ඔයාලා මේ දවස් වල ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අවසාන කොට අරගෙනයි අද මම ආවෙ, මේ කොටස අරගෙන එන්න මෙච්චර ප්‍රමාද වුන එක ගැන සමාවෙන්න ඕනෙ, තාරක අයියා මේ දවස් වල අසනීප වෙලා ඉන්න නිසා මට මේ කොටස කරන්න කියලා බාර දීලා ගොඩක් දවස් වෙනවා, ඔන්න අද තමයි ඒකට වෙලාවක් ආවෙ, එහෙනම් මේක තමයි දෙවෙනි කතාමාලාවෙ අවසාන කොටස, හැමදාමත් වගේ ක්‍රියාදාම වලින් නම් කිසිම අඩුවක් නෑ, අද කොටසෙදි වෙන්නෙ මොකද කියලා බැලුවොත්, ෆ්‍රෑන්ක් මාටින්ට දියමන්ති වගයක් බැංකුවකින් හොරකම් කරන කොන්ත්‍රාත් එකක් ලැබෙනවා, මේ කොන්ත්‍රාත් එක සාර්ථකව නිම කලාට පස්සෙ ෆ්‍රෑන්ක් මෙච්චර කාලයක් හොය හොයා හිටපු සාරා නයිට්ව අහම්බෙන් බාර් එකකදි මුනගැහෙනවා, පස්සෙ ෆ්‍රෑන්ක්ට දැනගන්න ලැබෙනවා සාරා මෙච්චර කල් කරලා තියෙන්නෙ ඩැසෑන් වෙනුවෙන් වැඩ කරපු එක කියලා, අන්තිම කොටසෙ කුතුහලය නැති කරන්න ඕනෙ නැති නිසා මම මීට වඩා කතාව නොකියා ඉන්නම්, කතාව අවසානයෙදි ෆ්‍රෑන්ක් සහ සාරා අතරේ තිබුන ලොකු රහසක් එලිවෙනවා වගේම, කතාවෙ ප්‍රධානම චරිතයකට සමුගන්න සිද්ද වෙයිද කියලා තුන්වෙනි කතාමාලාවෙන් දැනගන්න පුලුවන්, මොකද තුන්වෙනි කතාමාලවකටත් ආරම්භය ගන්න පුලුවන් විදියට තමයි මේ කතාමාලාව අවසන් වෙන්නේ, තුන්වෙනි කතාමාලාවත් ආව ගමන් මගේ සබ් ගුරු තාරක අයියගෙන් වෙඩි වගේ සබ් එක ලැබෙයි, එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.