Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all 660 articles
Browse latest View live

Arbitrage [2012] Sinhala Subtitles

$
0
0



විශිෂ්ඨ චිත්‍රපටි නිරන්තුරුව ඔබ වෙතට රැගෙන එන සුම් අප විසින් තවත් එවැනිම නිර්මාණයක් ඔබට දෙන්න හදන්නේ.මේකෙත් ලයින් ගොඩාක් තිබ්බ නිසා මම අපේ තාරකව මේකට හවුල්කරගත්තා.අපි දෙන්නම එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය උපසිරැසි එක්ක ඔබට ගෙන එන්න හිතුවේ..

මේ ලෝකෙ මිනිස්සුන්ට බලපාන ලොකුම කාරණාවක්නෙ මුදල් කියන්නෙ.සල්ලි නිසා කොච්චර හොඳ දේවල් වගේම කොච්චර නරක දේවල් පවා ලෝකෙ සිද්ධ වෙනවද.කතාවක් තියෙනවනෙ සල්ලි අඩු තැන ආදරේ තියෙනව සැනසීම තියෙනව කියල.මම හිතන්නෙ ඒ කතාව ඇත්ත. මිනිස්සුන්ට සල්ලි ගොඩක් ලැබුනම ගොඩක් වැරදි දේවල් වලට එයාල යොමුවෙනවා. නමුත් සල්ලි තියෙන තාක් කල් හැමදේම විසඳන්න පුළුවන් බලයකුත් මේ ලෝකෙ තියෙනවා.මේ කතාවත් වැඩිපුරම සල්ලි හා සම්බන්ධයි. මේකෙ කතා නායකයා රොබට් මිලර්(සුප්‍රසිද්ධ නළු රිචඩ් ගේරි) කියන්නෙ මහන්සිවෙලා ලබපු දියුණුව නිසා කෙටි කාලෙකින් ලොකු ධනපතියෙක් වුනු කෙනෙක්.මෙයාට සමාගම් කීපයකම අයිතිය පැවරී තියෙනවා.නමුත්,කාටත ් වගේ සල්ලි ලැබෙන්න ලැබෙන්න මේ කෙනාත් ගොඩක් ආස වෙනවා. ඒ නිසාමයි ඔහු තවත් වැඩකට අතගහන්නෙ.නමුත් ඒ පටන් ගන්න දෙයින් මිලර්ට සිද්ධ වෙන්නෙ තමන් කවදාවත් හිතපු නැති විදියෙ තත්වයක්.මිලර්ගෙ අතින් කිසිදාක හදන්න බැරි වරදක් සිද්ධ වෙනවා, නමුත් ඒ වරදට මිලර් වැරදිකාරයා වෙනවද? නැත්නම් කවුද ඒවාට වන්දි ගෙවන්නෙ?
සල්ලිවලට හැමදේම කරන්න පුළුවන් වුනාට, සල්ලිකාරයෙක් වුනත් අසරණ වුනාම මනුස්සකම දන්න මිනිස්සුන්ගෙ උදව් ඕන වෙනවා.මිලර්ට උදව් වෙන්න කෙනෙක් ඉදිරිපත් වෙයිද? ලෝක ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහුට කුමක් සිදුවෙයිද? මේ හැමදේම මට දැන් කියන්න බෑ. කතාව අරගෙනම බලන්න.

මේ කතාව මං බලපු වෙනස්ම විදියෙ එකක් වගේම,මේකෙ ඇතුලත් සමහර සිදුවීම් මං දන්න කියන මිනිස්සුන්ට පවා වෙලා තියෙන දේවල්.හිතට දෙයක් ගන්න පුලුවන් හොඳ නිර්මාණයක් හැටියටයි මං මේක දකින්නෙ.ඒකයි මිනිස්සු මේකට මේ තරම් හොඳ ප්‍රතිචාර දීලා තියෙන්නෙ.6.8ක්ම අන්තිමේ එක දෙයක් කියන්න කැමතියි. කොච්චර සල්ලි ලැබුනත් ආදරේ නැත්නම් මිනිස්සුන්ට පැවැත්මක් නෑ.
ඒ නිසා තමන්ට තියෙන තරමින් සතුටු වෙලා ජීවත්වෙමු.තවත් උපසිරැසි නිර්මාණයක් සමඟින් ලඟදීම හමුවෙමු..


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක)සමඟ මහේෂි කපුගමගේවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Stranger (2014) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ටික දවසකට පස්සේ ආපහු සබ් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ එක නම් නිකුත් උනේ අගහරුවාදා වගේ. නමුත් අද තමයි කරගන්න පුලුවන් උනේ. චිත්‍ර‍පටිය ගැනම කෙලින්ම කියන්නම් කෝ. අපි හැමෝම වැම්පයර්ස්ලා ගැන දන්නවානේ. මේ චිත්‍ර‍පටිය වැම්පයර්ස්ලා සම්බන්ධ එකක්. නමුත් ගොඩක් වෙනස් චිත්‍ර‍පටියක්. නන්නාදුනන පුද්ගලයෙක් එක්තරා ගමකට එනවා ගැණූ කෙනෙක් හොයාගෙන. ඔහු හැසිරෙන්නේ ජිවිතේම එපා වෙලා වගේ. ඔහු පාරට වෙලා බලාපොරොත්තු කඩවුන ලෙස වාඩි වෙලා ඉන්නවා.මෙහෙම ඉද්දි පාරේ බිලා යන කොල්ලෝ ටිකක් දකිනවා මේ මනුස්සයා දිහා. ඒ අය කරන්නේ මේ මනුස්සයාට පහර පිට පහර දෙන එක. මෙහෙම මැරෙන තරමටම ගහනවා. මේක පීටර් කියලා පිරිමි ලමයෙක් දකිනවා. ඔහු ඇවිල්ලා මේ පහර දුන්න මනුස්සයාව බේරගන්නවා. එතැනින් පස්සේ තමයි කතාව උඩු යටිකුරු වෙන්නේ. අරගෙනම බලන්නකෝ. තව ෆිල්ම් එකකට සබ් කරන ගමන් ඒකත් ඉක්මනින්ම දෙන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Mr. and Mrs.Ramachari (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


සූමි එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුමදෙනාට සුභම සූභ දවසක් වෙිවා..!!.මෙි මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම ඒක හින්දා අඩුපාඩු නමි ගෝඩාක් ඇති එවාට සමාව ඉල්ලන ගමන් පටන් ගමු නේද ඉතින් මෙිචිචර කල් ඒ කිවිවෙි අවුරුදු 3 ක් විතර ඉදලා සයිටි එකේ වෙන කවුරු හරිදාන සබි එකක් අරගෙන බැලුවා මිසක් මම මෙි විදියට සබි කරලාම නෑ සබි එකක් කරන්න මුලදී ඉදන් ලෝකු ආසාවකුත් තිබුනා නැතුවම නෙවෙයි ඒත් මම කරන රැකියාවෙි හැටියට සමහර වෙලාවට ඒක ගැන හිතන්නවත් බෑ. ඒත් මම අද කොහෝම හරි ඒ වැඩෙිත් කරලා දැමිමානේ කියලා ගොඩාක් සතුටුයි...!! එක විදියකින් මම මගේ ජිවතේ තිබුන එක හීනයක් සැබැකරගත්තා වගේ දැනෙනවා. තව දෙයක් මෙි දවස්වල විවෙිකෙන් වගේ හිටියාට මගේ ජිවිතේ මගේ අනාගතේ සමිබන්ධව පැන නැගිලා තියෙන ලොකුම ගැටලුවත් එක්ක බලපුවාම මට නමි හිතා ගන්න බෑ මම මෙි වැඩෙි ඉවර කරාද කියලාත්.නමුත් මම මෙි වෙලාවෙි එක දෙයක් ඔයාලාට කියන්න ඔින සබි එක දුන්නාට මට විතරක් නෙවෙයි මගේ බාල සහොදරිය වෙන “නිලූෂා“ නංගි (අපේ චූටි දූ ) එයාටත් ඔයාලා ස්තුති කරලා කොමන්ටි කරන්න ඔිනි ඒ ඇයි දන්නවාද..? මම නිකමට වගේ මෙිකේ ලයින් 150 ක් විතර කරලා එයාට කිවිවා මම මෙහෙම වැඩක් කරනවා මට ඒක කරන්න පුලුවන් යෙයිද දන්නේ නෑ කියලා. එයාට සබි කරන එක ගැන 100% ක් අවබෝධයක් නැති උනාට එයාට තේරුණා මෙික ටිකක් අමාරු වැඩක් කියලා එයා කිවිවා ඔයාට වැඩෙි සාර්ථකව කරන්න පුලුවන් අයියේ කියාලා එකපාරක් නෙවෙයි දෙතුන් පාරක් ම කිවිවා මට ඉතින් එකත් ලොකු ධෛර්යයක් උනා.ඒ වාගේම මතක් කරන්න ඔනි මගේ හොදම යාලුවෙක් වෙන චාමර මල්ලිව සූමි එකේ ඇඩිමින් තුමාව මොකද එයාත් මාව දිරිමත් කරා මෙි වැඩෙිට මෙික ගැන කියලා මෙිල් කරාම මම හිතුවාටත් වඩා ඉක්මනට මට පිළිතුරු දීලා. හරි හරි ඒ ඔක්කොටම ස්තුති වෙන ගමන් අපි කථාව පැත්තට පොඩිඩක් හැරෙමු...!!!!

2014 දෙසැමිබර් මාසේ 25 වෙනිදා තිරගත උන මෙි චිත්‍රපටිය දකුණු ඉන්දියාවෙි කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩා කියන භාෂාවෙන් සැකසුනු Action,Romance,Drama ඝණයට අයිති එකක් විකිපීඩියාවලට අනුව ඉන්දියන් රුපියල් කෝටි 50 ක බරපැනක් දරලා නිර්මානය උන සලරුවක් කිවිවොත් නිවැරදියි..මෙිකේ කථාව දිහා බැලුවොත් කුඩා කාලේ ඉදන් හරියට ඉගෙන ගන්න බැරි ළමයෙක් ඉන්නවා එයාගේ නම රාමචාරි එයා ඉස්කෝලේ ගිහියාම ගුරුවරුන්ගෙන් ගුටිත් කනවා වෙලාවකට එකට එක කියලා එයාට අවවාද කරන්න ගියාම. ඒ තමයි අපේ රාමචාරි ඒ කිවිවෙි චිත්‍රපටයේ වීරයා.. පස්සේ එයා කොලේජ් එකටත් යනවා ලොකු උනාම ඉතින් කොලේජ් ගියාම කොහොමද කියන්න ඔන නෑනේ ඉස්කෝලේ අරම හිටියනමි එහේ කොහොමද කියාල හිතා ගන්න පුලුවන් නේ..කොලේජ් එන්නේ මාසේට එක දවසයි ඒ ආපු එකම එක දවසේ මෙයාට හමිබෙනවා ලස්සන ගෑනු ළමයෙක් එදා ඉදලා අපේ රාමචාරිට පුදුම විදියේ දේවල් සිද්ධවෙනවා ඒවා මොනවාද කියලා දැන ගන්න ඔනි නමි චිත්‍රපටිය බලන්නම වෙනවා.චිත්‍රපටිය නරඹලාම ඉන්න කියලා ඉල්ලන ගමන් මම අදට නතර වෙනවා නැව වතාවක් කියන්නේ පළවෙනි සමි එක හින්දා අඩුපාඩු ඇති අනිවරෙන්ම කමන්ට කරන්න මටට ඒක ලොකු ධෛර්යයක් ආපහු මෙි වගේ වැඩක් කරන්න.නැවතවතාවක් සූමි එකේ ඇඩිමින් තුමාට හෘදයාංගමව ස්තුතිය පුදකරනවා මෙිි අවස්ථාව මට ලබා දුන්නාට.ඔබ සැමට ජයෙන් ජය..!!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.T.R තරිදු රුක්ෂාන් පෙරේරා (R.S.P) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Apartment (2010) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඉංග්‍රිසි ෆිල්ම් එකක් දෙකක් දුන්න නිසා කට්ටිය ඇහුවා හින්දි නැත්දෝ කියලා. ඒක නිසාම කට්ටිය තාම බලලා නෑ කියලා හිතන තාම දන්න විදියට නම් රුපවාහිනි නාලිකාවක විකාශනය වෙලා නැති චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මම මුලින් හිතුවේ මේක ඉංග්‍රිසි චිත්‍ර‍පටියක නැවත නිර්මාණයක් කියලා. මොකද මේ කතාව තනිකරම The Roommateඉංග්‍රිසි චිත්‍ර‍පටිය හා ගැලපෙනවා. හැබැයි හොයලා බලද්දි දැනගත්තේ හින්දි චිත්‍ර‍පටිය තමයි මුලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඉංග්‍රිසි චිත්‍ර‍පටිය තමයි මේ අද දෙන හින්දි චිත්‍ර‍පටිය කොපි කරලා තියෙන්නේ.

මේ චිත්‍ර‍පටියේ චරිත ගැන කිව්වොත් ප්‍ර‍ධාන චරිත ලෙස Rohit Roy,Tanushree Dutta,Neetu Chandra,Anupam Kher රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Jag Mundhra විසිනි.Tales of The Kama Sutra චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කලේද ඔහු විසිනි.

කතාව ගැන කියනවා නම් කරන් හා ප්‍රිති කියන්නේ පෙම්වතුන් දෙන්නෙක්. දෙන්න මුම්බායි වල ෆැලැට් එකක එකට තමයි ජිවත් වෙන්නේ. නමුත් ප්‍රිතිගේ හිතේ පොඩි සැකයක් එනවා කරන් තමන්ට වංචා කරනවාද කියාල. දිනක් ප්‍රීති ගෙදර එද්දි කරන් ගැණු ළමයෙක් එක්ක ඉදලා අහුවෙනවා. ඇත්තටම ඒකට කරන්ගේ වරදක් නැහැ. එත් ප්‍රීති සැකකරන්නේ කරන්ව. එහෙම වෙලා කරන් එක්ක තියන සම්බන්ධය නවත්වනවා. කරන් මේ නිසාම ෆැලැට් එකෙන් යන්න යනවා. ප්‍රිති ටික කාලයක් තනියම ඉන්නවා ඇයට මේ ගෙදර තනියම ඉන්න පාළු හිතෙනවා. මේ නිසා ඇය තිරණය කරනවා හිස්වෙලා තියන කාමරයක කෙනෙක් නවත්තගන්න. එහෙම නවතින්න එන ගැණු ළමයා තමයි නේහා. ඇය මුල කාලේ හොදින් ප්‍රීති එක්ක ඉන්නවා. නමුත් ඇය ආවට පස්සේ මහා අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ධවෙනවා. ෆ්ලැට් එකේ සත්තු මැරෙනවා... එක එක කෙනාට කරදර වෙනවා. ඇත්තටම මේ නේහා කියන්නේ කවුද? ඇයව ගෙදරට ගෙන්න ගත්ත ප්‍රීතිට මොකද වෙන්නේ. මේවා ගැන කියනවාට වඩා හොදයි චිත්‍ර‍පටිය අරගෙනම බලන එක. සීඩ් මදි වගේ පෙනුනාත් ෆිල්ම් එක ඩවුන්ලොඩ් වේවි. එහෙම නැති උනොත් ඩිරෙක්ට් ලින්ක් එක භාවිතා කරන්න. එහෙනම් තව චිත්‍ර‍පටියකින්ම හමුවෙමු කෝ
.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Savaale Samaali (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


අලුත්ම අලුත් දමිළ චිත්‍ර‍පටියක් අරගෙනයි ඔන්න අද ආවේ. මම උපසිරැසි ගන්වලා තියන වැඩිම ලයින් ගාන තිබ්බෙත් මේ චිත්‍ර‍පටියේම තමයි. ඒ ලයින් 3100ක්. මේක ඉතින් කරමු කියලා මුලින්ම මගේ ඔළුවට දැම්මේ සුපුනා. කරන්න ගත්තාම තමයි වැඩේ එපා වෙන්නම වගේ ආවේ.මොකද ඔයාලාට කියවන්න පහසු වෙන්නත් උපසිරැසි දාන්න එපැයිනේ. ඒ නිසා ලයින් ගොඩක් එකතු කරලා තනි ලයින් එකකට එන්නත් හැදුවා..රෑ නිදිමරාගෙන දැම්ම නිසා අකුරක් දෙක්ක වැරැදි ඇති. එවා ගැන වැඩිය හිතන්න එපා. කොහොම හරි ෆිල්ම් එක නම් ගොඩක්ම විනෝදෙන් බලන්න පුලුවන් කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන. මුල ඉදන් අන්තිම වෙනකම්ම හිනාවේවි බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්. මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Ashok Selvan විසින්. Thegidiචිත්‍ර‍පටිය බැලුවා නම් ඔහුව අමතක වෙන්න විදියක් නැහැ. ප්‍ර‍ධාන නිලියගේ චරිතය කරන්නේ Bindu Madhavi විසින්. ඇයවත් දමිළ චිත්‍ර‍පටි බලන ඔයාලාට නම් අලුත් කෙනෙක් නෙමෙයි.මිට අමතරව දමිළ සිනමා වේ ජනප්‍රිය චරිත කිහිපයක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මම මුලින් කිව්වා වගේම කොමඩි පැත්තට සැහෙන්න බර චිත්‍ර‍පටියක්. කාර්තික් කියන්නේ මිඩියා වල රැකියාවක් කරන්න ආස කෙනෙක්. ඔහු කොහොම හරි ටොප් ටීවි කියලා රුපවාහිනි ආයතනයක රැකියාවක් හොයාගන්නවා. මේ ටොප් ටීවි නාලිකාවත් පාඩු ලබමින් යන කවුරුත් වැඩිය බලන්නේ නැති නාලිකාවක්. කාර්තික්ට ඉන්නවා කොලෙජ් යන නංගි කෙනෙක්. නංගිව මුණ ගැහෙන්න නිතරම ඇයගේ යාළුවෝ ගෙදරට එනවා. ඉතින් කාර්තික් කරන වැඩේ තමයි නංගිගේ ලස්සන යාළුවෙක් ආවොත් ඇයට ආදරය ගැන ලියලා ලියුම් දෙන එක. මේක නිසා කාර්තික්ගේ නංගිත් එක්ක වැඩිය යාළුවෝ ඉන්නෙත් නැහැ. කොහොම හරි නංගිගේ අලුත් යාළුවෙක් දවසක් ගෙදරට එනවා ඇයගේ නම දිව්‍යා (Bindu Madhavi) කාර්තික්ට ඇයව දැක්ක ගමන් හිත යනවා. කීප සැරයක්ම නංගිගේ මේ යාළුවාට ලයින් දාන්න උත්සහා කලත් නංගි ඒ හැම පැලැන් එකක්ම අසාර්ථක කරලා දානවා. කාර්තික් ගේ යාළුවා තමයි බිල්ලා කියන්නේ. ඔහු එක්කත් පැලැන් කිහිපයක්ම ගහනවා එත් මේ හැමදේම අප්සට් යනවා. ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. තව අර මම කිව්වානේ කාර්තික් රස්සාව කරන්න රුපවාහිනි නාලිකාවකට යනවා කියලා. කාර්තික් හා බිල්ලා එකතු වෙලා පටන් ගන්න වැඩසටහනක් නිසා කොහොම හරි අන්තිමට මුළු කතාවම අනික් පැත්ත ගහනවා. චිත්‍ර‍පටිය එහෙනම් අරගෙන බලන්නකෝ. තව චිත්‍ර‍පටියකින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demolition Man (1993) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න ඉතින් මම ආයෙත් නියම ෆිල්ම් එකක් ගෙනාවා.මේක මට කලින් දෙන්න උනේ නැත්තෙ මගේ project එකේ වැඩ වගේකට හිර උන නිසා.ඉතින් ඒ ඔක්කොම බාධා මැද්දෙ මේක ඉවරයක් කරා.මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය අහල ඇති.මොකද මේකෙ ඉන්නෙ මරු වැඩ්ඩො දෙන්නෙක් නිසා.එක්කෙනෙක් Sylvester Stallone, අනික් කෙනා Wesley Snipes.කියන්න දෙයක් නැනෙ දෙන්න ගැන.මේක 1993 තිරගත් උන සුපිරි ෆිල්ම් එකක්.IMDb අගය 6.6 ක ප්‍රමාණයක් අරගෙන තියනවා.ඒ වගේම Sandra Bullock ප්‍රධාන නිළිය වශයෙන් රඟපානවා.මම මේක වෙන දේ ටිකක් කියන්නන්.මේකෙ දුෂ්ටයට ඉන්නෙ සයිමන් ෆීනික්ස්(Wesley Snipes).ජෝන්(Sylvester Stallone) කියන්නෙ පොලිස් නිලධාරියෙක්. සයිමන් කල වැරැද්දකට ඔහු සහ ජෝන් යන දෙන්නම හිර කරනවා හිරගෙදරක. මේක හිමායනය කරන හිරගෙයක්. මොවුන් අවදි වෙන්නෙ අවුරුදු 36 කට පසුවයි.ඉතින් ඊට පස්සෙ අනාගත්යෙදි මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.මේක නියම action ගණයිට අයත් වෙන ෆිල්ම් එකක්.ඉතින් තවත් හොඳ ෆිල්ම් එකකින් හමුවෙමු.ඔයාලට සුභ දවසක්!!!!!!!!!!!!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Into the Grizzly Maze (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


මේ චිත්‍රපටිය නිකුත් වුනේ පසුගිය අගොස්තු මාසෙ. ඒවගේම චිත්‍රපටියේ විශේෂ පිටපතක් කලින් නිකුත් වෙලත් තිබුනා අන්තර්ජාලයෙන් මුදල් ගෙවා නරඹන්න. The Best of Me, X-Men: Days of Future Past, Superman Returns, The Notebookඇතුලු ජනප්‍රියම චිත්‍රපටි රැසක ඔයාලා දැකගත්ත James Marsden මෙහි ප්‍රධාන චරිතයක් රඟදැක්වීමත් විශේෂත්වයක් වෙනවා.

ක්‍රියාදාම, සත්තු ඉන්න චිත්‍රපටි බලන්න කැමති අයට සුපිරිම චිත්‍රපටියක් ගෙනාවා මම ඕන්න. මිනීමරු වලස්සු ඉන්න කැලේකට මිනිස්සු කට්ටියක් ගියොත් කොහොමට තියේවිද කියලා හිතිලා තියෙනවද? අන්න ඒ අත්දැකීම බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්. සහෝදරයන් දෙදෙනෙක් කැලේට යනවා අවුරුදු ගානකට පස්සෙ. මල්ලි, කෙනෙක්ව මරලා අවුරුදු 7ක් හිරේ ඉඳලා එලියට ආවෙ. අයියා පොලිසි නිළධාරියෙක්. අයියාගෙ බිරිඳ කැලේට ආදරේ කෙනෙක්. සත්තුන්ට එහෙම ගොඩක් ආදරෙයි. නමුත් ඇය කැලේට යන අතරේ තමයි ගස් කපමින් ඉන්න මිනිස්සු පිරිසකට වලහෙක් පහර දෙන්නෙ. දෙදෙනෙක් මරලා දානවා. ඒ අතරේ හොරාට පිරිසක් වලස්සු මරනවා කැලේදි. කැලේ වලස්සුන්ට කන්න කෑමත් නැතිවෙනවා. ඒවා නිසාම වලස්සුන් ගොඩක් දරුණු වෙලා ඉන්නෙ. උන් අන්තිමේදි මිනිස්සුන්ව මරන්න පටන් ගන්නවා.ඉතින් අයියගෙ බිරිඳව හොයාගන්න වෙනවා ඉක්මනට. ඔවුන් කීපදෙනෙක් කැලේට යනවා. ඒවගේම වලස්සු දඩයම් කරන කෙනෙකුත් ඔවුන්ට එකතු වෙනවා. නමුත් කැලේදි සිද්දවෙන්නෙ ඔවුන් කවදාවත් නොහිතපු දේවල්. සමහර තැන් නම් ඇත්තටම බය හිතෙනවා බලද්දි. අනිවාර්යෙන්ම ඔයාලත් ආසා හිතේවි චිත්‍රපටියට. එහෙනම් අනිවාර්යෙන්ම බලන්න මේකත්. තවත් චිත්‍රපටියකින් ආයෙ හමුවෙනකල් ඔයාලට ජය!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Project Almanac (2014) සිංහල උපසිරැසි සමඟ

$
0
0


තවත් චිත්‍ර‍පටියක් අරගෙන ආවා. ඉඩ ලැබෙන විදියට තමයි මේ විදියට සබ් එකක් දාලා අරගෙන එන්නේ. හිමින් හිමින් තව උපසිරැසි කිහිපයක් දෙන්නම්කෝ.... 2015 ජනවාරි 30 ලොව පුරා ප්‍ර‍දර්ශනය කරපු චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ. විද්‍යාප්‍ර‍බන්ද වගේ චිත්‍ර‍පටිවලට ආස අයට මේ චිත්‍ර‍පටිය හොදින් ගැලපේවි. අපි කවුරුත් දන්න ටින් වුල්ෆ් නිර්මාණය කරන MTV ආයතනයෙන් තමයි මේ චිත්‍ර‍පටියත් නිශ්පාදනය කරලා තියෙන්නේ. කතාව ගැන කියනවා නම් ඩේවිඩ් කියන්නේ දක්ෂ සිසුවෙක්. ඔහුට උවමනා වෙනවා වැඩිිදුර අධ්‍යාපනය සදහා උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලු වෙන්න. ඔහු ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඉල්ලුම් කලත් එය සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා ඔහුගේ බලාපොරොත්තු බිංදුවටම ඇදවැටෙනවා. ඩේව්ඩ් ට උවමනා වෙනවා කොහොම හරි විශ්ව විද්‍යාලයට යන්න. නමුත් ඩේව්ඩ්ට ඉන්නේ අම්මායි නංගියි විතරයි. තාත්තා නැති වුනේ ඔහුට අවුරුදු 7ක් වෙද්දි. මේ නිසා මුදල් අතින් ඔවුන් පොහොසත් නෑ. ඩේව්ඩ් ගේ තාත්තා විදයාඥයෙක්. ඩේව්ඩ් දිනක් තාත්තා ගේ පරණ දේවල් ඇද ඇද ඉද්දි ඔහුට යමක් හම්බවෙනවා. මේක කාලය හරහා යා හැකි මැෂිමක. ඔහු මේක හදන්න හිතාගන්නවා තමන්ගේ යාළුවෝ එක්ක.මේක හැදුවාට පස්සේ මේ අය කාලය හරහා යන්න හදනවා. නමුත් එක්කෙනෙක් කරන සිදුවිමක් නිසා මුළු කතාවම කනපිට හැරෙනවා. එහෙනම් අරගෙන බලන්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Knock Knock (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


හදිසියේ තමයි මේ චිත්‍ර‍පටියේ සබ් එක කරන්න ලැබුනේ. ඉමාෂා තමයි බාරගෙන හිටියේ කවදාවත් ෆිල්ම් එකක් දුන්නාම මේක කරන්න බැහැ කියලා නොකිව්වාට මේ චිත්‍ර‍පටිය නම් කරන්න බැහැ කියලා කියලා එව්වා. ෆිල්ම් එක අරන් බැලුවාම තමයි මටත් වැඩේ තේරුනේ. කොහොම හරි ලයින් 250ක් විතර කරලා එවපු නිසා මට ලයින් 1000ක් වගේ තමයි කරන්න තිබ්බේ. මේ චිත්‍ර‍පටිය නිර්මාණය කරන්නේ Eli Roth විසින්. ඔහු තමයි Hostelචිත්‍ර‍පටිමාලාවේ අධ්‍යක්ෂක. ඒ වගේම අපි ලගදි දුන්න The Strangerචිත්‍ර‍පටියත් ඔහුගේම තමයි. නමුත් මේ චිත්‍ර‍පටියේ නම් ඔහු වැඩේ වරද්දගෙන කියලා කටපුරාම කියන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ 1977 තිරගත වු Death Game චිත්‍ර‍පටියේම නැවත නිර්මායක් ලෙසයි.

මුලිකම මේ චිත්‍ර‍පටිය දොෂදර්ශනය වන්නට හේතුව වෙන්නේ කවුරුත් ආදරය කරපු Keanu Reeves මෙවැනි කතාවක රංඟනයෙන් දායක විමයි. ගොඩක් අය මොහු නිසාම චිත්‍ර‍පටිය බලන්නත් පෙළබිලා තියනවා. නමුත් බලාපොරොත්තු කඩවිමක් තමයි වෙලා තියෙන්නේ. ඒ ඔහුගේ රංඟනයේ අඩුපාඩුවක් නෙමෙයි කතාවේ ඇති යම් යම් දෝෂ නිසායි. මේ කතාව ඇත්තටම අන්තිමට මට බැලුවාම හිතුවේ ඒ කතාව හදන්න උවමනා විදියට නෙමෙයි හදලා තියෙන්නේ කියලා. මෙතැන Keanu Reeves රඟපාපු චරිතය ඇත්තටම සල්ලාල ජිවිතයක් උනා නම් මේ කතාව මනාවට ගැලපෙන්නට තිබ්බා.

කතාව ගැන කියන්නම් කෝ. එවන් කියන්නේ ආදරණිය සැමියෙක් වගේම දරුවන් දෙන්නෙක් ඉන්න පියෙක්.ඔහුගේ බිරිද හා දරුවන් දෙදෙනා සතිඅන්තියට නගරයෙන් පිටට යනවා. එවන් සති අන්තයේ ගෙදර තනිවෙනවා. රැ එවන් වැඩ කර කර ඉද්දි දොරට ගහන හඩක් එනවා. ඔහු ගිහින් බැලුවාම තරුණියන් දෙන්නෙක් එලියේ හිටගෙන ඉන්නවා. මේ වෙලාවේ දරුණු වර්ෂාපතනයකුත් සිදුවෙනවා. මේ තරුණියන් දෙන්නාට මාර්ගය වැරැදිලා තමයි මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටැක්සියකට කතා කරලා ඒක එනකම් එවන් මනුස්සකමට මේ තරුණියන් දෙන්නාව ඇතුලට අඩගහගන්නවා. එතැනින් පස්සේ තමයි හැමදේම කනපිට හැරෙන්නේ. ඔයාලත් අරන් බලන්න මේ චිත්‍ර‍පටියට මොකද ඇත්තටම කියන්න පුලුවන් කියලා.මේක +18ට වැඩි චිත්‍ර‍පටියක් ලෙස අවධාරණයෙන්ම කියන්න කැමැතියි



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්තවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Brothers (2015) සිංහල උපසිරැසි සමග

$
0
0


ඕං ඔහෙනම් ඔයාලා මඟ බලාගෙන හිටපු තවත් සුපිරි ෆිලුමක් තමයි දෙන්න යන්නේ.. මේකෙ නලුවා දැක්කාම ඉතින් කස්ටිය දන්නවා ඇතිනේ මොන වගේ ෆිලුමක්ද දෙන්න යන්නෙ කියලා.. මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ හොලිවුඩ් වල 2011 වර්ෂයේ නිපද වූ Warrior චිත්‍රපටයේ නිල හින්දි චිත්‍රපටය වශයෙනුයි. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ බාහුබාලි වගේ සුපිරි ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනය කරපු ධර්ම ප්‍රොඩක්ෂන් ආයතන හා හොලිවුඩ් වල සුපිරි චිත්‍රපට ආයතනයක් වන Lionsgate Films ආයතන යනාදියයි. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදක වන්නේ සුපුරුදු පරිදි කරන් ජොහාර් තමයි. මේ කතාවෙ සමහර තැන් සංවේදීයි.. සමහර තැන් හරිම ජව සම්පන්නනයි... බොක්සින් තරඟ වලට ආස අය ඉන්නවා නම් මේ කතාවට එයාලා ආස කරාවි. මොකද මේක ඒ අයට විශේෂ චිත්‍රපටයක් නිසා. එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි චිත්‍රපටය බලමු. මේක අනිවාරයෙන් හොඳ ඇක්ෂන් චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Max (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


කොහොමද යාලුවනේ මාස එකහාමාරකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් උපසිරැසි ගැන්වුයේ ඒකත් ඇත්තටම ප්‍රමාද උනා මොකද මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් සතියක් විතර වෙනවා ඉතින් ඒ ගැන සමාවෙන්න ඕන.කාලෙකින් නැරඹුව හොඳ රසවින්දනාත්මක චිත්‍රපටයක් තමයි මේක එහෙමනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මිනිසාගේ සමීපතම මිතුරා වන බල්ලෙක් වටා ගොඩනැගුනු කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලබාගෙන තිබෙන IMDB අගය 6.9 ක් චිත්‍රපටය අයත් වෙන්නේ Adventure,Family ඝනයට ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Robbie Amell,Josh Wiggins,Laurel Graham,Thomas Haden Church, යන අය Robbie Amell ව නම් කට්ටියට මතකත් ඇති The Flash,Tomorrow People වගේ කතා මලා වලට රංගනයෙන් දායක උනානේ.ඉතින් ඔය වගේ පොඩි විස්තරයක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් අපි කැපෙනවා තවත් උපසිරසියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Minions (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


සමාවෙන්න ඕන පරක්කු වුනාට. කොහොමහරි ඔයාලට මිනියන් චිත්‍රපටයත් අරගෙන ආවා මම. මමත් කැමතිම කාටුන් එකක් තමයි මේ.

කතාව කෙටියෙන්ම කියන්නම්. අපි මිනියන්ලා ගැන දැනගෙන හිටියෙ ඉතාම පොඩ්ඩක්නේ. එයාලගෙ අතීත කතා, කොහොමද එයාලා මෙහෙම හැදුනෙ වගේ දේවල් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඉතින් ගෘ හමුවෙන්නෙ කලින්, ඒ කියන්නෙ Despicable Me සහ Despicable Me 2 චිත්‍රපටිවල සිදුවීම් වෙන්න කලින් අතීතයේ සිදුවුන දේවල් තමයි Minion චිත්‍රපටියෙන් තියෙන්නෙ. ඇත්තටම මුල් චිත්‍රපටි දෙකට වඩා හොඳයි මේක.

මිනියන්ලා ඉපදෙන්නේ මිනිස් වර්ගයා හැදෙන්න වසර දහස් ගණනකට ඉහතදී. ඒ දවසෙ ඉඳලම එයාලා කරන්නෙ හමුවෙන දුෂ්ඨම නපුරුම කෙනා යටතේ සේවය කරනවා එයාට. හැබැයි කවදාවත් වැඩි කාලයක් එකම කෙනෙක් යටතේ ඉන්නෙ නෑ. මොකද හැම කෙනාටම මිනියන්ලා නිසා එක එක අකරතැබ්බ වලට මුහුන දෙන්න වෙන නිසා. ඉතින් කාලෙන් කාලෙන මෙයාලට අලුත් බොස් කෙනෙක් ලැබෙනවා. එයාලා එක කාලෙකදි තමන්ගෙම වාසස්ථානයක් හදාගෙන ඉන්න බලනවා. නමුත් තමන්ට සේවය කරන්න කෙනෙක් නැති නිසා එයාලා දුකින් ඉන්නෙ. කෙවින්, බොබ් සහ ස්ටුවර්ට් කියන තුන් දෙනා ඒ නිසා යනවා නිව් යෝක් වලට. හොඳම දුෂ්ඨයෙක්ව හොයාගෙන එන්න. එහෙදි තමයි එයාලට ස්කාලට් ඕවකිල් කියන නපුරුම නපුරු ගැහැනිය හමුවෙන්නෙ...

කතාවෙ ඔය ටික කිව්වාම ඇති හොඳටම. ඔයාලම බලලා ඉන්නකෝ එහෙනම් කතාව කොහොමද කියලා. ඊළඟ චිත්‍රපටියෙන් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එතකල් හැමෝටම ජය!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Kirumi (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


“........ඔයාගේ වැඩක් කරගන්න........එතකොට ලෝකයා ඔයාට ඒ විදිහට ඉන්න දෙයි........ ඔයා ඕනාවට වැඩිය දගලන්න ගියොත්.......... ඔයාට ජීවිතයයි අතපයයි දෙකම නැතිවෙයි........“

ඔන්න එහෙනම් තවත් දෙමළ චිත්‍රපටියකින් ඔයාලව හම්බෙන්න ආවා.මේකෙ ඉන්න නළු නිළියො නම් එච්චර දැකලා පුරුදු අය නෙමේ.ඒත් කථාව නම් ගොඩක් ආදර්ශවත් කථාවක්.මේකෙන් කියවෙන්නේ අනුන්ගේ වැඩ වලට අත නොදා ඉන්න එක ගැන.මමත් මෙලෝ රහක් නෑ කියලා හිතුවට කථාව නම් පට්ට.ගහ ගැනිලි එහෙම වැඩිය නෑ.සාමාන්‍ය ජීවිතේ වුන කථාවක් වගේ තියනවා.බොරු ඇක්ෂන් එහෙම නෑ.


කථාව ගැන කියනවා නම් කදිර් කියන්නේ කිසිම රස්සාවක් නැතිව ඔහේ ඉන්න එකෙක්.හැබැයි මූ කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා.පවුලේ බර සේරම කරගහන්නේ අනිතා එහෙම නැත්නම් කදිර්ගේ බිරිද.කදිර්ගේ අයියා (ප්‍රබාකර්) පොලීසියට එක එක හොරු ගැන ඔත්තු දෙන පොරක්. ඒ හින්දා ප්‍රබාකර් පොලීසියේ ලොක්කන්ව හොදට අදුරනවා.ලොක්කො කිව්වට උන් පගා මරුවො.කදිර්ට රස්සාවක් නැති හින්දා ප්‍රබාකර් කදිර්ව පොලීසියේ ලොක්කට කියලා පොලීසියේ රාජකාරි වලට කොහොම හරි සම්බන්ධ කරවනවා.නිළ නොවන විදිහට ඈ.කදිර් කරන්නෙත් එක එක දේවල් ගැන ඔත්තු දෙන එකයි පොලීසියේ වැඩ වලට උදව් දෙන එකයි.දවසක් කදිර් ලොකු සූදු පොලක් ගැන පොලීසිය ඔත්තු දෙනවා.මේ සූදු පොලේ අයිතිකාරයාගේ මල්ලි ලොකු මැරයෙක්.කොහොම හරි මේ සූදු පොල පොලීසියෙන් වටලලා ඒකේ තිබ්බ ලක්ෂ දෙක හමාරක් පොලිස් ලොක්කා මිසින් කරනවා.මේ හින්දා ශන්කර්ගේ කට්ටිය ප්‍රබාකර්වත් මරණවා.ඒ වගේම කදිර්ව මරන්නත් එනවා.මේකට කදිර් වැඩ කරන පොලිසියේ ලොක්කා මොනවා කරයිද? කදිර්ට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.හොද පොලිස් නිළධාරීන් වගේම සක්කිලි පොලිස්කාරයොත් සමාජයේ ගොඩක් ඉන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය...! “ඔයා ජීවිතේ මුහුණ දෙන හැම ප්‍රශ්ණයකටම අත දාන්න යන්න ඕන නෑ..... සමහර වෙලාවල් වලට..... ප්‍රශ්ණ වලින් ඈත්වෙලා යන එකට තමයි “දිනුම“ කියලා කියන්නේ......“



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Trisha Illana Nayanthara (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න එහෙනම් තවත් පට්ටම ෆිල්ම් එකකට සබ් එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා බලලා ඇති නේ Kappal (2014) චිත්‍ර‍පටිය. ඒ වගේම විනෝදයෙන් බලන් පුලුවන් ෆිල්ම් එකක් තමයි මේකත්.මම මේ චිත්‍ර‍පටිය තොරගන්න උන හේතුව ඉතින් අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ. Poriyaalan,Kayal (2014),Chandi Veeran (2015)මේ චිත්‍ර‍පටි වල රඟපාපු Anandhiතමයි මෙහි එක් ප්‍ර‍ධාන චරිතයක් නිරුපණය කරන්නේ. සෙසු චරිත ලෙස G.V. Prakash Kumar හා Manisha Yadav රංඟනයෙන් දායක වෙනවා.

අපි චිත්‍ර‍පටිවල දැකලා තියනවා නේ කොල්ලා කෙල්ල හම්බවෙනවා තරහා වෙනවා යාළුවෙනවා මොනා නැතත් අන්තිමට එකතු වෙනවා වගේ කතන්දර මේක නම් එහෙම එකක් නෙමෙයි කියලා බය නැතුව කියන්න පුලුවන්. දන්නවා නේ ගැණු ළමයෙක් එක්ක යාළු උනාම විදින්න වෙන කරදර. කියන්නේ එකක් කරන්නේ එකක්. යනවා කිව්වොත් එනවා..එනවා කිව්වොත් යනවා..හම්බවෙන්න ආවත් වැරැදියි..හම්බවෙන් න නාවත් වැරැදියි...කිස් එකක් දුන්නාත් වැරැදියි...කිස් එකක් නොදුන්නාත් වැරැදියි. මොනා හරි කලොත් අපෝ මේක විතරයි නේද ඕන අහනවා...එහෙම මුකුත් නොකර හිටියොත් දැන් මාව එපා වෙලා නේද මුකුත්ම කරන්නේ නැත්ද අහනවා. ඔය වගේ එවා ඉතින් ගැණු ළමයෙක් අවුරුදු කිහිපයක් ආශ්‍ර‍ය කරපු අයට අමුතු දේවල් නෙමෙයි. මේ දේවල් අවසානයේ අන්තිමට එයාලාම හේතුවක් හදාගෙන කොල්ලාව දාලාත් යනවා. ඔය වගේ කතාවක් තමයි මේක ඒක නිසා අනිවා අරන් බලන්න. හරිම විනෝදයෙන් තමයි මම මේකේ සබ් එකත් දැම්මේ...

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ ජිවා රම්‍යා හා අදිති මේ තුන්දෙනාම පොඩි කාලේ ඉදන්ම එකටමයි හැදෙන්නේ. තුන්දෙනාගේම ගෙවල් එක ලඟ තියෙන්නේ. තුන්දෙනාම එකම වයසේ. ජිවාට රම්‍යාත් කැමැතියි අදිතිත් කැමැතියි. හැබැයි ජිවා වැඩියෙන්ම කැමැති රම්‍යාට. කොහොම හරි මේ අය තරුණ වියට ආවම අදිතිට මාස කිහිපයකට බැංග්ලොර් යන්න වෙනවා. දැන් ඉන්නේ ජිවායි රම්‍යායි විතරයි. මේ දෙන්නා ගේ පොඩි කාලේ ඉදන් තිබ්බ යාළුකම ආදරයකට පෙරලෙනවා. කොච්චර ලව් එකක් තියනවාද කියන්නේ දෙන්නාට දෙන්නා ඉවසගන්න බැරුව මුලික අදියර පාස් කරනවා (මුලික අදියර මොකක්ද කියලා විස්තර කරන්න බෑ ඔිං.) ඉතින් ඔය මුලික අදියර නිසා ජිවාගේ බෙල්ලේ අතේ එහෙම දත් පාරවල් නියපොතු පාරවල් එහෙම හිටිනවා.ජිවාට ඉස්කොලේ ඉන්නවා අතිජාත මිත්‍රයෙක්. ඔහු දකිනවා බෙල්ල හුරලා තියනවා. ජිවාගේ ඇහුවාම පුසෙක් හිරුවා කිව්වාට යාළුවාගේ කරදරේ නිසාම ජිවා කියලා දානවා රම්‍යායි එයයි අතර පොඩ් මෙව්වා එකක් උනා කියලා. යාළුවා කොච්චර හොදද කියන්නේ මේක පත්තරේ දැම්මා වගේ ඉස්කොලේ තැනින් තැන කියව කියව යනවා වගේම ටොයිලට් එකේ පවා එක එක එවා ලියනවා. මේ නිසාම රම්‍යාගෙයි ජිවාගේ ලව් එක කැඩිලා යනවා. රම්‍යා එක්ක තරහා වෙන දවසේම අදිති ආපහු චෙන්නායි වලට එනවා. එක්කෙනෙක් නැත්නම් අනික් කෙනා කියලා ජිවා අදිතිට ලව් කරන්න ගන්නවා...ඔතනින් පස්සේ තමයි ෆිල්ම් එක හරියටම පටන් ගන්නේ... ෆිල්ම් එකේ අන්තිමට දෙමළ ෆිල්ම් වල ඉන්න සුපිරි නළුවෙක් ඇවිල්ලා කතාවම කනපිට ගහලා යනවා. එහෙම කරපු නිසා ඒ කනපිට ගහපු එක හරිගස්සන්න කෙනෙක් එනවා. ඒකට රඟපාන්තේ දැනට දමිළ සිනමාවේ ජනප්‍රියතම නවක නිලියක්. ඉතින් එතකොට අන්තිමත් කොහොමද කියලා හිතාගන්න පුලුවන් නේ. කලින් කිව්වා වගේම ෆිල්ම් එක නම් අනිවාර්යෙන් බලන ගොන්නට දාගන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Drishyam (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


පහුගිය දවස් කිහිපය පුරාවටම පැවති අයපත් කාලගුණ තත්ත්වය නිසා මේ චිත්‍රපටිය උපසිරැසි ගන්වලා අරගෙන එන්න ටිකක් ප්‍රමාද වුණා. අද මම අරගෙන ආවේ මම මෙතෙක් උපසිරැසි ගැන්වූ චිත්‍රපට අතරින් මා වඩාත් ආසාවෙන්ම උපසිරැසි ගැන්වූ තවත් එක් චිත්‍රපටයක්. මා මෙතෙක් උපසිරැසි ගැන්වූ සෑම චිත්‍රපටයක්ම හැමෝටම නරඹන්න කියලා නිර්දේශ කළේ නෑ. නමුත් කිසිම වර්ග කිරීමක් නැතුව බාල මහලු වැඩිහිටි සහ බොලිවුඩ් චිත්‍රපට වැඩිය නරඹන්නට රුචිකත්වයක් නොදක්වන අයට පවා අනිවාර්යෙන්ම නරඹන්න කියලා කිසිදු චකිතයකින් තොරවම නිර්දේශ කළ හැකි thriller චිත්‍රපටයකින් ලැබිය හැකි ඉහළම රසවින්දනය පිරි චිත්‍රපටයක් තමයි මේක. හරියටම කිවුවොත් Kahaaniචිත්‍රපටිය වගේ.

මෙම චිත්‍රපටය දැනට ‍ඉන්දියාව තුළම පමණක් භාෂා 5කින් නිර්මාණය වෙලා තිබෙනවා. එකම රටක් තුළ පමණක් පස් වතාවක් නිර්මාණය වෙන්නට තරම් මෙහි තිබෙන විශේෂත්වය කුමක්ද කියා කෙනෙකුට සිතෙන්නට පුලුවන්. මෙම චිත්‍රපටය නැරඹුවහොත් ඔබට ඒ විශේෂත්වය අත්විඳින්නට හැකි වේවි. මෙම චිත්‍රපටයේ මුල් නිර්මාණය වෙන්නේ Drishyam(2013)කියන මලයාලම් චිත්‍රපටය. එදා මෙදා තුර වැඩිම ආදායමක් හිමිකරගත් මලයාලම් චිත්‍රපටය වුනේත් ඒ චිත්‍රපටයමයි. මම මුලින්ම නැරඹුවේත් මලයාලම් භාෂාවෙන් නිර්මාණය වෙච්ච Drishyam(2013) චිත්‍රපටය. එය තමයි මා මෙතෙක් නරඹා තිබෙන හොඳම මලයාලම් චිත්‍රපටය. Jeethu Joseph විසින්ම රචනා කරන ලද කතාවකට අනුව ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ එම මලයාලම් චිත්‍රපටය Drishya (2014) ලෙසින් කන්නඩා භාෂාවෙන්, Drushyam (2014) ලෙසින් තෙලිඟු භාෂාවෙන්, Papanasam (2015) ලෙසින් දමිළ භාෂාවෙන් සහ drishyam (2015) ලෙසින් හින්දි භාෂාවෙන් නැවත නැවත ප්‍රතිනිර්මාණය වුනා. අද මම උපසිරැසි ගන්වලා අරගෙන ආවේ අවසන් වරට නිර්මාණය වූ ඒ drishyam හින්දි චිත්‍රපටය.

IMDB දර්ශක අගය 8.9/10ක් ලෙසින් සටහන් කරගන්නට තරම් මෙම චිත්‍රපටය සුවිශේෂී වුනා. Force (2011) චිත්‍රපටය සහ Lai Bhaari (2014) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Nishikant Kamat තමයි මෙම චිත්‍රපටයේදී අධ්‍යක්ෂණ කාර්යට උර දුන්නේ. අජය දේවුගන්, ශ්‍රියා සරන්, තාබු, ඉෂිතා දත්තා, රජත් කපූර් සහ තවත් බොහෝ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය තිරගත කිරීමෙන් ලබා ගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 76ක් පමණ වෙනවා. Drama, Mystery, Thriller ලෙසින් වර්ගීකරණය වී තිබෙන මෙම චිත්‍රපටය ආරම්භයේ පටන් අවසානය දක්වා කට ඇරගෙන බලන්න පුලුවන් තරම් අපූරු සිනමා නිර්මාණයක් කිවුවොත් වැරදි නැහැ.

කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ ඔබේ හිතේ තිබෙන කුතුහලය ඉතිරි කරන්නට අවශ්‍යය නිසා. විජය සල්ගාවොන්කර් කියන්නේ තමන්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමගින් බොහොම ආදරයෙන් ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. ඔහු බොහොම සාධාරණ සහ අල්පේච්ඡ මනුස්සයෙක්. පාසලේ 4වන ශ්‍රේණියට පමණක් උගත් අයෙක් වුනත් ඔහු බොහොම තියුණු බුද්ධියක් සහිත කෙනෙක්. ඔහු ගැන කියන්නට තිබෙන සුවිශේෂීම කරුණ තමයි ඔහු ඔබත් මමත් ව‍ගේම තදින් චිත්‍රපට නරඹන්නට හුරු වූ කෙනෙක්. හුරුවකට වඩා එය ඇබ්බැහියක් ලෙසින් සඳහන් කළොත් තමයි නිවැරදි. ඔහු එයට කොතරම් ඇබ්බැහි වෙලාද කියනවා නම් සමහර රාත්‍රීන්ට ඔහු නිවසට නොයා තමන්ගේ කාර්යාලයට වෙලා රැය පහන් වන තුරුම චිත්‍රපට නරඹනවා.

එවන් එක් රාත්‍රියක ඔහුගේ ආරක්ෂාව නොමැති වූ ඔහුගේ නිවසට අනවසරයෙන් පැමිණෙන එක් අමුත්තෙක් නිසා විජය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත සහමුලින්ම කණපිට හැරෙනවා. ඒ අමුත්තා කවුද? ඇයි ඔහු විජයගේ නිවසට පැමිණියේ? ඔහුගෙන් විජයගේ පවුලට එල්ල වන තර්ජනය මොකක්ද? එම අමුත්තාට විජයගේ නිවසේදී අත්වන ඉරණම කුමක්ද? කියන වග චිත්‍රපටය නරඹද්දි ඔබට දැන ගන්නට පුලුවන් වේවි. මේ සිද්දියෙන් පසුව විජයගේ පවුලේ තිබූ සතුට සහ සැනසිල්ල සහමුලින්ම දියවෙලා යනවා. ඒ වගේම ඔහුගේ පවුල ලොකු මර උගුලක පැටලෙනවා. පොලීසිය විජය සහ ඔහුගේ පවුල පසුපස ලුහුබඳින්න ගන්නවා. තමන්ගේ පවුල සුරක්ෂිත කරගන්නට මේ 4 ශ්‍රේණිය පවා අසමත් වූ මනුස්සයා කෙතරම් විශිෂ්ඨ ලෙස කෙතරම් අපූර්ව ලෙස උපායශීලීව ක්‍රියා කරනවාද යන වගත් චිත්‍රපට නැරඹීමෙන් ඔහු ලද පන්නරය සහ දැනුම එම උපායන් වලදී කෙරම් අපූරුවට භාවිතා කරනවාද කියන වගත් නිසැකයෙන්ම ඔබව පුදුමයට පත් කරාවි. එම උපායන් හරහා කෙතරම් දුරට පොලිස් නිලධාරීන්ව නොමග යවන්නට ඔහුට හැකි වේවිද, එහිදී ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුහුණ දෙන බාදක ජය ගන්න‍ට පුලුවන්කම ලැබේවිද? තිරයෙන් ඇසිල්ලකට හෝ ඇස ඉවතට ගන්නට සිත් නොදෙන අවසානයක් වෙත ඔබ ගෙන යන සිනමා අත්දැකීමක් බවට නම් නිසැකවම මෙම සිනමා නිර්මාණය පත් වේවි. ඒ වගේම දෙමවුපියන් විදියට තමන්ගේ දරුවන් වෙත දක්වන ආදරය සෙනෙහස සහ රැකවරණය කෙරෙහි ප්‍රභලව බලපාන සාදකය වන්නේ පොතෙන් ලද දැනුම නොවන බවත් සමාජීය අත්දැකීම් සහ වටපිටාවෙන් ලද ප්‍රායෝගික දැනුම බවත් ඔබට පසක් කර දෙන්නටත් මේ සිනමා නිර්මාණය සමත් වේවි. එසේනම් මෙම අපුරු සිනමා නිර්මාණය රසවිඳින ලෙස සියලු සිනමා රසිකයන් වෙත විවෘත ආරාධනයක් කරමින් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්... සතුටින් ඉන්න!
Visuals Can Be Deceptive!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Bhaag Johnny (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න එහෙනම් 160 වන උපසිරැසි ගැන්වීමයි මගේ මේ විදියට අරන් එන්නේ. කාලේකින් බලන්න ලැබුන හොද වානිජ චිත්‍ර‍පටියක් කියලා කියන්න ඕන. ඇක්ෂන් එහෙමත් අඩු නැතුවම ෆිල්ම් එක පුරාවටම ගෙතිලා තියනවා. ඒ වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. ප්‍ර‍ධාන චරිතය කරන Kunal Khemu නම් ඔබට අලුත් මුහුණක් නෙමෙයි. ප්‍ර‍ධාන නිලියන් තිදෙනා නම් සිනමාවට අලුත්ම අය. චිත්‍ර‍පටියේ සිංදු ටිකත් ලස්සනටම තියෙනවා. එවාටත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒ වගේම මේකේ බැනර් දැකලා එහෙම බය වෙන්න එපා. මේක පවුලේ සැමටම බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් බව මතක් කරන්නම ඕනි.

චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ ජොනි එහෙම නැත්නම් ජොනී අරෝරා කියන්නේ පෞද්ගලික ආයතනය වැඩ කරන කෙනෙක්. හැබැයි මොහු ඔෆිස් එකට වංචාවක් කරනවා. මේක ඔෆිස් එකේ බොස්ට අතටම අහුවෙනවා. ඔහු කරපු මේ වරද උසාවියේදි ඔප්පු උනොත් අනිවාර්යෙන්ම අවුරුදු දහයකටවත් හිරේ යන්න වෙනවා. මේ නිසාම ඔෆිස් එකේ බොස් මොහුට එක අවස්ථාවක් දෙනවා. ඇය කියන කාර්යක් කලොත් මේ සියළුම චෝදනා පොලිසියට නොකියන බවට පොරොන්දු වෙනවා. කොහොම හරි තමන්ගේ බොස් කියපු විදියට වැඩේ කරන්න ජොනී යනවා හෝටලයකට. මෙතැනදි කෙනෙක් ඔහුට උපදෙස් වගයක් දෙනවා කරන්න ඕන කාර්යය පිලිබදව. බලාගෙන යද්දි ඔහුට කරන්න වෙන්නේ හිනෙන් වත් නොහිතපු වැඩක්. මේ වෙලාවේ තමයි ඔහුගේ උදව්වට අරුම පුදුම කෙනෙක් එන්නේ. එතැනින් තමයි චිත්‍ර‍පටිය හරියටම පටන් ගන්නේ. කතාව කිව්වොත් රසවත් නැති වෙනවා. අරගෙනම බලන්නකෝ.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Baahubali Bluray Update (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


චිත්‍රපටය -Bahubali
අධ්‍යක්ශණය -SS Rajamouli (Eega. Maghadheera)
වර්ගීකරනය -ක්‍රියාදාම, ත්‍රාසජනක, යුද, වීරක්‍රම, ඉතිහාස කතා,
රංගන දායකත්වය -Prabhas (Rebel, Mirchi)
-Rana Daggubati (Baby)
-Anushka Shetty (Lingaa, Rudramdhevi)
-Tamanna Bhatia (Aagudu, Entertainment)
IMDB- 9.4/10


හොලිවුඩයට අභියෝග කරන්න පුලුවන් ඉන්දීය නිර්මාණ අතලොස්ස අතරට එක්වන නවතම චිත්‍රපටයත් අරගෙන තමයි අද මම ආවෙ, මේ දිනවල ලොව පුරා සිනමා රසිකයන්ගේ ඉතා විශාල අවධානයක් දිනාගන්න සමත් වුන නිර්මාණයක් තමයි මේ බහුබාලි එහෙමත් නැත්නම් ආරම්භය කියලා කියන්නේ, මේක ආරම්භක දිනයේම වාර්තා රැසකට සමත්කම් කියුවා, ඉන් සුවිශේෂම වාර්තාව තමයි ඉන්දියාවේ මෙතෙක් අඩුම කාලයකදී කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය බවට පත්වීම, පැය 35ක් ඇතුලත තමයි මේ කෝටි 100 උපයාගන්න සමත්වෙලා තියෙන්නේ, ඒවගේම ඉන්දියාව තුල පමණක් තිරගතවීම ආරම්භ කල දිනයේදි ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් උපයාගන්න සමත්වුනා, ඒ ශාරුක් ඛාන්ගේ Happy New Year චිත්‍රපටයේ කෝටි 45ක ආදායම් වාර්තාව අභිබවා යමින්, මේක ගොඩක් සුවිශේෂ චිත්‍රපටයක් නිසා මෙහි සදහන් ගොඩක් අය නොදන්න සුවිශේෂ කරුණු කීයපක් අරගෙන එන්න හිතුවා,


[*]මේ දිනවල අති සාර්ථකව තිරගතවන Jurassic World චිත්‍රපටයේ VFX නිර්මාණය කරපු කණ්ඩායමමයි මෙහි VFX සිදු කරලා තියෙන්නේ,
[*]මෙහි පසුතලය නිර්මාණය කරන්න දිනකට 1000 දෙනෙක් සේවයේ යොදවලා දවස් 200ක් ගතවෙලා තියෙනවා, ඒ හෙක්ටයාර 20ක වපසරියක,
[*]මෙහි තමයි ඉන්දීය චිත්‍රපටයක ප්‍රථම වතාවට AMD processors භාවිතයෙන් VFX සහ animation සිදු කරලා තියෙන්නේ
[*]කෝටි 100කට අදික බරපැනකින් නිර්මාණය වුන ප්‍රථම තෙලුඟු චිත්‍රපටය තමයි බහුබාලි කියන්නේ, මෙහි දෙවෙනි කොටස වෙනුවෙන් කෝටි 250ක ඇස්තමේන්තුවක් සිදු කර තිබෙනවා,
[*]හයිද්‍රාබාද් සිනමාශාලාවක මෙය තිරගතවෙන්න කලින් කෝටි 1.2ක් වටිනා ආසන වෙන්කිරීම් සිද්ද වෙලා තියෙනවා,
[*]*Rana Daggubati ඔහුගේ චරිතය වෙනුවෙන් 32kb බර වැඩිකරගෙන තියෙනවා,
[*]ලොව විශාලතම චිත්‍රපට පෝස්ටරයට හිමි වාර්ථාවට හිමිකම් කියන්නේත් මෙම චිත්‍රපටයයි,
[*]මෙය නිර්මාණය කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා
[*]මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන ප්‍රබාශ්ගේ ශරීරය නිර්මාණය කිරීම සදහා වැයවී ඇති මුදල කෝටි 1.5ක් ඒ සදහා ඔහු උපදෙස් ගෙන ඇත්තේ WWE මළ්ලවපොර ශූරයන්ගෙනි,
[*]මෙය සැබැවින්ම දමිළ සහ තෙලුඟු බාශා වලින් දෙවරක් රූපගතකිරීම් කර තිබෙනවා,
[*]වෙනත් භාශා වලින් ලොව පුරා තිර්ගතවන දැවැන්තම සිනමා නිර්මානය වන්නේත් මෙයයි,
[*]මෙහි ඇති දිය ඇල්ල athirampally ප්‍රදේශයේ ඇති දිය ඇල්ලක් වන අතර පසුව එයට VFX එක්කොට තිබෙනවා,
[*]මෙහි යුධ කොටස් රූගත කිරීමට හෙක්ටයාර 110ක් යොදාගෙන තිබෙනවා,
[*]මෙහි ප්‍රථම යුධ දර්ශනය වෙනුවෙන් 5000ක් දෙනා දින 200කට වැඩි කාලයක් යොදාගෙන නිර්මානය කර තිබෙනවා,
[*]මේ සදහා ආයුධ 20,000කට අධික ප්‍රමාණයක් නිර්මානය කර තිබෙනවා,
[*]මේ තමයි ඉන්දියාවෙ ප්‍රථම වතාවට ආගමික බැදීම් වලින් නිදහස්ව නිර්මාණය වුන සිනමා නිර්මාණය,
[*]අධ්‍යක්ශක රාජ්මවුලිගේ 10වැනි සිනමා නිර්මාණය වන්නේද මෙයයි,
[*]මෙහි දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් තාක්ශණික ශිල්පීන් 800ක් දෙනා චිත්‍රාගාර 17ක සේවය කර තිබෙනවා,


මේ විස්තර දිහා බැලුවම චිත්‍රපටය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි, මේකට තාම කිසිම භාශාවකින් උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ, මේක මම අසා ලිවීමක් කලේ, රැදී සිටින්න zoom.lk එක්ක, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Hitman Agent 47 (2015) සිංහල උපසිරැසි සමගින්

$
0
0


හිට්මෑන් කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. හිට්මෑන් ලෝකයට ආවෙ මුලින්ම පරිඝනක ක්‍රීඩාවකින්නේ. ලෝකෙ පුරාවටම විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් හිට්මෑන් එක්ක එකතුවුනා. කොච්චර මේ පරිඝනක ක්‍රීඩාව ජනප්‍රිය වුනාද කිව්වොත් 2007දි Hitman චිත්‍රපටියකුත් නිපදවෙනවා. Hitman: Agent 47 කියන්නෙත් හිට්මෑන් පරිඝනක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවපු ජර්මන්-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටයෙදිත් ප්‍රධාන චරිතය වන්නෙ නියෝජිත අංක 47. චිත්‍රපටිය අගෝස්තු 21 වැනිදා නිකුත්වුනේ.

දශකයකට කලින් මහාචාර්ය ලිට්වෙන්කෝ තමයි ක්ලෝන සොල්දාදුවන් නිපදවස වැඩසටහනේ ප්‍රධානියා. සුපිරි ශක්තියෙන්, වේගයෙන්, බුද්ධියකින් වගේම හැඟීම් පවා දැනෙන පරිදි මේ සොල්දාදුවන් නිපදෙව්වා. නමුත් යම්කිසි හේතුවකට ඔහු අතුරුදන් වෙනවා. ඔහුගේ දුව කාටියා තනිවම අතෑරලා දාලා.

නියෝජිත 47ත් මෙතනදි සම්බන්ධ වෙනවා. ඔහු සහ කාටියා එකතුවෙලා කාටියාගෙ තාත්තව හොයාගන්න ඕන. මොකද තවත් කෙනෙක් මෙහිදි ක්ලෝන සොල්දාදුවන් නිර්මාණයට සූදානම් වෙනවා. ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති ඔයාලට වගේම හිට්මෑන් ක්‍රීඩාවට ආදරය කරන ඔයාලත් මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඹන්න ඕන. චිත්‍රපටය ඉවර වෙනකල්ම ඇක්ෂන් පිරිණු ලස්සනම ලස්සන කතාවකුත් ගලාගෙන යන සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.

චිත්‍රපටියේ උපසිරැසියේ වැඩිම කොටස කලේ අපේ අවිඳු. එයාට වැඩිස ස්තුතිය හිමිවෙන්න ඕන. එහෙනම් බලලා අදහසකුත් කියලම යන්නකෝ. ඊළඟ චිත්‍රපටයෙනුත් ඉක්මනින්ම අපි හමුවෙනවා ඔයාලාව. එතකල් ජය!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්හා අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Woh Lamhe (2006) සිංහල උපසිරැසි සමගින්

$
0
0


ඔන්න එහෙනම් තව ෆිල්ම් එකක් උස්සගෙන ආවා. මේක අපේ සූම් එකේ රසිකයන්ගේ ඉල්ලිමක් මතම දැමුනු උපසිරැසියක්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Zeher,Awarapan,Raaz ,Murder 2,Aashiqui 2,Ek Villainවැනි චිත්‍ර‍පටි ගෙන ආ මොහිත් සූරි විසින්. ඉතින් කතාව ගැන හිතාගන්න පුලුවන් නේ. කොහොමත් අවසානය ටිකක් දුකින් තමයි ඉවර වෙන්නේ. ඒක මොහිත් සූරි ගේ ෆිල්ම් වල අපිට දකින්න පුලුවන් දෙයක් නේ. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Kangana Ranaut,Shiney Ahuja හා Shaad Randhawa රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියට පාධක වෙලා තියෙන්නේ හින්දි සිනමාවේ සැබැ නිලියෙකුගේ කතාවක්. 1970 දශකයේ ජනප්‍රියතාවයේ හිනිපෙත්තටම නැගුනු Parveen Babi ගේ චරිතය ඇසුරින් තමයි මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ. ඒ වගේම අමුතුවෙන්ම චිත්‍ර‍පටියේ සිංදු ගැන කියන්න උවමනා නැහැනේ. Kya Mujhe Pyar Hai සිංදුව අහලා නැති කෙනෙක් නම් ඉන්න බැහැ. ඒ සිංදුව තියෙන්නෙත් මේ ෆිල්ම් එකේම තමයි.


චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් සනා අසීම් කියන්නේ ජනප්‍රිය චිත්‍ර‍පටි නිලියක්. ඇයට මේ තැනට එන්න උදව් කරන්නේ නිකිල්. ඔහු අැයට මේ උදව්ව කලත් ඇය හම්බකරන හැම සතයක්ම වගේ පාවිච්චියට ගන්නේ ඒ වගේම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නිකිල්ම තමයි. සනා අසිම් කොච්චර ජනප්‍රිය කෙනෙක් උනත් ඇයට මේ දේවල් වලට එරේහිව යන්න නම් හයියක් නැහැ.ඇය කරන්නේ මේ වගේ දේවල් ඉවසගෙන ජිවත්වෙන එක. මේ කාලය අතරතුර තමයි නවක චිත්‍ර‍පටි අධ්‍යක්ෂකයෙක් වන අදිත්‍ය විසින් සනා අසිම්ට චෝදනාවක් කරලා පුවත් පතක සම්මුඛ සාකච්චාවක් දෙන්නේ.මේ සම්මුඛ සාකච්චාව දැකපු සනාට ගොඩක් කෙන්තියනවා. දිනක් පාටි එකකදි මේ දෙන්නා මුණට මුණ හම්බුනාම ලොකු ගැටුමකුත් යනවා. නමුත් පොඩි සිදුවිමක් නිසා නැවතත් සනා අසීම් යනවා මේ අධ්‍යක්ෂකයාව මුණ ගැහෙන්න. කතාව එතැනින් තමයි පටන්ගන්නේ. ආදර කතාවක් නිසා මං වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. මේක නිකම් ආශිකි 2 ෆිල්ම් එක කනපිට හරවලා හැදුවා වගේ තමයි. අරගෙන බලන්නකෝ. චිත්‍ර‍පටියේ සීඩ්ස් නම් පොඩ්ඩ්ක අඩුයි. කැමැති නම් ඩිරෙක්ට් ලින්ක් අරගන්න. නැත්නම් ටොරන්ට් එක දාන්න. කොහොමත් ටික වෙලාවක් යද්දි ඩවුන්ලොඩ් වේව. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Huntsman Winters War (2016) සිංහල උපසිරැසි සමඟින්

$
0
0

පරක්කු වුනත් අරගෙන ආවා ගොඩක් අය ඉල්ලලා තිබ්බ චිත්‍ර‍පටියක්. අප්‍රේල් 22වැනිදා ඇමරිකාවේ තිරගතවීම අරඹපු මේ චිත්‍ර‍පටයට ඇ.ඩො.මි. 115ක් වියදම් කර තිබෙනවා. Thor චිත්‍ර‍පටිවලින් වීරයෙක් වුණ ඔයා දන්න ක්‍රිස් හෙම්ස්වර් ත් මේ චිත්‍ර‍පටයෙත් ප්‍ර‍ධාන චරිතය රඟදක්වනවා. මේ චිත්‍ර‍පටය Snow White and the Huntsman චිත්‍ර‍පටයේ ඊළඟ කොටස වශයෙන් තමයි එන්නේ.නමුත් හරියටම කිව්වොත් ස්නෝවයිට් කතාවට කලින් සිදුවුන සිදුවිමක් තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ..ඒ කියන්නේ කලින් ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. මේක බලලා ඒක නැරබුවාත් අවුලක් නැහැ. නමුත් කලින් එක බලලා නැත්නම් ඒක බලලාම නරබන්න. 

රැවෙනා රැජින කියන්නෙ නපුරු මායාකාරියක්. ඇයට විශේෂ බලයන් තියෙනවා. ඇය මේ බලය පාවිච්චි කරලා ලොකු භූමියක් තමන් අණසකට යටත් කරගෙන ඉන්නේ. ඉතින් ඇගේ සොයුරිය, ෆ්‍රේයා, ඇන්ඩෘ කියලා කෙනෙක් සමඟ ආදර සම්බන්ධයක් ඇතිකරගෙන කියලා දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇගේ කුසේ ඔහුට දාව දරුවෙක් උපදින්නත් ඉන්නවා. ඒ දරුවා තමයි ලස්සනම අයගෙත් ලස්සනම කෙනා වෙන්නේ. ෆ්‍රෙයාට දරුවා ඉපදෙනවා. නමුත් ඇන්ඩෘ දරුවාව මරනවා. මෙතැනදි මෙච්චර කාලයක් එළියට නොආපු ෆ්‍රේයාගේ මායා බලය එළියට එනවා.
තමන්ගේ දරුවා නැතිවුන දුක සහ තරහා හිතේ තියාගෙන රාජධානිය හැරලා ෆ්‍රේයා යනවා. ගිහින් තමන්ගේම අයිස් මාලිගාවක් හදනවා. උතුරු ප්‍රදේශයම අයිස් කරනවා. මෙතැනින් තමා කතාව පටන් ගන්නේ. කතාවෙ ගොඩක් දේවල් තියෙනවා. මම හැඳින්වීමක් කලේ. ඉතුරු ටික බලලා කතාව තේරුම් ගන්න එක ඔයාට බාර.

එහෙනම් ඉක්මනින්ම තව ෆිල්ම් එකක් අරගෙන එන්නම් මම. එතකල් හැමෝටම තෙරුවන් සරණයි!

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB WEBRIP Torrent File එක 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Viewing all 660 articles
Browse latest View live