Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Outcast (2014) සිංහල උපසි‍රැසි සමඟ

$
0
0
ටික දවසකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා, මුලින්ම අවුරුදු හතරක් සපුරපු කොයි කවුරුත් ආදරය කරන www.zoom.lk වෙබ් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනෙ, චිත්‍රපටය දිහාට හැරෙනවානම් මෙය තිරගතවීම ඇමරිකාවෙදි ආරම්භ කරලා තියෙන්නෙ 2014 සැප්තැම්බර් 22වෙනිදා වුනත් චීනයේනම් මේක තාම තිරගතවීම ආරම්භ කරලා නෑ, චීනයේ තිරගතවීම ආරම්භ කරන දිනය විදියට සදහන් වෙලා තියෙන්නේ 2015 ජනවාරි 16 වෙනිදා, Nick Powell විසින් අධ්‍යක්ශණය කරපු මෙහි රංගනය වෙනුවෙන් StolenFrozen ground වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන සුපිරි නළු Nicolas Cage රංගනයන් දායක වෙලා තියෙනවා, ඒවගේම Star wars වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Hayden Christensen රංගනයෙන් දායක වෙලා තියෙනවා, කතාව පැත්තට හැරෙනවානම් ජේකබ් කියන්නෙ කුරුස යුද්දෙදි මූලිකත්වය අරගෙන සටන් කරපු රණකාමියෙක්, ඔහුගෙ ගුරුවරයා තමයි ග්ලේන්, කුරුස යුද්දයේ බැග්ඩෑඩ් වල සිද්ද වෙන එක්තරා සිදුවීමක් නිසා ග්ලේන් ජේකබ්ව ඇතෑරලා දාලා යනවා, ඊට අවුරුදු ගානකට පස්සෙ ජේකබ් මතුවෙන්නෙ චීනයෙන් ඔහු කරන්නෙ කංසා පානය කර කර ඇවිදින එක, මේ වෙනකොට චීන රජයේ ලොකු පෙරලීයක් වෙලා තියෙනවා, චීන අධිරාජ්‍යා ඔහුගෙ ඇවෑමෙන් රාජ්‍ය පාළනය බාර දෙන්නේ ඔහුගේ අවුරුදු 14ක් වෙන ඔහුගේ බාල කුමාරයාට, අධිරාජ්‍යාගෙ වැඩිමල් කුමාරයා ශින්ග් දක්ශ රණශූරයෙක් ඔහු ඉන්නෙ අධිරාජ්‍යාගෙන් පස්සෙ රජකම ගන්න බලාගෙන, බාල කුමාරයාට රාජ්‍ය පවරපු තරහට ශින්ග් විසින් අධිරාජ්‍යාව ඝාතනය කරනවා, හැබැයි ශින්ට රජකම ගන්න ලැබෙන්නෙ නෑ, හේතුව තමයි රාජකීය මුද්‍රාව තියෙන්නේ බාල කුමාරයා ලඟ, බාල කුමාරයා එයගෙ අක්කාත් එක්ක ජෙනරාල්වරුන්ගේ සහය ගන්න පැනලා යන ගමන් ඉන්නකොට අහම්බෙන් ජේකබ්ව මුන ගැහෙනවා, හැබැයි බැග්ඩෑඩ් වල සිදුවීමට පස්සෙ ජේකබ් කැමැති වෙන්නෙ නෑ, බාල කුමාරයාට උදවු කරන්න, හැබැයි පස්සෙ ජේකබ් මේ දෙන්නට උදවු කරන්න තීරණයක් ගන්නවා, ඉතින් මීට වඩ කතාව ගැන කියන්න යන්නෙ නෑ, බාල කුමාරයාට රජකම ගන්න පුලුවන් වෙයිද?, ශින්ග්ට රාජකිය මුද්‍රාව ලබාගන්න පුලුවන් වෙයිද? ජේකබ්ට කොහොමද මේ දෙන්නට උදවු කරන්නේ? එතකොට ග්ලේන් කරන්නේ ඉන්නෙ කොහෙද? මොනවද කරන්නේ? මේ හැම එකකටම උත්තර මේක නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, ඒවගෙම කියන්න ඕනෙ මේක සුපිරිම ක්‍රියාදාම වලින් සපිරුන චිත්‍රපටයක් කියලා, උපසිරැසියෙ ලයින් ගානත් තිබ්බෙ බොහොම පොඩ්ඩක්, පටන් ගත්ත වෙලාවෙ ඉදන් මරාගැනිල්ලක් තමා තියෙන්නේ, කාලෙකට පස්සෙ රසවිදින්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක් විදියට මේක සහතික කරන්න පුලුවන්, එහෙනම් අනිවාර්යෙන්ම මේක රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
600MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles