Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Jaihind 2 (2014) සිංහල උපසි‍රැසි සමඟ

$
0
0

මුදල් කියන දේ හැමකෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන සාධකයක්.හැම ව්‍යාපාරයක්ම සිදු කරන්නේ මුදල් උපයන්න.මේ දවස්වල උණු උණුවෙම මුදල් හොයන එක් මාර්ගයක් තමයි අධ්‍යාපනය කියන්නේ.අතීත කාලයේ නම් යම් කෙනෙක් හොඳින් ඉගෙන ගතහොත් ඔහුට හෝ ඇයට හොඳ ‍රැකියාවක් හිමි කරගැනීමේ වරම් තිබෙනවා.දැන් කාලය ඊට වඩා යම් තාක් දුරකට වෙනස් විදිහක් තමයි අනුගමනය කරන්න,ගොඩක් දෙමාපියන් ඉහල ආදයම් ලබන උදවිය තමයි දැන් ඉන්නේ,ඔවුන්ට පුලුවන් තම දරුවන් යම් තාක් දුරකට යන තෙක් අධ්‍යාපන කටයුතු වලට සහය වෙන්න.ගොඩක් දෙමාපියන් ඉහල වැ‍ටුපක් ගත්තත් බහුතරයක් දෙමාපියන් අඩු ආදායම් ලාභීන්.ඔවුන්ගෙ ළමුන්ට පුද්ගලික පාසල්වල අධ්‍යාපනය ලැබීමේ වරම් නෑ,මොකද ලැබෙන වැ‍ටුප වේල් දෙකක් පිරිමසාගන්න්වත් බැරිතරම් සොච්චම් මුදලක් තමයි ඔවුන්ට හිමිවන්නේ,ඉතින් පුද්ගලික පාසල් ගැන කවර කතාද?ඔවුන්ට සිදුවන්නෙ රජයේ පාසල්වල අධ්‍යාපන කටයුතු සිදු කරන්නයි.රජයේ පාසල් හා පුද්ගලික පාසල් සාපේක්ෂව ගත් කල පුද්ගලික පාසල් රජයේ පාසල්වලට වඩා පිරිසිදුකම,අරමුණු ඇති කිරීම (සිසුන් තුළ) හා පහසුකම් (පරිගණක,විද්‍යාගාර ,ක්‍රීඩා පිටි) වැනි දේවල් අතින් පෙරමුණ ගන්නවා.රජයේ පාසල් වල කිසිදු දෙයක් පහසුකමක් නෑ,ගුරුවරු පාසලට නිතරම පැමිනෙන්නෙත් නෑ,හරියාකාරය ඉගැන්වීම් කටයුතු කරන්නෙත් නෑ,ඇතැම්විට විදුහල්පති පැමිනෙන්නෙත් නෑ.ළමුන් තුළ කිසිදු අපේක්ෂාවන් ඇති කිරීමට තරම්වත් ගුරුවරුන් සතුව ඉවසීමක් නෑ.සොච්චම් මුදලක් උපයන දෙමාපිය දරුවන් පුද්ගලික පාසල්වල ඉගෙනීම ට කැමැත්තක් තිබුනද ඔවුන්ට වරම් නෑ.ධනපති පාන්තික ජනයාගෙ දරුවන් විවිධ රටවල විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ හැම පහසුකමක්ව අත්විදිමින්. කිසිදු පහසුකමක් අත් නොවිදි මෙවන් දරුවන් මෙම පහසුකම් අත්විදීමට කවදා සිදුවේද යන්නට ඔවුන්වත් නොදනියි.රජයේ පාසල්වල ඇතැම් විට පහසුකම් තිබුනත් ඒවලින් වැඩක් ගැනීමේ හැකියාවක් නෑ.දුප්පත් දෙමාපියන්ගෙ දරුවන්ට රජයේ පාසලුත්,ධනවත් පන්තියේ අයගෙ දරුවන්ට පුද්ගලික පාසලුත් අත්වීදීමේ ක්‍රමයක් තමයි දැන් හැම රටකම පාහේ සිදුවෙන්නේ.සෑම දරුවෙකුටම එක සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි."ජෛහින්ද් 2"තමයි කතාව් අඩු ආදායම් ලාභී දුගී ජන දරුවන්ගෙ අධ්‍යාපනික ප්‍රශ්න වලට විසදුම් හොයන.

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් පාර්වතී කියන්නෙ දුගී පවුල් වටපිටාවකින් පැවත එන කුඩා දරුවෙක්.ඇයගෙ පියා කුලී වැඩ වල තමයි නිරත වෙන්නේ.ඇයට අවස්තාවක් හිමිවෙනවා හොඳ පාසලකට ඇතුලුවීමේ වරම් නගරයේ තිබෙන.නිකං පාසලකුත් නෙවෙයි කෙලින්ම පුද්ගලික පාසලක්,හැම පහසුකමක් අතින්ම සමෘද්ධිමත් පුද්ගලික පාසල්නේ.ඇයගේ දෙමාපියන් ගොඩක් සතු‍ටුවෙනවා මොකද අයදුම්පත් විශාල සංඛ්‍යාවකින් තමයි ඇය තේරී පත් වුනේ.දැන් තියෙන එකම ප්‍රශ්නය තමයි පාසලට ඇතුලු කරගැනීමේ මුදල්.එක්ලක්ෂ ගානක මුදලක් ගෙවන්න ඕන පාර්වතිව පාසලට ඇතුලු කරන්න.පලමුව
කොහොමින් හෝ යම් තාක් මුදලක් ගෙවා ගැනීමට සමත්වන පාර්වතිගේ දෙමාපියන් විදුහල්පති ලග වැඳ වැටී දවස් 15ක කාලයක් ඉල්ලා ගන්නවා ඉතුරු මුදල ගෙවන්නම් යැයි පවසමින්.ඊට අවනත වන විදුහල්පති පාර්වතීව පාසලට ඇතුලු කරගන්නවා.දවස් 15 නිමාවීමට ඇත්තේ තව දවස් 2කටත් අඩු කාලයක්.ඉතුරු මුදල් නොගෙව්වොත් පාර්වතිට සිදුවෙන්නෙ පාසලෙන් අයින් වීමට.හැම කෙනෙක්ගෙන්ම උදව් පතා ගියත් ඔහුට උදව් ලැබෙන්නේ නෑ,අන්තිමේ ඇයගේ පියා රහසින් ඔහුගේ එක් වකුගඩුවක් විකුණා දමනවා.මොකද ඔහුට එක් වකුගඩුවකින් වුනත් ජීවත් වෙන්න පුලුවන්,ඒත් ඔහුගේ දුවගෙ අධ්‍යාපනය නැති වුවහොත් ඇයට අනාගතයක් නැති බව ඔහු හොදාකාරවම දත් හෙයින්.දෙමාපිය ආදරේ ඔබට ඒ අවස්තාවෙන්ම ඔබට මැනවින් වැටහේවි.වකුගඩුව විකුණ ලබාගත් මුදල පාසල් ඇතුලුවීමේ ගාස්තු සදහා ප්‍රමානවත් වෙන්නේ නෑ.ඉතුරු මුදල ගෙවීමට පාර්වතීගෙ පියා විදුහල්පතිගෙන් සති දෙකක කාලයක් ඉල්ලුවත් විදුහල්පතිගෙන් පාර්වතීට හා ඇයගෙ දෙමව්පියන්ට අවමන් විදීමට සිදුවෙනවා.පසුව අවසානයේ පාර්වතීට සිදුවන්නෙ ගෙදර නවතින්න.ඔවුන් හට කිසි කෙනෙක් උදව් වීමට ඉදිරිපත් වෙන්නෙ නෑ,අන්තීමේ ඔවුන් ගන්නා විසදුම තමයි සියදිවි නසාගැනීම.ඔවුන්ගෙ ගමේම සිටින පරිගණක සේවා ඉංජිනේරුවරයෙකු වන අබිමන්යු (අර්ජුන්) මේ සිද්දියෙන් මහත් කම්පාවට පත්වෙනවා.ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරනවා මෙම දුගී අධ්‍යාපනික ප්‍රශ්නයට විසඳුම තමයි සෑම පුද්ගලික පාසලක්ම රජයේ පාසල් කල යුතු බව,මීට සිසුන්ගෙන් හා ජනතාවගෙන් සහය ලැබෙනවා. පුද්ගලික පාසල්වල ළමුන්ගෙ මුදල්වල සාක්කු පුරවගන්න පාසල් අයිතිකරුවන්ගෙ බඩට ගැසීමක් මෙම අදහස් දැක්වීමෙන් සිදුවෙන බව හොඳාකාරව දන්නා ඔවුන් නොකළ මිනිමැරීමේ චෝදනාවකට අබිමන්යුව හිරේට ඇදලා දානවා.එතනින් පසු ඔහුගෙ ජීවිතයට නොයෙක් ආකාරයේ අනතුරු එන්න පටන්ගන්නවා. අබිමන්යු මේ බාධක සියල්ල මැඩගෙන දුගී දෙමාපිය දරුවන්ගෙ අධ්‍යාපනික ගැටලුවට පිලිතුරු සොයාගනීද? කියලා දැනගන්න නම් ත්‍රාසය,හාස්‍ය,ක්‍ රියාදාම,ආදරය,දුක, වේදනාව එකට කැටි වූ "ජෛහින්ද් 2"නරඹන්න.

වර්ථමාන සමාජයට හොඳ පණිවිඩයක් මෙම චිත්‍රපටය මගින් ලබාදී තිබෙන අතර සුපුරුදු පරිද්දෙන්ම පරිවර්තනය හා පරිගණක අංකන දත්ත පිටපත සැකසූ කෙවින් සීඩී හවුස් ආයතනයට ස්තූතියි පුදකර සිටිනවා.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි




සිංහල උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles