම අතරේදි සේරම කනපිට පෙරලිලා කිට් ජාවාරම් කාරයින්ටත් හුං සහෝදරයා හොංකොං පොලිස් භාරයටත් ගන්නවා. කොහොම හරි පැහැරගත් කිට්ව ජාවාරම් කල්ලිව විසින් බැංකොක් වල හිරගෙදරක හිරකරන් ඉන්නවා ඒ හුං සහෝදරයා එක්ක කිට්ව ගනුදෙනුවක් කරන්න. කොහොම හරි තායි පොලිස් නිලධාරියෙක් වෙන චායි (Tony Jaa) තමන්ගේ ලියුකේමියාවෙන් පෙලෙන දුව සුව කරගන්න ඕනේ කරන මුදල් හොයා ගන්න මේ හිරගෙදර ආරක්ෂකයෙක් විදියට සේවයට එනවා. ඔහුගේ වගකිම තමයි කිට් ගැන ඇහ ගහන් ඉන්න ඒක. කිට් තමන් හොංකොං පොලිස් නිලධාරියෙක් කියලා හැමෝටම කියන්න උත්සහ කරනවා ඒත් කාටවත් එයා කතා කරන භාෂාව තේරුම් ගන්න බැහැ චායි ඇතුළුව. කොහොම හරි චායිගේ දුව බේර ගන්න පුලුවන් ඇටමිදුළු දායකයෙක් ගැන රෝහලින් චායි දැන ගන්නවා ඔහු හොංකොං ජාතිකයෙක් ඒත් එයාව සම්බන්ධ කරන්න චායිට බැරි වෙනවා ඒත් ඔහු ඒ සම්බන්ධ කරගන්න උත්සහ කරන තමන්ගේ දුවගේ ජිවිතය බේරගන්න පුලුවන් පුද්ගලයා තමන් විසින් ආරක්ෂා කරන කිට් කියලා එයා දන්නේ නැහැ. ඒ වගේම මේ හිරගෙදර පාලක (Max Zhang) කියන්නෙත් ජාවාරම් කල්ලියේ සාමාජිකයෙක් ඔහු අවයව ලබා ගැනිම සඳහා අල්ලාගෙන ආපු පුද්ගලයින් ඔහු පාලනය කරන හිරගෙදර තමයි හිර කරන් ඉන්නේ.
එයා තමයි චායිට කිට් හට තියන ලොකුම අභියොගය වෙන්නේ මොකද කියනවා නම් ඔහු අති දක්ශ සටන් කරුවෙක් ඔයාලට ඒද දකින්න පුලුවන් වෙයි. කොහොම හරි අවසානයේදි චායි දැන ගන්නවා කිට් ගැන ඊට පස්සේ මේ දෙන්නා මෙකෙන් ගැල වෙයිද චායි තමනගේ දුවගේ ජිවිතය බේර ගනිවිද මොනවද කරන්නේ කියලා ඔයාලම බලාන්න බාර දෙනවා. මේ චිත්‍රපටය ඔයාල බලපු සුපිරිම ආසියානු සටන් චිත්‍රපට වලින් එකක් වෙනවා කියන එක මට විශ්වාසයි. මේ චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් නැති නිසා හොඳ ටොරෙන්ට් එකක් තිබුනේ නැහැ ඒ නිසා ටොරෙන්ට් එක අප් කරලා දුන්න thasneen සහෝට ගොඩක් ස්තුති කරන්න ඕනේ. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දාල යන්න. ආයෙත් මේ වගේ හොද නිර්මාණයකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Chandi Veeran (2015) සිංහල උපසිරැසි සමඟ

$
0
0


කාලේකට පස්සේ දමිළ චිත්‍ර‍පටියක් අරන් ගොඩවැදුනා. හරියට බැලුවොත් මේ මගේ 150 වැනි උපසිරැසි ගැන්වීම. එත් 150ට දෙන්න යන්න චිත්‍ර‍පටිය දැන්ම හිතාගෙන ඉන්න නිසා මේක 151 කියලා හිතාගමු හොදේ...මතක ඇතිනේ අපි දිපු Naiyaandi චිත්‍ර‍පටිය. එය අධ්‍යක්ෂණය කරපු A. Sarkunam ගේ නිර්මාණයක් තමයි මේ චිත්‍ර‍පටියත්. මේ චිත්‍ර‍පටිය ඉතින් සබ් එකක් ආවේ නැති උනත් දෙන්න උන එකම හේතුව ඉතින් මම කලින් ඔයාලාට දුන්නPoriyaalan,Kayal (2014)වැනි චිත්‍ර‍පටි වලත් ප්‍ර‍ධාන චරිත නිරුපණය කරපු Anandhi නිසාම විතරයි. මිට අමතරව මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නළුවා ලෙස Atharvaa රංඟනයෙන් දායක වෙනවා. ඔහු රංඟනයෙන් දායක වුන Irumbu Kuthiraiවැනි චිත්‍ර‍පටි අපි දුන්නා මතක ඇති නේ.

මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් ගම් දෙකක් තියෙනවා. මේ ගම් දෙකම එකිනෙකාට වෛරයෙන් ඉන්නේ. ඒ මොනවාත් නිසා නෙමෙයි වැවක් නිසා. එක් ගමක වතුර පහසුකම් නැ. ඔවුන්ගේ ළිදක් හැරුවාත් එන්නේ ලුණු මිශ්‍ර‍ජලය. මේ නිසා අල්ලපු ගමේ වැවෙන් මේ අය වතුර ලබාගන්නවා. නමුත් ඒ ගමේ අය මේකට කැමැති වෙන්නේ නැහැ. මේ නිදා ගම් දෙක අත ලොකු ගැටුමක් ඇති වෙනවා. චිත්‍ර‍පටියේ කොහොමත් ලොකුවටම කතා කරන්න උත්සහා කරලා තියෙන්නේ ජලයේ වටිනාකම තමයි... ඒ ගම් වල ප්‍ර‍ශ්නය ඔහොම යද්දි පාරි කියන තරුණය සිංගප්පුරුවේ ඉදලා ගමට එනවා. පාරි පොඩි කාලේ ඉදන් ලයින් එක අල්ලගෙන හිටපු කෙල්ල තමයි තාමාරා කියන්නේ. පාරි ගමට ඇවිල්ලා තාමරා එක්ක කතා කරන්න හිතුවාට කාලයකට පස්සේ ආව නිසාදෝ තමාරා පාරිව මඟහරින්න පටන්ගන්නවා. එත් ඉතින් පාරි මේ කෙල්ලව හොයාගෙන හැම තැනම යනවා. මේ දෙන්නාගේ ආදර කතාව නම් විනෝදෙන් බලන්න පුලුවන්. ඉතින් මෙහෙම ගැණු ළමයෙක් පස්සේන් ගිය පාරි අන්තිමට මේ ගම් දෙකේ සටන මැද්දට පැටලෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන එක දැනගන්න චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP Xvid ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Cobbler (2014) සිංහල උපසිරැසි සමගින්

$
0
0


කොහොමද හැමෝටම? මම හුගකාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් අරන් ආවා Grown Ups 2 එකෙන් පස්සේ. මේ මගේ දෙවනි සබ් එක.මේ ෆිල්ම් එක ගැන ටිකක් කිවුවොත් මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Tom McCarthy. IMDB එකේ 5.8/10 රේටින් එකක් තියනවා. හොදයි අපි දැන් බලමු මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ඉතින්, මේ කතාවෙන් කියන්නේ අමුතුම සපත්තු මහන්නෙක් ගැන. මෙයා මෙයාගේ කඩේ කම්මැලි කමෙන් තමා මුලින්ම වැඩකලේ. මේ සපත්තු මහන මැක්ස් කියන කෙනාට මේ කඩේ උරුම වෙන්නේ පරම්පරාවෙන්. මෙයාගේ වෙනද සපත්තු මහන මැෂින් එක කැඩෙනව දවසක් ඒ හින්දා මෙයා අමුතුම මැෂින් තිබිලා ඒක පාවිච්චි කරලා සපත්තු මහනවා. ඒකෙන් මහන සපත්තු දැම්මහම මේයාගෙ රූපෙ වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කරලා මෙයා හුගාක් දේවල් කරනවා. හැබැයි ඒ ඒ එකක්වත් නරක වැඩ නෙමෙයි. ඔක්කොම හොද වැඩ. ඔයාලම මේක බලලම කියන්නකො කොහොමද මේ සපත්තු මහන්නා කියලා. මේක බලලා හොද නරක කියන්න. ඉක්මනටම ආයිත් හම්බ වෙමු හොද කොමඩි ෆිල්ම් එකක් එක්ක!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසිඳු චතුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Poltergeist (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


කාලෙකින් හොල්මන් චිත්‍රපටයක් දෙන්නෙ. චිත්‍රපටයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම (Poltergeist) හොල්මන් චිත්‍රපටයක් ගැන තමයි මේ කතාව යන්නෙ. මේ චිත්‍රපටය අද ඊයෙ ආපු එකක් නෙමෙයි 1982 සිට සීරීස් එකක් විදිහට ආපු එකක්. එක චිත්‍රපටයක් 1982 අනෙක් චිත්‍රපටය 1986 හා අන්තිම චිත්‍රපටය 1988 වර්ෂයෙත් චිත්‍රපට තුනක් වශයෙන් පැමිණියා. ඒ කියන්නෙ චිත්‍රපට තුනක් දක්වා එන්නත් යම් ෆෑන් බේස් එකක් තිබිලා තියෙනවා චිත්‍රපටයට. සාමාන්‍යෙයන් හොරර් චිත්‍රපට මිනිස්සු බලනවා අඩුයි නේ. ඒ මොකටවත් නෙමෙයි බය වෙන නිසා. අපේ සබ් ටීම් එකෙත් ඉන්නවා එහෙම හොල්මන් චිත්‍රපට බලන්න බය ගුල්ලො. වෙලාවට ප්‍රමෝද් බය නැතිවුනේ. නැත්නම් ෆිලුම තනියම තමයි කරන්න වෙන්නෙ හික්ස්. ඒත් මේ චිත්‍රපටය බය වෙවී හරි බලන්න මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ සීරීස් එක අපේ තාත්තලාගෙ කාලෙනෙ අවේ. ඉතින් අපේ කාලෙට ගැලපෙන්න ඒ චිත්‍රපටයේ රී මේක් එකක් හදලා තියෙනවා. ඉතින් පරණ චිත්‍රපටයේ නමින්ම මෙදාපාරත් කතාව අලුත් කරලා ගහලා තියෙනවා. ඇත්තටම කිව්වොත් බය වෙන්න පුළුවන් විදිහට තමයි කතාව හදලා තියෙන්නෙ. ගොඩක් අය හොල්මන් චිත්‍රපට වලට අකමැති වෙද්දි මම ගොඩක් කැමති හොල්මන් චිත්‍රපට වලට. එහෙම වෙලාවක මට හිතෙනවා මමත් හොල්මනක්ද කියලා. ඉතින් මේකත් මායි ප්‍රමෝද් යාලුවයි සබ් එක කරන්න ගත්තෙ ඒ නිසා.

ඔයා නිකමට හිතන්න ඔයා කුලියට ගෙවල් අරගෙන ඉන්න පවුලක් කියලා. ඇත්තටම එහෙම ඉන්න අය නම් වඩාත් හොඳයි. ඔන්න මේ කතාව හදලා තියෙන්නෙ එයාලාට විශේෂ වෙන්නයි. අපි කුලියට ගන්න නිවස අති භයානක අස්වාභාවික දේවල් වෙන තැනක් නම් එතන අපිට මොන වගේ වේවිද?. අපිට වෙන ගෙයක් ගන්න සල්ලිත් නැත්නම්. පවුල අමාරුවෙන් ගෙනියන පිරිසක් නම් ඒ තත්වය තවත් භයානක අතට හැරේවිනේ. මම වුනත් කොච්චර හොල්මන් චිත්‍රපට බැලුවත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නැහැ. ඒක නිසා කවුරු හොල්මන් තියෙනවා කිව්වත් ඒ ගෙදර නැති බැරි කම නිසාම ඉන්න අය අනන්තයි. හැබැයි මම හොල්මන් විශ්වාස කරන්නෙ නැ කිව්වට අපේ ගෙදර අයට ප්‍රායෝගික අත්දැකීම් නම් තියෙනවා. ඒකෙන් එක කතාවක් කියන්නම් කම්මැලි කම යන්නත් එක්ක

අපේ තාත්තගෙ නෑයො පිරිසක් ඉන්නවා මොණරාගල පැත්තෙ. ඉතින් අපේ තාත්තලාගෙ මිතුරන් පිරිසක් ඉන්නවා බණ්ඩාරවෙල ප්‍රදේශයේ. කුමක් හෝ හදිසි පණිවුඩයක් ලබාදෙන්න අවශ්‍ය වෙලා අපේ තාත්තා මොණරාගල ඉඳන් බණ්ඩාර වෙලට තරමක් අඳුරු වැටුන වෙලාවක බයික් එකෙන් ගියා. බණ්ඩාරවෙල පැත්ත ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ පාරවල් තියෙන්නෙ එක පැත්තකින් කන්ද අනෙක් පැත්තෙන් පාතාලය (ඒ කිව්වෙ කන්දෙන් පල්ලම). ඉතින් තාත්තා යාලුවන්ගෙ ගෙදර ගිහින් ආයෙ මොනරාගල එනකොට පාලු තනි කලුවරේ සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් අඬ අඬා ඉන්නවලු. තාත්තා බය වෙලා මොකක් හරි කරදරයක් වෙලාද කියලා. එයා මන් තරම්වත් හොල්මන් ගැන හොයලා බලන්නෙ නෑ. තාත්තා බයික් එක ස්ලෝ කරනවත් එක්ක ඒ ගෑනි මහා හයියෙන් හිනා වෙලා. තාත්තා බය වුන පාරට එක පාර බයික් එකේ වේගෙ වැඩිකරගෙන ඇවිත්. ළඟට එනකොට දැක්කෙ නැල්ලු. ඒත් දැක්කලු එයා පහුකරගෙන යනකොට පිටිපස්සෙ හිනා වෙවී ඉන්නවා. මේක ඉතින් තාත්තා අපිට කිව්වා. බයික් එක චැලියක්. යකඩ වලට ඔය වගේ අදිසි බලවේග බයයිලුනෙ. ඒක නිසා කරදරයක් වුනේ නෑ කියලා තමයි ගොඩක් අය කියන්නෙ. අදටත් මම ඒ වුන සිද්ධිය විශ්වාස කරනවා. ඒත් හොල්මනක්ද කියලා හිතන්නෙ නෑ. ඒත් ඒ තැන මනුස්සයෙක් නම් ඉන්නෙ නෑ මචන්. පාලු පාරවල්. උඩින් කන්ද පහලින් පාතාලය. ඒ අතර යන්න තියෙන්නෙ පාරෙ දෙපැත්තට විතරයි. ඒක නිසා අපේ පවුලෙත් හොල්මන් අත්දැකීම් තියෙනවා. ඒත් මට නම් තාම අත්දැකීම් නැහැ. තාත්තා විශ්වාස කලත් මම තාම විශ්වාස කරන්නෙ නෑ. ඔයාලටත් පුද්ගලික අත්දැකීම් තියෙනවා නම් කමෙන්ටුවකින් දාගෙන ගියාට අමනාපයක් නෑ. මොකද මේ හොල්මන් විශ්වාස වසර දහස් ගානක් පැවත එන්නෙ නිකන්ම කියලත් විශ්වාසකරන්න බෑ මචන්. බුදුහාමුදුරුවොත් සක්වල ගලින් එහාට යක්ෂයන් පන්නා දැමුවලුනෙ. ඒ යක්ෂයන් මොකුක්කුද, සක්වල ගල මොකක්ද කිලා නම් මට තාම හිතාගන්න අමාරුයි. එහෙනම් කතාවට ටිකක් එන්ටර් වෙමු. මගේ පුද්ගලික අත්දැකිමි කිව්වෙ කවරුවත් බය කරන්න එහෙම නෙවෙයි. ඒ කතාව කවුරුවත් විශ්වාස කරන්න එපා. ඇසින් දකින තුරු කිසිවක් විශ්වාස නොකරන්න කියන උපදෙසත් දීගෙනම මම ඊළඟ කොටසට එන්ටර් වෙනවා.

මේ කතාවට අනුව පුංචි පවුලක් ඉන්නවා. එයාලා ටිකක් ආර්ථික ප්‍රශ්න තියෙන අය. එහෙම කියලා අපි වගේ හිඟන්නු නෙමෙයි. උන්ට වාහනේකුත් තියෙනවා හික්ස්. ඉතින් මේ අය ටිකක් දුර බැහැර පැත්තකට යනවා ලාබ ගෙයක් හොයාගෙන. ගෙදර සමහර අය කොහෙත්ම කැමති නෑ. ඒත් ගෙදර අම්මා වචනයක් කියනකොට තාත්තත් සෙක්න්ඩ් වෙනවනෙ බන්. ඒක නිසා පිරිමි කෙනා අකමැති වුනාට ගෙදර අම්මා ඉමු කියන නිසා ඉන්නවා. මේ පවුලෙ පුංචි නංගි බබෙක් ඉන්නවා. ඒ වගේම පොඩි මල්ලියෙකුත් ඉන්නවා. අන්ති කෙනාටත් බබා කිව්වට වරදක් නෑ. හැබැයි එයා අපේ වයසෙ වගේ. එයත් ලත්තන නංගියෙක්. මේ අය අතරේ චූටිම නංගි පැටියට මේ ගෙදර ගිය මුල්ම දවසෙ අමුතු මිතුරෙක් හමුවෙනවා. එයා කාටවත් පේන්නෙ නෑ. අඩුම ගානේ නංගි බබාටවත්. ඒත් චූටිම නංගි බබා එක්ක මෙයා කොහේ හරි ඉඳන් කතාකරනවා. නංගි බබා තමයි අදෘෂ්‍ය බලවේගයන්ගෙ සන්නිවේදකයා කිව්වොත් මම නිවැරදියි. එයාලා චූටි බබා සමඟ කතාකරන ඒවා චිත්‍රපටයේ අපිට ව්‍යාගාකාරයෙන් දැනුම් දෙනවා මේ කතාකරන්නෙ හොල්මන තමයි කියලා. හැම තිස්මෙන නංගියත් එක්ක සන්නිවේදනය කරනවා. ඒක මේ ගෙදර ඉන්න පොඩි මල්ලියට මාට්ටු වෙනවා. පොර බය වෙනවා. එයා කාමරේ තනියම ඉන්නත් බය වෙනවා. ඒක දෙමාපියන්ට කිව්වට එයාලා හිතන්නෙ අලුත් ගේකට ආපු නිසා සාංකාවට කියන දෙයක් කියලා. ඉතින් ඔහොම යද්දි නංගි බබා අතුරුදහන් වෙනවා. මලා.... දැන් මොකක් වෙයිද? අපි චිත්‍රපටය බලලම ඉතුරු ටික දැනගමු.

බොහෝ විචාරකයන් මේ චිත්‍රපටයට දොස් පවරන්නෙ එකම චිත්‍රපටය නැවත නැවත නිපදවනවා කියලා. ගොඩක් දුරට ඇත්ත තමයි. ගොඩක් පරන චිත්‍රපට නැවත නැවත නිපදවනවා ඇරෙන්න අලුත් කන්සෙප්ට් එකකට මේවා නිපද වන්නෙ නැති තරම්. ඒ අතරේ විචාරකයක් පවසන අනික් දේ තමයි චිත්‍රපයේ මුලු ආකාර්ශනයම දිනාගත්තෙ ඒකෙ ඉන්න හුරතල් චූටි නංගි පැටියා කියලා. ඇත්ත තමයි බන්. මට ඒ නංගි පැටියා ගෙදර ගෙනත් තියාගන්න හිතුනා කියන හුරතල් කතාවලට. ඔයාලා ඒක බලන්නම මේ චිත්‍රපටය බාගනීවිද දන්නෙ නෑ. ඒක බලන්නම බාගත්තත් අවුලක් නෑ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා ගැන කිව්වොත් Monster House (2006), City of Ember (2008) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු නවක අධ්‍යක්ෂක වරයෙක්. මෙය ඔහුගෙ තෙවන චිත්‍රපටය කිව්වොත් නිවැරදියි. නවක අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් ආධුනිකත්වයෙන් ඔබ්බට ගිහින් තියෙන අධ්‍යක්ෂක වරයෙක් බවට හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රධාන නළු නිළියන් ගැන කිව්වොත් මම මුලින්ම කියන්නෙ අපේ පුංචි නංගි පැටියා ගැන ඇය ඉපදිලා තියෙන්නෙ කැනඩාවෙ 2007 වර්ෂයේයි, හලි හුලුතල්....... ඒත් දඟකාරකම නම් ඉවරයක් නෑ. ඇය තුන්දෙනෙක්ගෙ පවුලකින් යුත් බඩපිස්සි. ඒත් පොඩි වුනාට Jingle All the Way 2 (2014) වගේ චිත්‍රපට වලත් රඟපාලා තියෙනවා. අපි වගේ හාල්පාරුවො නෙවෙයි නේද බන්. පොඩි කාලෙ ඉඳන්ම තම රැකියාව තෝරගත්ත ඒ වගේ ජීවිත තියෙන්නෙ හරිම අතලොස්සක්. මට හිතෙන්නෙ ඇයට ලොකු අනාගතයක් තියේවි. ඇයගෙ සැබෑ ජීවිතේ නම Kennedi Clements කියලයි හඳුන්වන්නෙ. ප්‍රධාන නළුවා ගැන කිවවොත් එක්කෙනෙක් තමයි තාත්තා.. එයා Moon (2009), The Hitchhiker's Guide to the Galaxy (2005) වගේ කප් ගහපු චිත්‍රපට වල රඟපෑ Sam Rockwell ය. ප්‍රධාන නළුවන්ගෙ අනිත් කෙනා තමයි අපේ පොඩි කොලුවා. එයා තමයි චිත්‍රපටය වෙනස් කරන්න, චිත්‍රපටය ඇදගෙන යන්න බෙහෙවින් උපකාරී වෙන කෙනෙක්. එයාගෙන් තමයි අපි චිත්‍රපටයේ ගොඩක් රසවින්දනය ලබාගන්නෙ එයා තමයි The Following (2013), The Pale of Settlement (2013), The Young and Prodigious T.S. Spivet (2013) වගේ චිත්‍රපට වල රඟපාපු Kyle Catlett කියන නළු බට්ටා. අම්මට රඟපාන්නෙ Rosemarie DeWitt කියන නිලියයි. ඇයත් අපි බලපු ගොඩක් චිත්‍රපට වල ඉන්නවා ඒ අතරේ The Watch (2012), The Odd Life of Timothy Green (2012), Cinderella Man (2005) කියන චිත්‍රපට ප්‍රධානයි. එමෙන්ම චිත්‍රපටය බෙදාහැරීම් කරලා තියෙන්නෙ Fox මාමිලා විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ Metro-Goldwyn-Mayer (MGM), Ghost House Pictures හා Vertigo Entertainment යන ආයතනයි.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Detective K (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න මම අද අරන් ආවේ මම ගොඩක් කල් අරන් එන්න හිතාගෙන හිටපු මේ අවුරුද්දේ නිකුත් වෙච්ච බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ලස්සන කොරියානු චිත්‍රපටයක්. මේක නිකුත් වුනේ මේ වසරේ පෙබරවාරි මාසයේ මේ චිත්‍රපටයේ මුල් චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2011 වසරේදි ඒ චිත්‍රපටයත් මේ හා සමානවම විනොද වෙන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් ඒත් ඒක කරන්න බැරි වුනා හොඳ ටොරෙන්ට් එකක් නැති නිසා. කොහොම හරි මේකෙත් ටොරෙන්ට් එකක් තිබුනේ නැහැ අපේ thasneen සහෝදරයාට ස්තුති වෙන්න තමයි ටොරෙන්ට් එක හදා ගත්තේ. මේ චිත්‍රපයට ගැන කියනවා නම් මේක Action, Comedy, Adventure, Mystery යන ගනයන් වලට අයත් වෙනවා. මේක නිර්මාණය වෙලා තියෙන්නේ චෝසෝන් ඒ කියන්නේ කොරියානු රජ කාලයේ පළමු රහස් පරික්ෂක වරයා මුලික කරගෙන. එයාගේ නම රහස් පරික්ෂක කිම් මින් (Kim Myung-Min) ඒ වගේම එයාගේ සහකාරයා සො-පිල් (Oh Dal-Su) මේ දෙන්නාම මම පෞද්ගලිකව කැමති දකුණ කොරියානු නළුවන් දෙන්නෙක් ඔයාලටත් මෙයාලගේ රඟපැම දැක්කම ඒක දකින්න පුලුවන් වෙයි ඒ වගේම කියන්න ඕනේ මේ උපසිරය ගොඩක්ම තැන් අසා ලිව්වේ මොකද හොඳ ඉංග්‍රිසි උපසිරසියක් නැති නිසා. මේක ඇත්තටම මම බලලා ගොඩක් හිනා වෙච්ච චිත්‍රපටි අතරට එකතු කරන්න පුලුවන්. ‍මේකේ කතාව ගැන කියනවා නම් 1975 වසර වෙන කොට කොරියාවේ විශාල වශයෙන් ව්යාජ රිදී සංසරණය වෙන්න පටන් ගන්නවා මේක රටේ ආර්ථිකයට ලොකු බලපැමක් වෙන නිසා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න අපේ රහස් පරික්ෂක කිම් මින් හා එයාගේ සහකරු සො පිලා තිරණය කරනවා ඒ වගේම එයාල දෝ හේ කියන පුංචි දුවෙක් ගැන හොයන්න පටන් ගන්නවා ඒ එයාගේ අක්කාගේ කිම නිසා. කොහොම හරි මෙයාල හොයා ගන්නවා මේ ව්යාජ රිදී හදන තැන වගේම පොඩි ගැණු දරුවන් අරන් ගිහින් ලිංගික අපචාර වලට ජපානයට අලෙවි කරන තැනකුත්. ඔන්න ඔහොම තමයි වෙන්නේ එයාලගේ වගකිම වෙන්නේ ව්යාජ රිදි හදන අයයි අහින්සක පුංචි දරුවනුයි බේර ගන්න ඒක එයාල ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලම බලන්න මම කලින් මේ ජාතියේ චිත්‍රපට දෙකක් අරන් ආව The Admiral: Roaring Currents, The Pirates ඒ වගේම මේකත් හොඳ වෙයි කියලා මට විශ්වාසයක් තියනවා එහෙනම් මේක බලලා පළවෙනි එකත් බලන්න ආසාවක් ආවෙත් කියන්න මම කොහොම හරි එකේ උපසිරසියත් අරන් එන්න බලන්නම්. එහෙනම් ගිහින් එන්නම්.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tale of Tales (2015) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


දමිළ චිත්‍ර‍පටි දිලා පුරුදු අපිව වෙනත් භාෂා චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම Italian-French-British භාෂාවලට අයත්වෙන මේ චිත්‍ර‍පටිය fantasy හා horror චිත්‍ර‍පටියක් ලෙසයි වර්ඟිකරණය කරලා තියෙන්නේ.Salma Hayek, Vincent Cassel, Toby Jones හා John C Reilly මෙම චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා. 1600 දි රචනා කල Pentamerone හා , Hans Christian Andersen වැනි කතාවලින් ගත් කතා වල එකතුවක් වෙනස් ලෙස නිර්මාණය කිරිමක් තමයි මේ චිත්‍ර‍පටියේ අන්තර්ගතවෙන්නේ. කතාව කියන වට වඩා නරඔලාම දැනගන්න කියලා ආරාධනා කරනවා. සුභදවසක් එහෙනම් හැමෝටම



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Harbinger Down (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න එහෙනම් තවත් අලුත්ම චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේක එච්චර ජනප්‍රිය ෆිල්ම් එකක් නෙමෙයි හැබැයි මේ හා සමාන චිත්‍ර‍පටි කිහිපයක්ම කලින් නිර්මාණය වෙලා තියනවා. ඔයාලා බලලා තියනවා ද THING චිත්‍ර‍පටිය. අන්න ඒ චිත්‍ර‍පටියේ වෙන සිදුවිමට මේ චිත්‍ර‍පටියේ ලොකු සමාන කමක් තියනවා. ඒ වගේ සතෙක්මයි මේකේ ඉන්නේ. කතාව කියනවා නම් කිපදෙනෙක් තල්මසුන් ගවේෂණය කරන්න ඇලෙස්කාවට ගොස් කකුලුවෝ අල්ලගෙන එන ධිවර යාත්‍රාවකට ගොඩ වෙනවා. මෙහෙම යද්දි ඔවුන්ට යමක් මුහුදේ තියනවා කියලා සංඥාවක් ලැබෙනවා. මේ අය කැමරාවක් යවලා බලනවා මුහුද යටට මේ මොකක්ද කියලා. එතකොට දකිනවා රතු පාට එලියක් දැල්වෙන කුමක් හරි මුහුදේ තියනවා කියලා.මේ අය ඒක ගොඩට ගන්නවා. ඒක හිමින් මිදිලා තියෙන්නේ. මේ අයට තේරුම් යනවා මේක අභ්‍යාවකාශ යානාවක් කියලා. ඒක මුහුදට කඩා වැටිලා කියලා තමයි මේ අය අනුමාන කරන්නේ. ඒ වගේම මේක මුහුද යට සැහෙන කාලයක් තිබිලා තියනවා කියලා එකේ බැදිලා තියන අයිස්වල ගණකමින් එයාලා තේරුම් ගන්නවා. මේක වැඩිදුර පරික්ෂණ කරන්න කියලා නැව ඇතුලට දාගන්නවා. නමුත් මේ නැව ඇතුලට දාගන්නේ ලොකු අනතුරක් කියලා එයාලා දැනන් ඉන්නේ නෑ. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Insidious: Chapter 3 (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


එහෙනම් තවත් හොල්මන් චිත්‍රපටයක් ආපු ගමන් උණු උණුවෙ දෙන්න තමයි මේ හදන්නෙ. මේ සීරීස් එක ගැන දැන් හැමෝම බලලා ඇති. හොල්මන් චිත්‍රපට වලට ප්‍රිය කරන අය නම් මේ කතාව ගැන නොදැනගෙන ඉන්න විදිහක් නැහැ. ඒ වගේම හොල්මන් චිත්‍රපට ගැන කියන්න දෙයක් නැහැනෙ. ඒවා ඇතුලෙ අඳුරු බලවේග තියෙනවා. නරක භූතාත්ම ගැන කතාවෙනවා. ඉතින් බොහෝ දෙනෙක් කියන විදිහට, බොහෝ දෙනෙකුගේ විචාරයන් අනුව මේක අනෙක් කතා දෙකටම වඩා ඉහලින් තියෙනවාලු. මටත් මේ කතාව කලින් ආපු දෙකටම වඩා හොඳයි. කලින් කතා වලට වඩා මේ කතාවෙ නිර්මාණාත්මක භාවයක් තියෙනවා. සුපුරුදු පරිදි පළමු කතාවෙ ඉඳන් මේ වෙනකන් ඉන්නේ අපි සිංහලෙන් කියනවා නම් කට්ටඩියා. ඉංග්‍රීසිය සිංහලේට පරිවර්තනය කරාම ඉතින් එයාටකියන්න වෙන්නෙ ආධ්‍යාත්මිකයා කියලා. ඉතින් පරණ කතාවෙ හිටපු අපේ ප්‍රධාන නිලිය එනම් ආධ්‍යාත්මිකයා තමයි මේ පාරත් භූතාත්මය එලවලා දාන්නෙ. ඉතින් කතාවෙ මුල සිටම කුතුහලය කියන එක ඇතිවෙනවා. මොකද කතාව පටන් ගන්නේම ක්වීන් කියන ගෑනු ලමයා ප්‍රශ්නයක් අරගෙන එනවාත් සමඟමයි..

කතාවෙ සන්ධර්භය ගැන කතාකලොත් මේ කතාව පටන් ගන්නකොටම ක්වීන් කියන කෙල්ල අපේ එලීස්ව හොයාගෙන එනවා අම්මා මිය ගිය දෙයක් ගැන කතාකරගන්න. එතැන් සිට එලීස්ට හිතෙනවා මේ කෙල්ලට උදව් කරන්න. ඒත් ඇය මනසින් භවයේ සැරිසරන්න ගන්නකොට එක්තරා භූතාත්මයක් විසින් ඇයට කරදර කරන්න ගන්නවා. ඒක නිසා අපේ කතානායිකා එමලිට කිසිම කෙනෙක්ට උදව් කරන්න ලැබෙන්නෙනෑ. ඇත්තටම ඇය බය වෙලයි ඉන්නෙ ආධ්‍යාත්මික තත්වයට ගියොත් එම භයානක භූතාත්මය ඇවිත් ඇයව මරාවි කියලා. ඉතින් ක්වීන්ට එලීස්ගෙන් උදව් ලැබෙන්නෙ නෑ. හැබැයි ක්වීන්ට ඇයගෙ අම්මා කතාකරනවා කිව්වට ඒ ඇයගෙ අම්මා නෙමෙයි. ඉතිම භයානක අඳුරු බලවේගයක් කියලා තමයි එලිස් කියන්නෙ. මේ පටලැවිල්ල ලිහා ගන්න අපි කතාව බලලම ඉමු නේද...

හොල්මන් චිත්‍රපට වලට අධිපති Blumhouse Productions කණ්ඩායම තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ, ඒ වගේම බෙදා හැරීම Focus Features ලා විසින් කරලා තියෙනවා. කතාවෙ අපේ එලීසාට රඟපාන Lin Shaye විසින් There's Something About Mary (1998) Insidious Insidious (2010) Insidious: Chapter 2 Insidious: Chapter 2 (2013) A Nightmare on Elm Street A Nightmare on Elm Street (1984) යන චිත්‍රපට වලට රඟපෑමෙන් දායකත්වය දක්වලා තිබෙනවා. එමෙන්ම Dermot Mulroney, Stefanie Scott, Angus Sampson යන නළු නිළියන්ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. එමන්ම චිත්‍රපටයේ වියදම වශයෙන් සඳහන් වන්නේ $10,000,000 වගේ මුදලක්. එමෙන්ම මෙම චිත්‍රපටයට ලෝකෙන්ම ලැබුන ආදාවම දිහා බැලුවාම $109,518,558 වගේ මුදලක් අපට පෙන්වා දෙන්න පුළුවන්. බැලූ බැල්මට චිත්‍රපටයෙන් ආදායමක් ලබාගෙන තිබෙනවාකියන්න පුළුවන්. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Twenty (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මම සබ් එකක් අරගෙන ආවා. සබ් එකක් ගේන්න ගොඩක් පරක්කු වුනාට මුලින්ම සමාව ඉල්ලනවා. වැඩි කතා නොකර මම මේ චිත්‍රපටිය ගැන විස්තරයක් කියන්නම්.ඔක්කොටම කලින් කියන්න ඕනෙ මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක්. මේකෙ තියෙන්නෙ 16+ සීන් වුනාට කතාව නම් 18+. දැන් ඉතින් කියන දේ අහන්නෙ නැති අය අනිවාරයයෙන්ම ‍මේක බලයි. ඔන්න මට නම් මුකුත් කියන්න එපා. කොහොමහරි පොඩි අයත් බලයි කියලා හිතපු නිසාම මම උපසිරැසිය ගොඩක්ම සභ්‍ය විදියටයි දාන්න උත්සාහ කළේ. ඒත් මම කතාවෙ තේරුමට නම් හානි කළේ නෑ.

මේකෙ කතාව ගැන කියනවනම්, අවුරුදු 19 ඉවර වෙලා අවුරුදු 20 ලබන්න ඔන්න මෙන්න ඉන්න කොල්ලො තුන් දෙනෙක් ගැන තමයි කතාවෙ කියවෙන්නෙ. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් පොත් ගුල්ලෙක්. අනිත් කෙනා චිත්‍ර කාරයෙක්. අනිත් එකා තමයි හොඳම. ඒකට වනචරයා හැරෙන්න කියන්න හොඳ වචනයක් නෑ. මෙයාලා තමන්ගෙ 20 වෙනි අවුරුද්ද ගත කරන හැටි තමයි මේකෙ තියෙන්නෙ. මේක නම් ගොඩක්ම දුරට කොමඩි පැත්තට බර වුනත් රොමෑන්ටික් ගතියත් ටිකක් තියෙනවා. තරුණ අයට නම් මේක අනිවාර්යයෙන් බලන්න කියලා මම යෝජනවා කරනවා. මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ. මේකේ 2GB විතර ලොකු ටොරන්ට් එකක් තිබ්බේ. ඉතින් ඒක අඩු සයිස් කරලා අප්ලොඩ් කරපු thasneen විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන. එහෙනම් ආයෙ පරක්කු නොවී ඉක්මනට සබ් එකක් ගේන්න පොරොන්දු වෙන ගමන් මම යනවා.සුබ පැතුම්!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සචින් ප්‍රභාෂ් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Pay the Ghost (2015)

$
0
0


එහෙනම් කස්ටියට අදත් ෆිල්මක් දෙන්න තමයි මේ යන්නේ. මේකත් ඉතින් හොල්මන් එකක්. මාර වැඩේ කියනනේ එක දිගටම හොල්මන් චිත්‍රපට තුනක් තමයි දෙන්නෙ වෙලා තියෙන්නේ. ඊළඟ එකත් බොහෝ දුරට හොල්මන් එකක් වේවි. නැත්නම් බොහෝ දුරට ෆැන්ටසි එකක් වේවි. ඉතින් ඒ අනාවැකියත් සමඟින් මේ චිත්‍රපටයට අපි මුලපුරමු. මේ කතාව මම බලපු අනෙක් කතා වලට වඩා ගොඩක් වෙනස් එකක්. ගොඩක් විචාරකයන්ගෙ අදහස් වුනත් සලකා බලනකොට ඉතා ඉහළින් මෙම චිත්‍රපටය වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ෆිල්ම් එක මොන වගේද කියලා බලනකොට තමයි කතාව ඇත්ත කියලා තේරුනේ. ඉතින් වෙනස්ම කතාවක්, මේක බලනකොට සමහර අවස්ථාවල ඉස්සර අපි බලපු Nightmare at the Elm Street සීරීස් එකත් මතක් වුනා. දැන් ටිකක් කතාවෙ අභ්‍යන්තරය ගැන සාකච්ඡා කරමු.

මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. ඒකෙ බලපෑමට ලක්වෙන්නේ චාලි කියන පොඩි දරුවා. ඉතින් මේ පවුලෙ තාත්තට රඟපාන චරිතෙ නම මයිකල්. එයා යම් විශ්ව විද්‍යාලක ගුරුවරයෙකු වියහැකියි. ඒක ලොකුවට චිත්‍රපටය තුල කතාබහට ලක්වෙනවා. ඉතින් මේ කතාවේ මූලික න්‍යෂ්ටිය වෙලා තියෙන්නේ චාර්ලි කියන පොඩි දරුවා. ඒ කියන්නෙ අර පුංචි පවුලෙ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි. එහෙනම් කවුද? ඒ පැහැරගත්ත කෙනාට ඒ ලමයගෙන් මොනවද ඕන? අපි කතාව බලලාම තීරණය කරමු.

මේ චිත්‍රපටයේ සුප්‍රසිද්ධ නළු නිළියන් දෙපලක් සිටිනවා. ඒ අතර මුලින්ම එහි රඟපාන සුපිරි නළුවාගැන කියන්නම්. ඔහු National Treasure, Ghost Rider, Kick-Ass වැනි සුපිරි චිත්‍රපට වල රඟ පෑ සුපිරි නලු Nicolas Cage ය. එමෙන්ම ප්‍රධාන නිළිය ගැන කිව්වොත් Into the Storm වැනි චිත්‍රපට මෙන්ම අපි ආසාවෙන් නරඹපු The Walking Dead, Prison Break වැනි සුපිරි ටීවි සීරීස් වල රඟපෑ Sarah Wayne Callies මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාලා තියෙනවා. එමෙන්ම මම චිත්‍රපටයේ න්‍යෂ්ටිය වශයෙන් හඳුන්වපු පොඩි ලමයා ගැන කිව්වොත් ඔහුගෙ සැබෑ නම තමයි Jack Fulton. එමෙන්ම මෙය ඔහුගේ පළමුවැනි චිත්‍රපටය ලෙසයි මූලාශ්‍ර සඳහන් කරන්නේ. පළමු චිත්‍රපටයෙන්ම ජාත්‍යන්තරයට යන එකත් මහ වාසනාවක් නේද.. එහෙනම් තවත් දවසකින් හමුවන තුරු හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්හා J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

SPL : Kill Zone (2005) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


ඔන්න මම අද අරන් ආවේ 2005 වසරේ තීර ගත වෙච්චර සුපිරි හොංකොං ක්‍රියාධාම චිත්‍රපටයක් මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි ක්‍රියාධාම චිත්‍රපට අධයක්ෂක කෙනෙක් වෙන Wilson Yip විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට මේ වෙන කොට නැගෙන හිර ආසියාවේ වගේම ලෝකේ ගොඩක් ජනප්‍රය සටන් නළුවන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියනවා නම් වශයෙන් Wu Jing, Donnie Yen, Simon Yam යන සටන් නළුවන් මෙම චිත්‍රපටය මම කලින් ගෙනාපු SPL 2 Time For Consequenesකියන මෙහි දෙවන චිත්‍රපයට එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් ඒක වගේම හොඳ සටන් ජවනිකා කිහිපයක්ම දකින්න පුලුවන් Donnie Yen කියන කෙනා ගැන කියන්න දෙයක් නැහැ නේ හැමෝම එයාගේ ක්‍රියාධාම ගැන දන්නවා. මේ චිත්‍රපයට වටා තියන කතාව ගැන පොඩියට කියනවා නම් පොලිස් පරීක්ෂක චෑන් ක්වොක්-චුං එයාගේ මුලික මෙහෙයුම විදියට කරන්නේ වොං පෝ කියන ප්‍රභල පාතල කල්ලි නායකයා අල්ල ගන්න හදන ඒක මේක එයාට ලෙසි වෙන්නේ නැහැ එයාට ගොඩක් දෙවල් වගේම එයාව අල්ල ගන්න තිබුන හොඳ අවස්ථා නැති වෙනවා. එත් අන්තිමට මෙයා දැන ගන්නවා මෙයාගේ මොළයේ ගෙඩියක් තියනවා කියලා ඒ නිසා මෙයාට ඕනේ මැරෙන්න කලින් කොහොම හරි එයාගේ වැඩේ ඉවර කරන්න. ඒ වගේම මෙයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා එයාල ඔක්කොම ගොඩක් චුංට පක්ෂපාතියි ඒ වගේම මෙයාට විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියලා අලුත් පොලිස් පරීක්ෂක මා ක්වොන් එනවා එයා හොඳ සටන් හැකියාවක් තියෙන කෙනෙක් මෙයා එක්ක එකතු වෙලා මේ කණ්ඩායම වොං පෝ අල්ල ගන්න දරණ උත්සහය තමයි චිත්‍රපටය පුරාවට දකින්න තියෙන්නේ. ඒත් දුක මම ගොඩක් ආස කරන චීන නළුවෙක් වෙන Wu Jing (ජැක්) මේ චිත්‍රපටයේ සතුරාගේ චරිතයක් රඟ පාන එක කොහොම හරි හරියටම ඊට අවුරුදු 10ට පස්සේ ආපු මම කලින් දිපු චිත්‍රපටයේ එයා ප්‍රධාන චරිතයකට පණ පොවනවා. මේක ගැන වැඩි විස්තරයක් තව ඕනේ වෙන්නේ නැහැ. දෙවනි එක බලපු අය අනිවාරෙන් මේක බලන්න ඕනේ. එහෙනම් මේක බලලා අනිවාරෙන් අදහසකුත් දක්වලා යන්න. තව මේ වගේ හොඳ චිත්‍රපටයකින් හමු වෙමු. ගිහින් එන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Hero (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


Subhash Ghai විසින් 1983දි නිපදවන ලද හිරෝ චිත්‍ර‍පටියේ නවතම රිමේක් එකයි මේ ගෙන ආවේ.මේ චිත්‍ර‍පටියේ විශේෂයක් තියනවා ඒ නම් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලිය හා ප්‍ර‍ධාන නළුවා චරිත දෙකම රඟපාන්නේ ඉන්දිය සිනමාවේ කලක ප්‍ර‍සිද්ධව සිටි නළුවන් දෙදෙනෙකුගේ දරුවන් දෙන්නෙක්. ප්‍ර‍ධාන නළුවා ලෙස Aditya Pancholi පුත් Sooraj Pancholi ප්‍ර‍ධාන නිළියගේ චරිතය වෙනුවෙන් Sunil Shetty ගේ දුව වන Athiya Shetty රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Nikhil Advani විසිනි. චිත්‍ර‍පටියේ ගිත ගායනය හා චිත්‍ර‍පටියට බර පැන දරන්නේ අපි කවුරුත් දන්න Salman Khan විසිනි.2015 සැප්තැම්බර් 11 වැනිදා මේ චිත්‍ර‍පටිය ලොව පුරා විකාශනය විම ආරම්භ කල අතර. දැනටත් සිනමා ශාලා වල තිරඟත වනවා.කතාව ගැන කියනවා නම් සුරාජ් කියන්නේ මොම්බායි නඟරයේ ඉන්න මැරයෙක්. ඔහුට පාටි එකකදි රාධාව මුණ ගැහෙනවා. ඇය මුම්බායේ ප්‍ර‍ධාන පොලිස්පරික්ෂක වරයාගේ දියණියයි. සුරාජ් ගේ තාත්තා Pasha විසින් මේ පොලිස් පරික්ෂ වරයාගේ දියණිය වන රාධාව පැහැරගන්නවා.. මේ ආරංචිය නඟරය පුරා පැතිරයනවා වගේම මුළු පොලිසියම සිරුවෙන් තබනවා. නමුත් මේ පැහැර ගත් රාධා හා සුරාජ් අතර කෙමෙන් කෙමෙන් ආදරයක් හටගන්නවා. පස්සේ වෙන දේවල් ඔයාලම අරගෙන බලන්න.

මේ දිලා තියෙන්නේ ස්ක්‍රිනර් වර්ඟයේ පිටපතක් එහි රුපරාමු 123 මෙතැනින් පරික්ෂා කරලා බලන්න. හොද පිටපතක් ආවාම උපසිරැසි නැවත යාවත්කාලින කරන බවට පොරොන්දුවෙමින් සමුගන්නවා එහෙනම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Air (2015) සිංහල උපසිරසි සමගින්

$
0
0


කොහොමද හැමෝටම ඇඩ්මින් නම් මේක මට දිලා දවස් 6ක් විතර වෙනවා. හැබැයි වැඩ නිසා කරගන්න බැරි උනා. එත් කොහොම හරි ඔයාලා වෙනුවෙන් සබ් දාලා මේක අරගෙන ආවා. ඔයාලා walking dead කතාමාලාවේ රසිකයෙක්ද? මේ ඒ කතාමාලාව හදපු අයම නිර්මාණය කරපු චිත්‍ර‍පටියක්. Norman Reedus හා Djimon Hounsou මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරනවා. කතාව ගැන කෙලින්ම කියන්නම් කෝ. ලෝකය විනාස වෙලා. මිනිස්සුන්ට ජිවත් වෙන්න තරම් ලෝකය අනාරක්ෂිත වෙලා. වාතය විසවෙලා නිසා සියළුම ජිවින් නැති වෙලා. පොලව පහල තියන බංකරයක තමයි බවර් හා කර්ට්රයිට් ඉන්නේ. ඔවුන්ට රාජකාරියක් පැවරිලා තියනවා. ඒ තමයි ලෝකය විනාස වෙන්න කලින් ලෝකයට වැදගත් කියලා හිතෙන අය කිපදෙනෙක්ම ගැබුරු නිද්‍රාවකට පත්කරනවා. කවදා හරි ලෝකයේ වාතය විසවෙලා තියන එක නැති උනාම මේ අයව මේ නිද්‍රාවෙන් මුදවා ගන්නවා. එතකම් ඒ අයව බලාගන්න බාර වෙන්නේ බවර්ට හා කට්රයිට්ට තමයි. මේ අය මාස හයක් යනකම් යන්ත්‍ර‍යක් ඇතුලේ නිදා ගන්නවා මාස 6කට පාරක් පැය දෙකකට මේ දෙන්නාට ඇහැරෙනවා. පස්සේ ඔවුන් කරන්නේ අර නිද්‍රාවට පත්වෙලා ඉන්න අයගේ යන්ත්‍ර‍ හරියට වැඩ කරනවාද වගේ දේවල් හොයලා බලන එක. පැය දෙක ගෙවෙන්න කලින් ඔවුන් නැවතත් අර යන්ත්‍ර‍යට යන්න ඕනි. නැත්නම් වාතය නැති වෙලා ජිවිතය නැති වෙන්න පුලුවන්. එත් පොඩි සිදුවිමක් නිසා මේ දෙන්නාට පැය දෙක ඇතුලත වැඩ ටික නිමා කරලා අර යන්ත්‍ර‍ය ඇතුලට යන්න බැරි වෙනවා...මෙතැනින් එහාට කතාව ඔයාලාම බලන්න...ඒ වගේම මේ තරම් වාතය විශවෙන්න ලෝකයට මොනාද උනේ කියලාත් චිත්‍ර‍පටිය බලලාම දැනගන්නකෝ.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Phone Booth (2002) සිංහල උපසිරැසි සමග

$
0
0


ටිවි සිරිස් එක කරන අතර වාරයේ ඔන්න ෆිල්ම් එකක් දාන්න ඕනි කියලා හිතුනා. මේක කිප දෙනෙක්ම උපසිරැසි ඉල්ලලා තිබ්බ චිත්‍ර‍පටියක් කියලා තමයි දැනගන්න ලැබුනේ. මේ චිත්‍ර‍පටිය කොච්චර ජනප්‍රිය උනාද කියන්නේ මේ විදියටම හින්දි චිත්‍ර‍පටියකුත් නිර්මාණය උනා Knock Outකියලා. මමත් මුලින්ම මෙහි හින්දි චිත්‍ර‍පටිය තමයි නැරබුවේ. හැබැයි මුලික නිර්මාණය ලෙස මේ ඉංග්‍රිසි චිත්‍ර‍පටිය හොද මට්ටමක තියනවා.

මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. මේ කාලේවෙද්දි තමයි ජංගම දුරකථන ලොව පුරා වැඩිම වශයෙන් ව්‍යාප්ත වෙන්න ගන්නේ. ඉතින් අර පාරේ හයිකරලා තිබ්බ ටෙලිෆොන් බූත් ගනන ඝීග්‍රයෙන් අඩුවෙන්න පටන්ගන්නවා ඒ කට්ටියටම සෙල්ෆොන් තියන නිසා ඉතින් එවාගේ ලොකු අවශ්‍යතාවයක් නොමැති නිසා. නිව්යොර්ක් නගරයේ මධ්‍යයේ මේ වගේ දුරකථන කුටියක් තියනවා. මේක ගලවා ඉවත් කරන්න තමයි සුදානම් කරලා තියෙන්නේ. ඊට පෙර දිනයේ තමයි මේ චිත්‍ර‍පටියට පාධක වන කතාව සිද්දවෙන්නේ. මේ කතාවේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Total Recall හා True Detective හි ප්‍ර‍ධාන චරිත කරන Colin Farrell විසින්. එතකොට මේ කතාවේ රහස් චරිතයක් තියනවා. එයා අපි කවුරුත් දන්න කෙනෙක්. ඒ කවුද කියලා බලන්න කටහඩින් හදුනගන්න පුලුවන් වේවිද කියලා.මීට අමතරව Radha Mitchell හා Katie Holmes ප්‍ර‍ධාන නිලියන්ගේ චරිතවලට පන පොවනවා. එතකොට ගොඩක් චිත්‍ර‍පටිවල දක්ෂ පොලිස් පරික්ෂක චරිතයටම පන පොවන Forest Whitaker විසින් මේ චිත්‍ර‍පටියේද එවැනිම චරිතයකට දායක වනවා.

කතාව ගැන කියනවා නම් ස්ටූ ෂෙපර්ඩ් කියන්නේ අංක එකේ කපටියෙක්. මිනිස්සුන්ව රවට්ටන්න ඔහු තරම් දක්ෂ කෙනෙක් නැ. ස්ටු විවාහ වෙලා ඉන්නේ කෙලී එක්ක. නමුත් ස්ටූ ඇයට හොර රහසේ තවත් ගැණු ළමයෙක් එක්ක කතා කරනවා. ඇය නමින් පැම්ලා. ඇය දන්නේ නෑ ස්ටූ කසාද බැදලා කියලාවත්. ස්ටූ කෙලිට හොරෙන් තමයි පැම්ලාට කතා කරන්නේ. කෙලිට අහුවෙන්නේ නැති වෙන්න ඔහු පාරේ තියන දුරකථන කුටියකින් තමයි පැම්ලාට කතා කරන්නේ. දවසක් ස්ටූ මේ විදියට කොල් එකක් ගන්න දුරකථන කුටියකට යනවා. ඔහු පැම්ලාට කතා කරලා ඇයව හොටෙල් එකකදි හම්බවෙන්න පොරොන්දු කරගෙන දුරකථනය තියනවා. මේ මොහෝතේම මේ දුරකථන කුටියේ දුරකථනය නාද වෙනවා. ස්ටූ ෆොන් එක ගන්නවා...නමුත් ඔහු මේ ගත්ත කොල් එක තමන්ගේ ජිවිතේ කරපු ලොකුම වරද බව තේරුම් යද්දි පරක්කු වැඩියි.....කතාව අරගෙනම බලන්නකෝ...

''ඔයාට ඇහෙනවා ෆොන් එක වදිනවා ඒ කවුරුම හරි වෙන්න පුලුවන්..එත් ෆොන් එක නාද වෙනවා නම් ඒ කොල් එක ගන්නම වෙනවා නේද?
එහෙමනේ?''


අලුත් චිත්‍ර‍පටියකින් ඉක්මනින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

All Creatures Big and Small (2015) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


එහෙනම් හෝම් මූවි එක දැම්මට පස්සේ දෙන පලවෙනි ඇනිමේෂම තමයි මේ දෙන්න යන්නේ. මම මේ කතාවේ ස්ටෝරි ලයින් එකට ගොඩක් කැමතියි. ඒ වගේම මම සිංහල උපසිරැසි දීපු නෝවා චිත්‍රපටයේ බොහො තැන් මේකටත් පාදක කරගෙන තියෙනවා. මේ කතාවේ අහිංසක සත්තු දෙන්නෙක් එනවා එයාලාගේ දේශගුණය හරි නැති නිසා කැලයකට ඉතින් එයාලටත් තේරෙනවා කොතනට ගියත් මේ දේශගුණයෙන් හොඳක් නම් වෙන්නෙ නැහැ කියලා. ඉතින් මේ තාත්තයි පුතයි වෙනස් කැලේකට යනකොට ඒ කැලේ රජා සිංහයා හැමෝම කැඳවලා සාකච්ඡාවක් පවත්වනවා. මෙයාලත් ඉතින් ඒක අහගෙන ඉන්නවා. ඉතින් ඒ සිංහයා කියන විදිහට මේ එන්නේ මහා ගංවතුරක්. ඒකෙන් මුලු ප්‍රදේශයම ජලයෙන් වට වෙනවා. ඒක නිසා කැලයේ ඉන්න සත්තුන්ට නෝවා විසින් නැවක් නිර්මාණය කරනවා. ඉතින් මේ නැවට හැමෝම ගන්නේ පොඩි ටෙස්ට් එකක් තියලා. මේ ටෙස්ට් එකෙන් පාස් වෙන්න තමයි හැමෝම දඟලන්නේ. ඉතින් මොන දෙගිඩියාවෙන් හිටියත් අර තාත්තයි පුතයි දෙන්නා එම ටෙස්ට් එකට මුහුන දෙනවා. ඔයාලා හිතන්නේ මේ අය නැවට ගනීවි කියලද? අපි එතනින් පස්සේ මුලු කතාවම බාගෙන බලමු. මොකද කිව්වට වඩා රසයි කතාව නරඹලා තේරුම් ගන්න එක.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Viewing all 660 articles
Browse latest View live