Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Rurouni Kenshin: The Legend Ends (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


කොහොමද යාලුවනේ ඉතින්????...ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ ෆිල්ම් එකට උපසිරැසි කරන අදහස මට ආවේ මේ ෆිල්ම් සෙට් ඒකෙ මුල් චිත්‍රපට 2ක නැරබුවට පස්සේ තමා. මේ චිත්‍රපටි පෙලේ දෙවැනි චිත්‍රපටය වන Rurouni Kenshin: Kyoto Inferno 2014චිත්‍රපටයට video Sri Lanka Team එක උපසිරැසි දීලා තියනවා.දෙවෙනි කතාවයි තුන්වෙනි කතාවයි එකිනෙකට සම්බන්දයි. 2වෙනි කථාව නොබලපු අය බලල හිටියනං ගොඩක් හොඳයි. මෙම චිත්‍රපටිය IMDB අගය 7.8 ක් අරගෙන තියනවා. ජපන් කඩු හරබයන්ගේ විස්මයන් බලාගන්න පුළුවන් චිත්‍රපටයක් තමා මේක.

අපි කථාව පැත්තට හැරෙමු. දෙවෙනි කථාව ඉවර වුන තැන ඉදල තමා මෙම කථාව පටන් ගන්නේ. මෙහි ප්‍රධාන චරිතය වෙන හිමුරා නොහොත් බාතෝසායි සිහි නැති වෙලා ඉදලා අවදි වෙන තැනින් තමා ආරම්භ වෙන්නේ. දෙවෙනි කතාවේ ශිෂිඕ නමැති ඝාතකයා රට යටත් කරගන්න කරන කැරැල්ලේ ඉතිරි කොටස මෙම කතාවෙන් පෙන්නනවා. ශිෂිඕට අමතරව ඔහුට හමුවන සතුරන් කවුද????...ඔහුගේ ජීවිතයට වැදගත්ම කියලා හිතෙන කෙනා ජීවතුන් අතරද????...මොහුගේ යහළුවන්ට කුමක් සිදු වි ඇත්ද????... ශිෂිඕ කැරැල්ල දිනාවිද???? මේවා විසදගන්න පුළුවන් ඔබට සටන් ජවනිකා රැසක්ද නරඹමින්. තවත් කිව්වොත් වැඩක් නැනේ.. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු එහෙම තිබ්බොත් පෙන්වල දෙන්නකෝ.
තවත් සුපිරිම චිත්‍රපටයක් එක්ක හමුවෙමු....සුභ දවසක්....



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඉසුරුජිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles