Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Wild Card (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0



2015 වසරේ නිකුත් වුන තවමත් එතෙර සිනමා ශාලා වල තිරගත වන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න හදුනන Jason Statham විසින් තමයි නිරුපනය කරන්නේ.කතාවේ ඇක්ෂන් අඩු නැතුව තියනවා කියලා එහෙම නම් කියන්න උවමනා නැති වේවි නේ. කතාව ගැන කියනවා නම් නික් කියන්නේ ලාස් වේගස් නුවර පුද්ගලික ආරක්ෂක සේවාවක් සපයන කෙනෙක්. තේරෙන්න කිව්වොත් පෞද්ගලික ආරක්ෂකයෙක්. ඉතින් ඔහුට මේ පාර බාර වෙන පුද්ගලයාව ආරක්ෂා කරන්න ගිහින් පැටලෙන ගැටළුවක් තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේ පාර පැටලෙන්න වෙන්නේ ලාස්වේගාස් වල ඉන්න පතාලේ කණ්ඩායමක් එක්ක. කොහොම හරි මේ රාජ කාරි කරන අතර තමන්ගේ පෞද්ගලික මිතුරියකටත් වෙන කරදරයකට මොහු මැදිහත් වෙනවා. කොහෙන් බැලුවාත් කරදරම තමයි. කොහොම හරි මේ සේරම එක්ක හැප්පෙන නික්ගේ කතන්දරය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ චිත්‍රපටියට මේ තියන නම වගේම ජෝකර් කියලා තවත් නමකින් නිකුත් වෙලා තියනවා. එකත් මේ චිත්‍රපටියම තමයි. එහෙමනම් අරගෙන බලන්න Jason Statham ගේ නවතම චිත්‍රපටිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ හා ධනුෂ්ක ලක්මාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles