Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

These Final Hours (2013) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ලෝකයේ අවසන් පැය කිහිපය අරගෙනයි මම ආවේ. මේ චිත්‍රපයට අයිති වෙන්නේ Drama | Thriller ගණයට. මම අර වෙනස් කියලා හිතන වර්ගයට තමයි මේකත් අයිති වෙන්නේ. හැබැයි මේකේ තියෙන ඇතැම් දර්ශන නිසා අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කරනවා.

ලෝකය විනාශ වෙන්න තව පැය 10ක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් ලෝකයේ අවසානය නිසා මිනිස්සු නොකරන්නේ මොනවද..කරන්නේ මොනවද...ඒ හැමදෙයක්ම මේ චිත්‍රපටය තුළදී බලාගන්න පුළුවන්. සමහර අය බංකර හදාගෙන ඉන්නවා. සමහර අය සියදිවි නසාගන්නවා. සමහර අය අද ජොලි වෙලා හෙට මැරුණත් කමක් නෑ විනෝද වෙනවා. ජේම්ස් කියන්නෙත් මේ ලෝක විනාශය නිසා හිත අවුල් වුණු කෙනෙක්. ජේම්ස් නිදැල්ලේ යනකොට තමන්ගේ තාත්තාව මඟහැරී අතරමන් වුණු පුංචි ගැහැණු ළමයෙක්ව හමුවෙනවා. ඉතින් බොහෝ දෙනෙක් තව අවසානය දැක දැක විනෝද වෙද්දී ජේම්ස් මේ ගැහැණු ළමයාට පිහිට වෙන්න ඉදිරිපත් වෙනවා. ඉතින් අවසානයේදී ගැහැණු ළමයාගේ පියාව හොයාගන්න පුළුවන් වේවිද? මේ දෙදෙනාට ලෝක විනාශයෙන් ගැලවෙන්න පුළුවන් වේවිද? කියලා චිත්‍රපටිය නරඹලාම බලාගන්න. ඒ වගේම නැවතත් මෙය අතිශයින්ම වැඩිහිටියන්ම පමණක් සුදුසු බව මතක් කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles