
ඔන්න තවත් ෆිල්ම් එකක් මං අරගෙන ආවා. මේ චිත්‍රපටිය නම් අලුත්ම අලුත් එකක්. මෙහි ඔයාලා දන්න කියන නළුවන් දෙන්නෙක් හා නිලියෙක් තමයි රංඟනයෙන් දායක වෙන්නේ. The Wolf of Wall Street ,Focus වැනි චිත්‍රපටිවල රඟ පෑ Margot Robbie හා Star TrekInto the Woodsවැනි චිත්‍රපටිවල රඟ පෑ Chris Pine මෙහි චරිත නිරුපණය කරනවා. මේ චිත්‍රපටියේ Margot Robbie හා Chris Pine නිරුපණය කරන චරිත වලට මුලින්ම තොරගෙන ඉදලා තියෙන්නේ Amanda Seyfried හා Tobey Maguire ව. නමුත් චිත්‍රපටියේ රුගත කිරිම් කල ගිය නිසා මේ දෙන්නාම ඉවත් වෙලා තියනවා. පසුව තමයි Margot හා Chris ව මේ චරිත වලට අරන් තියෙන්නේ.
කතාව ගැන කියනවා නම් න්‍යෂ්ටික විනාසයක් වෙලා ලෝකයේම මිනිසුන් ගොඩක් මැරිලා ගිහින්. නගර පාළුවට ගිහිල්ලා. ජිවත් වෙලා ඉන්න කෙනෙක් හොයා ගන්න අමාරුම තරම්. නමුත් යම් යම් ප්‍රදේශ වලට කාලයක් යද්දි මේ න්‍යෂ්ටික විකිරණශිලි තත්වය නැතිවෙලා ගිහින් තියනවා.නමුත් මේ තැන් මිනිස්සුන්ගෙන් තොර වෙලා තියෙන්නේ. මේ වගේ තැනක හුදකලාව ජිවත් වෙන තරුණියක් තමයි ඇන් කියන්නේ. ඇයගේ තනියට ඉන්නේ බලුපැටියෙක් විතරයි. ඇය හිතන්නේ තමන් තමයි ලෝකයෙන්ම ඉතුරු වෙලා ඇත්තේ කියලා. කාලය ගෙවිලා යනවා ඇන් තනිවම ජිවත් වෙද්දි ඇන්ට අමුත්තෙක් මුණ ගැහෙනවා ඒ ජොන්. ඔහු අසනිප වෙලා ඉන්නේ. ඇන් ඔහුව පුලුවන් මහන්සියෙන් ප්‍රතිකාර කරලා බේරගන්නවා. මොවුන් දෙදෙනා මේහෙම කාලය ගෙවනවා. කවුරුත්ම නැතිව මේ දෙන්නාට මේ දෙන්නා විතරක් ඉන්න නිසා ඇන් ජොන් එක්ක ආදරයෙන් බැදෙනවා. මේ අතරවාරයේ තවත් කෙනෙක් මේ අතරට පැමිණෙනවා ඒ තමයි කේලබ්. ඇත්තටම ජොන්ට වඩා කෙලබ් කඩවසම්. ඇන් කෙලබ්ට ආකර්ෂණය වෙන්න ගන්නවා...මේක ජොන්ට ඉවසන්න පුලුවන් වෙන දෙයක් වෙන්නේ නෑ....මිට වඩා කතාව කියන්න හොද නැහැ.... මේක බලපු කෙනෙක් අන්තිමටම වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ... මට අවසානය කියන්න බැහැ නමුත් මටත් ගැටළුවක් තියනවා කෙලබ්ට අවසානයේ මොකද වෙන්නේ කියලා...එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න