Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Vallavanukku Pullum Aayudham (2014) සිංහල උපසි‍රැසි සමඟ

$
0
0
කොහොමද යාලුවනේ ඔන්න ඔයාලට වැඩි කාලයක් බලන් ඉන්න දුන්නේ නෑ. පට ගාල තව එකක් අරන් ආවා. මම දන්නවා මේකටනම් අපේ යාලුවන් සේරම හරිම ආස වෙයි කියලා. මොකද දමිල සිනමාවේ ඉන්න දැවැන්ත කොමඩි නලුවෙක් වන සන්තානම් රංගන දායකත්වය ලබා දෙන චිත්‍රපටියක් තමයි අරන් ආවේ මේකත් 2014 වර්ශයේ නිකුත් උන චිත්‍රපටියක්. පහු ගිය ෆිල්ම් ටික වගේම මේකෙත් අන්තර්ජාලයේ කිසිදු ආකාරයක සබ් එකක් නැති නිසා මේකෙත් ටයිම් ලයින් ටික මමම නිර්මාණය කලා. මහන්සි වෙලා කලාට පාඩුවක් නෑ යාලුවො මේකට එකෙන්ම කැමති වෙයි.මේකේ පිටපතක් නම් ඇවිත් මාස දෙක තුනක් වෙනවා. මිටත් වඩා හොද පිටපතක් එනකම් හිටියේ. සමහරුන්ටත් දැන් මේ ෆිල්ම් එකට සබ් දෙන්න මතක් වෙන්න පුලුවන්. හැබැයි පහු ගිය මාස ටිකේම මේ කොපිය නෙට් එකේ තිබ්බා කියලා මතක් කරන්න ඕන.

චිත්‍රපටය ගැන ටිකක් කියන්නම්කෝ මේක කොමඩි ගනයේ චිත්‍රපටියක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. එහෙම කිවුවට මේකෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා. චිත්‍රපටිය තිරගත වීම ආරම්භ වෙන්නේ 2014 මැයි මස 10 වන දින සිටයි. දැනට බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාව ඉන්දියානු රුපියල් කෝටි 36ක් වෙනවා. කලින් කිවුවනේ විකට නලුවෙක් මේකෙ රංගනයෙන් දායක වෙනවා කියලා එයා තමයි අපි කවුරුත් දන්න Santhanam මෙයත් එක්ක රග පාන නිලිය වෙන්නේ Ashna Zaveri යි. මේ අයගේ ලස්සන රංගනයක් මේක තුල ඔයාලට දකින්න පුළුවන්. චිත්‍රපටිය පුරාම ගලායන මිහිරි සංගීත රටායන් සහ ගීතයන් අප වෙත ලබා දෙන්න මහන්සි වෙලා තියෙනවා. Siddharth Vipin මහතා ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරන්නේ Srinath විසින් චිත්‍රපටිය රචනය කරලා තියෙන්නේ S. S. Rajamouli විසින් මෙයා ගැනනම් දමිල් චිත්‍රපටි බලන අය හොද හැටි දන්නවා ඇතිනේ. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා IMDB මීටරේ 5.0 කැරකිලා තියෙනවා. එහෙනම් මම මේකෙ කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ.

කතාවේ ආරම්බයේම පවුල් දෙකක මස්සිනාල ගහගෙන දෙන්නම මිය යන සීන් එකකින් පටන් ගන්නේ. මිය ගිය එක පවුලක කෙනෙක්ගේ අයියා මේක කරපු කෙනාගෙ පවුලේ සේරම අයව මරන්න හොයනවා. ඒ නිසා මියගිය කෙනාගෙ බිරිඳ තමන්ගේ දරුවත් අරන් ගමෙන් යනවා. මේකෙ නලුවා එහෙමත් නැත්නම් අපේ Santhanam රග පාන චරිතය වන්නේ ශක්තී කියලා චරිතයකට. මෙයා මැඩ්‍රාස් වල කඩ වලට වතුර කෑන් සපයන අයතනයක සේවකයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මෙයා ඒක කරන්නේ තමන්ගේ පාපැදියෙන්. ගොඩක් වෙලාවට මෙයාට වෙලාවට ඩිලිවරි දෙන්න බැරි වෙනවා. ඒ නිසා දවසක් ආයතනේ හිමිකරු එයාව එලවලා දානවා. පාපැදිය නැතිව බයික් එකක් අරන් පුළුවන් නම් වැඩට එනවා කියලා. එහෙම ගියාට ශක්තිට බයික් ගන්න තියා එයා උකස් තියලා තියෙන ෆෝන් එකවත් ගන්න බෑ.

හැමෝම මෙයාට නයක් දෙන්නත් බයයි මෙයට කාත් කවුරුවත් නැති නිසා දවසක් ශක්ති මේ ගැන දුකෙන් ඉන්න කොට ගෙදර ඉන්න එයාගෙ මාම මෙයාට උබටත් දේපල තියෙනවා කියලා ඔප්පුවක් පෙන්වනවා. ඒක දැක්ක ශක්ති ඒක විකුනලා බයික් එකක් ගන්න හිතනවා. හැබැයි ඒ ඉඩම එයාගෙ දෙමව්පියන්ගේ ගමේ තියෙන්නේ. එහෙ අය ශක්තිගේ පවුලේ සේරම අයව මරන්න බලන් ඉන්නේ. ඒකට හේතුව මුලින් වෙච්ච සිද්ධිය නිසයි. මාම නම් මෙයාට යන්න එපා කියනවා. ඒක අහන් නැතිව මෙයා දේපල විකුනන්න හිතන් ගමට යනවා. ඒ ගමනෙදි මෙයාට වානදී මුන ගැහෙනවා. දෙන්න හොද යාලුවන් වෙනවා. ඒත් එයා දන්නේ නෑ ඒ කෙල්ල තමන්ව මරන්න බලන් ඉන්න පවුලේ දුවෙක් කියලා. කොහොම හරි මෙයා ගමට නම් යනවා. ඒත්.........? මෙතනින් එහාට කියන්නේ නෑ. අරගෙනම බලන්න. මොකද කුතුහලයකුත් තියෙන්න ඕනෙනේ. එහෙනම් ඔයාල බලන්න ශක්තිට දේපල විකුනන්න පුළුවන් වෙයිද? වානදීගෙ යාලුකම ආදරයක් වෙයිද? මෙයාගෙ පරම්පරා හතුරන්ගෙන් මෙයාට කරදරයක් වෙයිද? නැත්නම් මෙයා ඒකෙන් බේරෙයිද කියලා. එහෙනම් මම යනවා හැමෝටම සුබ දවසක්.

වෙනදා වගේම මේකත් ආයේ පාරක් කියන්නම් අලුතින් නිර්මාණය කරපු ටයිම් ලයින් එකක් නිසා අපි විසින් ලබා දෙන ටොරන්ට් එකෙන් පමනක් චිත්‍රපටිය බාගත කරගන්න. වැඩි දවසක් නොගිහින් තවත් එකක් අරගෙන එන්නම් හොදේ. පුළුවන්නම් අදහසක් දාල යන්න යාලුවනේ.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles